The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කොළඹ සුපිරි පිහිනුම් තටාකයක ගිලී අට හැවිරිදි සිසු දරුවා රෝහලේ

T

The Leader Desk

October 4, 2025 • 3:49 PM

කොළඹ සුපිරි පිහිනුම් තටාකයක ගිලී අට හැවිරිදි සිසු දරුවා රෝහලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ගනිද්දී, දරුවා අනතුරට ලක්වීමේ වරද දෙමාපියන් කරමත පැටවීමට පිහිනුම් සමාජය ගන්නා උත්සාහය දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
  • සැප්තැම්බර් මස 28 වැනි දින සිදුවී ඇති මෙම අනතුර සම්බන්ධයෙන් සිය සාමාජිකයන් සහ පවුල් වල උදවියට නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිනුම් සමාජය සඳහන් කර ඇත්තේ, ජීවිතාරක්ෂක නිලධාරියා දිගින් දිගටම ලබා දුන් උපදෙස් සහ සමාජයේ නීති නොපිළිපැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
  • කොළඹ පිහිනුම් සමාජයේ මෙම නිවේදනය, අතිශය නින්දිත, සාවද්‍ය හා අසත්‍යයන්ගෙන් ගහන ප්‍රකාශනයක් ලෙසට හෙලා දකින සමාජ මාධ්‍ය ක්‍රියාකාරික රෙහාන් ජයවික්‍රම, එය තහවුරු කිරීම සඳහා සිය X ගිනුමේ කරුණු දක්වා ඇත.
  • එහිදි ඔහු පෙන්වා දෙන්නේ, එක් ජීවිතාරක්ෂක නිලධාරියකු දරුවන් කිහිප දෙනකු නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන පදනම මත, කොළඹ පිහිනුම් සමාජයේ පෙර පැවති කළමනාකාර කමිටු එවැනි උත්සව පැවැත්වීම නතර කර තිබුනද, එය නොසළකා හරිමින් වත්මන් පරිපාලනය විසින් එයට ඉඩ දී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ගනිද්දී, දරුවා අනතුරට ලක්වීමේ වරද දෙමාපියන් කරමත පැටවීමට පිහිනුම් සමාජය ගන්නා උත්සාහය දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

මොරටුව සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගනුම ලබන වයස අවුරුදු 8 ක් වන දරුවා අනතුරට ලක්වීම කොළඹ පිහිනුම් සමාජයේ (Colombo Swimming Club) නොසැලකිලිමත්භාවය හේතුවෙන් සිදුවූවක් බවට, වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රෙහාන් ජයවික්‍රම සිය X ගිනුමේ සටහනක් තබමින් චෝදනා කර ඇත.

2025 සැප්තැම්බර් මස 28 වැනි  දින සිදුවී ඇති මෙම අනතුර සම්බන්ධයෙන් සිය සාමාජිකයන් සහ පවුල් වල උදවියට නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිනුම් සමාජය සඳහන් කර ඇත්තේ, ජීවිතාරක්ෂක නිලධාරියා දිගින් දිගටම ලබා දුන් උපදෙස් සහ සමාජයේ නීති නොපිළිපැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ජීවිතාරක්ෂක නිලධාරියකු යොදවා තිබුනද, එක් එක් දරුවෙකු වෙනුවෙන් අවධානය යොදන දෙමාපියකුගේ හෝ භාරකාරයකුගෙන් ලැබෙන ආරක්ෂාව ඉන් නොලැබෙන බව පෙන්වා දෙන මෙම නිවේදනය මඟින්, දෙමාපියන්ට සහ භාරකාරයන්ට පිහිනුම් තටාක අංගනය තුළ සිය දරුවන් සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු පිළිවෙත්ද සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

කොළඹ පිහිනුම් සමාජයේ මෙම නිවේදනය, අතිශය නින්දිත, සාවද්‍ය හා අසත්‍යයන්ගෙන් ගහන ප්‍රකාශනයක් ලෙසට හෙලා දකින සමාජ මාධ්‍ය ක්‍රියාකාරික රෙහාන් ජයවික්‍රම, එය තහවුරු කිරීම සඳහා සිය X ගිනුමේ කරුණු දක්වා ඇත.

jhoiljhdlmjljode
එහිදි  ඔහු පෙන්වා දෙන්නේ, එක් ජීවිතාරක්ෂක නිලධාරියකු  දරුවන් කිහිප දෙනකු නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන පදනම මත, කොළඹ පිහිනුම් සමාජයේ පෙර පැවති කළමනාකාර කමිටු එවැනි උත්සව පැවැත්වීම නතර කර තිබුනද, එය නොසළකා හරිමින් වත්මන් පරිපාලනය විසින් එයට ඉඩ දී ඇති බවයි.  

