ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක දී ය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වීරසුරිය පැවසුවේ වගකිව යුතු වෘත්තිය සමිතියක් ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA ) වෘත්තීය ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ වන්නේ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට නොහැකි වු අවස්ථාවේ දී බවයි.
තම වෘත්තිය සමිතිය සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරින් සමග මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුව ද ඔවුන් කටයුතු කරන්නේ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් බැවින් තම වෘත්තිය සමිතිය දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නට තීරණය කර ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.




