The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මහින්දගේ වෙඩි නොවදින රථයත් බාරදෙයි

T

The Leader Desk

October 4, 2025 • 4:23 AM

මහින්දගේ වෙඩි නොවදින රථයත් බාරදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පාවිච්චියට මේ වනවිට එකම වාහනයක් හෝ නොමැති බව ඔහු සඳහන් කළේය.
  • එසේම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳගේ විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද අහිමිවී ගොස් ඇත.
  • හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහු පදිංචිව සිටි කොළඹ විජේරාම මාවතේ රජයේ නිල නිවසින් පසුගිය 11 වැනිදා තංගල්ලේ කාල්ටන් නිවෙසට පිටව ගියද මේ දක්වා එම නිල නිවාස නිත්‍යානුකුලව බාරදී නොමැත.
  • රාජ්‍ය දේපොළක් භාරදෙන විට ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබෙන බවත් එම ක්‍රමවේදයට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් නිසි ප්‍රතිචාර නොදැක්වීම මත නිල නිවෙස භාරදීම ප්‍රමාදයට හේතු වී ඇතැයිද හෙතෙම පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පාවිච්චියට මේ වනවිට එකම වාහනයක් හෝ නොමැති බව ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරිණ. මේ අනුව හිටපු ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලුම පහසුකම් අහිමි වී ගියේය.

එසේම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳගේ විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් සියලුම පහසුකම්ද අහිමිවී  ගොස් ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහු පදිංචිව සිටි කොළඹ  විජේරාම මාවතේ රජයේ නිල නිවසින් පසුගිය 11 වැනිදා තංගල්ලේ කාල්ටන් නිවෙසට පිටව ගියද මේ දක්වා එම නිල නිවාස නිත්‍යානුකුලව බාරදී නොමැත.

‘විජේරාම නිල නිවෙස භාර දීම ප්‍රමාද වන්නේ රාජ්‍ය ආයතනවල වැරැද්දෙන්’

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටි විජේරාම නිල නිවෙස භාරදීම ප්‍රමාද වී ඇත්තේ අදාළ රාජ්‍ය ආයතනවල තිබෙන ප්‍රමාදයකින් මිස තම ප්‍රමාදයෙන් නොවන බව යි.

රාජ්‍ය දේපොළක් භාරදෙන විට ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබෙන බවත් එම ක්‍රමවේදයට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් නිසි ප්‍රතිචාර නොදැක්වීම මත නිල නිවෙස භාරදීම ප්‍රමාදයට හේතු වී ඇතැයිද හෙතෙම පැවසීය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙතෙක් නිල නිවෙස භාරදී නැති බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන ලද ජනතාව නොමඟ යවන ආකාරයේ ප්‍රකාශය සම්පූර්ණයෙන් සත්‍ය වසන් කරන ලද ප්‍රකාශයක් බවත් 2025.09.24 දාතමින් ජනාධිපති ලේකම්වරයා විසින් මෙම නිල නිවස විධිමත් අයුරින් භාරදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ලිඛිතව අප වෙත දන්වා එවා ඇති බවත් කීය.

කරුණු නොදැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාව නොමඟ යවන ප්‍රකාශ කිරීම වහාම නතර කළ යුතු බවත් කීය.

ඒ අනුව, ඉතා පැහැදිලිවම මෙම නිල නිවෙස තුළ තිබෙන ජනාධිපති, අගමැති කාර්යාල හා වෙනත් රාජ්‍ය ආයතන සතු දේපොළක් තිබේ නම් ඒ දේපොළ ඔවුන්ගේ ඉන්වෙන්ට්‍රි ප්‍රකාරව නිරවුල් ලෙස භාරදිය යුතුව තිබෙන බවත් එසේ භාර ගැනීමෙන් පසු පෞද්ගලික බඩු භාණ්ඩ ඉවත් කරගෙන නිල නිවාස පරිශ්‍රය භාර දීමට සූදානමින් සිටින බවත් සඳහන් කළේය.

අවස්ථා කිහිපයකදී එකී ආයතනවලට අයත් දේපොළ තිබේ නම් පැමිණ ඉන්වෙන්ට්‍රි ප්‍රකාරව නිවැරැදිව පරීක්ෂා කර බලා එම ආයතනවලට අයත් බඩු බාහිරාදිය වෙන් කර ගැනීමට කටයුතු කරන ලෙස දන්වා ඇති බවත් පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිසක් ඊයේ උදේ පැමිණ නිල නිවසේ සවි කිරීම්වලට අදාළ ඉන්වෙන්ට්‍රි පරීක්ෂා කිරීම හැර වෙනත් රාජ්‍ය ආයතනයකින් පැමිණ ඔවුන්ගේ ඉන්වෙන්ට්‍රි ප්‍රකාරව භාණඩ පරීක්ෂා කිරීමක් සිදු කර නැති බවත් පැවැසූ නීතිඥ මනෝජ් ගමගේ, හැකි ඉක්මණින් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කර එම නිල නි‍වෙසේ තිබෙන රජයට අයත් භාණ්ඩ නිසියාකාරව ලැයිස්‍තුගත කිරීමක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට ඊයේ දිනයේත් දැන්වීමට කටයුතු කළ බව පැවසීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...