The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

විශ්‍රාමිකයන් පන්දම් අරන් පාරට බැසීමේ තීරණයක

T

The Leader Desk

October 3, 2025 • 5:14 PM

 විශ්‍රාමිකයන් පන්දම් අරන් පාරට බැසීමේ තීරණයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දල්වා නිහඬව අප්‍රසාදය පළ කරන බව 20-24 විශ්‍රාමික එකමුතුව පවසයි.
  • විශ්‍රාමිකයන් 2025 අය-වැයෙන් වැටුප් විෂමතාවකට මුහුණ දී ඇතැයි කී සංගමයේ සභාපති මාලික විමලසූරිය, 2026 අය-වැයෙන් එය නිවැරැදි කරන ලෙසට බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇතැයි සඳහන් කළේය.
  • බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට ඇල්විටිගල මාවත ආසන්නයේදී ලබන 08 වැනිදා පස්වරු 4.00 සිට 7.00 දක්වා පන්දම් දල්වාගෙන උද්ඝෝෂණයේ යෙදෙන බව ද සභාපතිවරයා කීවේය.
  • මෙම විරෝධතාවට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල 20-24 කාලයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවන් සහභාගී වන බවද හෙතෙම ප්‍රකාශ කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

දල්වා නිහඬව අප්‍රසාදය පළ කරන බව 20-24 විශ්‍රාමික එකමුතුව පවසයි.

2020-2024 විශ්‍රාමිකයන් 2025 අය-වැයෙන් වැටුප් විෂමතාවකට මුහුණ දී ඇතැයි කී සංගමයේ සභාපති මාලික විමලසූරිය,  2026 අය-වැයෙන් එය නිවැරැදි කරන ලෙසට බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇතැයි සඳහන් කළේය.


බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට ඇල්විටිගල මාවත ආසන්නයේදී ලබන 08 වැනිදා පස්වරු 4.00 සිට 7.00 දක්වා පන්දම් දල්වාගෙන උද්ඝෝෂණයේ යෙදෙන බව ද සභාපතිවරයා කීවේය.


මෙම විරෝධතාවට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල 20-24 කාලයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවන් සහභාගී වන බවද හෙතෙම ප්‍රකාශ කළේ ය.

2026 අය-වැය යෝජනා සකස් කරමින් පවතින මේ මොහොතේ ආණ්ඩුව විශ්‍රාමික ප්‍රශ්නය පිළිබඳව නෑසූ කන්ව සිටින බවත්, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ඇස් අරවා ගැනීමට විශ්‍රාමික දිනය පන්දම් විරෝධයකින් සැමරීමට තීරණය කළ බවත් ඔහු කීවේය.

20-24 විශ්‍රාමිකයන් අතිශය දුෂ්කර කාලයක භාණ්ඩ හා සේවා මිල ඉහළ යද්දී උද්ධමනයට සරිලන සේ මූලික වැටුපේ වැඩි වීමක් නොමැතිව සේවය කර, කාලයට නොගැළපෙන විශ්‍රාම වැටුපක් සහිතව රාජ්‍ය සේවයට සමුදුන් කණ්ඩායමක් බවද මාලික විමලසූරිය පැවසීය.

2025 අය-වැය මඟින් රාජ්‍ය සේවයේ මූලික වැටුප සියයට 70-80 අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමෙන් 20-24 කණ්ඩායමට අඩු මූලික වැටුපක් යටතේ විශ්‍රාම යෑමට සිදුවූ බවද සභාපතිවරයා කීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළද සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැතැයි කී හෙතෙම මැයි 02 සහ සැප්තැම්බර් 02 දිනවල පැවැත් වූ උද්ඝෝෂණවලදී ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබාදුන් පොරොන්දු නිර්දය ලෙස කඩකර ඇතැයි ප්‍රකාශ කළේය.

(mawbima | Amith Maduranga Gamage)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...