සීමාසහිත ලිබර්ටි ප්‍රකාශන පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස 'තමිලන්' පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාමස්වාමි සිවරාජ් (Sivarajah Ramasamy ; Chief editor - Thamilan) පත්කර ඇත.
එම්. ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත්කළ සුප්‍රකට ''දවස'' පුවත්පත් සමූහයේ දමිල මාධ්‍ය පුවත්පත වූ ''දිනපති''පුවත්පතේ කර්තෘවරයා ගුණසේන සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරීමෙන් අනතුරුව එවැනි තනතුරකට පත් වූ ප්‍රථම කර්තෘවරයා වන්නේ රාමස්වාමි සිවරාජ්ය.
1995 දී පුහුණු වාර්තාකරුවකු ලෙස ''වීරකේසරී'' පුවත්පතට සම්බන්ධ වූ රාමස්වාමි සිවරාජ්, පසුව ''MTV'' හී නිෂ්පාදකවරයකු ලෙසද පසුව ''තිනකුරල්'' පුවත්පතේ උපකර්තෘවරයකු වශයෙන්ද සේවය කර තිබේ.
2009 වර්ශයේදී සුප්‍රකට ''උදයන්'' පුවත්පත් සමූහයේ 'සුඩරෝලි' පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත් වූ සිවරාජ්, 2017දී ලිබර්ටි ප්‍රකාශන ආයතනට එක්විය.




