The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සෙබළියකට අතවර කිරීමේ චෝදනාවට නාවික සෙබලා රිමාන්ඩ්

T

The Leader Desk

October 3, 2025 • 4:07 PM

සෙබළියකට අතවර කිරීමේ චෝදනාවට නාවික සෙබලා රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බන්ධනාගාර ගත කිරීමට උතුරේ අධිකරණයක් නියෝග කර තිබේ.
  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ චෝදනාවට ලක්ව සිටින පුංගුඩුතිව් නාවික හමුදා කදවුරේ සේවයේ නියුතු නාවික භටයා ඔක්තෝබර් 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් ඔක්තෝබර් 2 වැනි බ්‍රහස්පතින්දා නියෝග කළ බවයි.
  • පුංගුඩුතිව් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර කඳවුරේ භටයකු 2025 සැප්තැම්බර් 25 වැනිදා තමන්ට ලිංගික හිරිහැර කළ බවට එම කදවුරේ සෙබළියක කළ පැමිණිල්ලක් මත විමර්ශන සදහා ඔවුන් දෙදෙනා එදිනම කන්කසන්තුරේ පිහිටි නාවික හමුදා කඳවුර යොමු කර තිබේ.
  • එම කදවුරේ පිහිටි රෝහලේදී සෙබළිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර, වැඩිදුර විමර්ශන සදහා චෝදනාවට ලක්ව සිටින නාවික භටයා සහ වින්දිත සෙබළිය කන්කසන්තුරේ පොලීසිය වෙත බාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇති බවයි පළාත් බද මාධ්‍යවේදීන් වැඩි දුරටත් පවසන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බන්ධනාගාර ගත කිරීමට උතුරේ අධිකරණයක් නියෝග කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ චෝදනාවට ලක්ව සිටින පුංගුඩුතිව් නාවික හමුදා කදවුරේ සේවයේ නියුතු නාවික භටයා ඔක්තෝබර් 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් ඔක්තෝබර් 2 වැනි බ්‍රහස්පතින්දා නියෝග කළ බවයි.

පුංගුඩුතිව් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර කඳවුරේ භටයකු 2025 සැප්තැම්බර් 25 වැනිදා තමන්ට ලිංගික හිරිහැර කළ බවට එම කදවුරේ සෙබළියක කළ පැමිණිල්ලක් මත විමර්ශන සදහා ඔවුන් දෙදෙනා එදිනම කන්කසන්තුරේ පිහිටි නාවික හමුදා කඳවුර යොමු කර තිබේ.

එම කදවුරේ පිහිටි රෝහලේදී සෙබළිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර, වැඩිදුර විමර්ශන සදහා චෝදනාවට ලක්ව සිටින නාවික භටයා සහ වින්දිත සෙබළිය කන්කසන්තුරේ පොලීසිය වෙත බාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇති බවයි පළාත් බද මාධ්‍යවේදීන් වැඩි දුරටත් පවසන්නේ.

වින්දිත සෙබළිය කන්කසන්තුරේ පොලීසිය විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඇති අතර ඇය ලිංගික හිංසනයකට ලක්ව ඇති බව  එම වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අදාල වෛද්‍ය වාර්තා ද සහිතව චෝදනාවට ලක්ව සිටිනා නාවික භටයා සහ වින්දිත සෙබලිය කයිට්ස් පොලිස්ථානයට බාර දීමට කන්කසන්තුරේ පොලීසිය ක්‍රියා කළ බවයි.

පොලීසිය කයිට් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරමින් ඔක්තෝබර් 02 වැනිදා චෝදනාවට ලක්ව සිටින නාවික භටයා සහ වින්දිත සෙබළිය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වින්දිත සෙබළිය මුදා හැරීමට නියෝග කළ කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් චෝදනාවට ලක්ව සිටින නාවික සෙබළා ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...