එසේම මෙම සාදයට ඉඩ දුන් කොළඹ පිහිනුම් සමාජය විසින්, දෙමාපියන්ට කිසි විටෙකත් තම දරුවන් තටාකයෙන් පිටතට ගෙන යන ලෙස පවසා නැති බව පෙන්වා දෙන ඔහු, අට හැවිරිදි දරුවකුට මෙවැනි දියකෙළි සාදයක් (pool party) පැවැත්වීමට ඉඩ දුන්නේ ඇයි දැයි ද යන්නත් ප්‍රශ්න කරයි.

එසේම මෙම සිදුවීම සිදු වූ තීරණාත්මක මොහොතේදී ජීවිතාරක්ෂක නිලධාරියා එම ස්ථානයේ නොසිටි බව දෙමාපියන්ගේ පොලිස් ප්‍රකාශ සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි වන බව පෙන්වා දෙන හිටපු නගරාධිපතිවරයා, එහිදී ජීවිතාරක්ෂක නිලධාරියා විසින් සිය නිදහසට කරුණු ලෙස ප්‍රකාශ කර ඇත්තේ, තමන් ‘තුවා කිහිපයක් ගැනීමට ගිය’ බව යැයි අවධාරණය කරයි.

දරුවා අනතුරට ලක් වු මොහෙතේ  ප්‍රථමාධාර ලබා දීම සිදුකර ඇත්තේද පිහිනුම් සමාජයේ කාර්ය මණ්ඩලය විසින් නොව, සාදයට සහභාගිව සිටි වෛද්‍යවරයකු විසිනි. නියමිත වේලාවට ගිලන් රථයක් ගෙන්වා ගැනීම සඳහා ඇමතීමට ද පිහිනුම් සමාජය අපොහොසත් ව ඇති අතර, ඒ නිසා එක් දෙමව්පියකුට කොල්ලුපිටිය පොලිස් ස්ථානයට දිව යාමට සිදුව ඇති බව ඔහු තව දුරටත් පෙන්වා දී තිබේ.


මේ සිදුවීම සම්බන්ධ සීසීටීවී දර්ශන දැකීමට ඉඩ සළසන ලෙස දෙමව්පියන් ඉල්ලා සිටියද, කොළඹ පිහිනුම් සමාජය පවසා ඇත්තේ වාහන නැවැත්වීමට වෙන් කර ඇති සීමාවේ සවි කර ඇති කැමරා අක්‍රීය තත්වයේ පවතින බවත්, "සාමාජිකයින් විසින් සිදු කරන ලද පෞද්ගලිකත්වය සම්බන්ධ පැමිණිලි නිසා" පිහිනුම් තටාක අද්දර තිබූ කැමරා ඉවත් කර ඇති බවත්ය.


මෙහිදී  රෙහාන් ජයවික්‍රම හිටපු නාගරාධිපතිවරයා වැඩිදුරටත් චෝදනා කරන්නේ, පිහිනුම් සමාජය විසින් මෙම අනතුරට ලක් වූ ළමයා රෝහලට ගෙන යාමට හෝ කටයුතු කර නැති බවයි. එම දරුවා රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ව්‍යායාම් ශාලාවේ සිටි අයකු විසිනි.

එසේම කොළඹ පිහිනුම් සමාජය, එක් වරක්වත්, මෙම දරුවාගේ තත්වය පරීක්ෂා කිරීමට දෙමාපියන් අමතා නැති බව පවසන ඔහු, මෙම දරුවා ඇතුලත් කළ රෝහල මිනිත්තු පහකින් පමණ ලඟාවිය හැකි තරම් දුරක පිහිටා තිබුනද, දරුවා පිළිබඳ සොයා බැලීමට ඇමතුමක් ගැනීමට තරම්වත් ‘මූලික විනීතභාවයක්වත් කොළඔ පිහිනුම් සමාජයට නොතිබුණ’ බවට චෝදනා කරයි.

තවමත් පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින දරුවා සුවය ලැබූ පසු, ඔහුගේ දෙමාපියන් විසින් කොළඹ පිහිනුම් සමාජයට එරෙහිව නඩු පවරනු ඇති බවට අනතුරට ලක්වු සිසුවා අධ්‍යාපනය ලබන මොරටුව සාන්ත තෝමස් විද්‍යාලයේම ආදි ශිෂ්‍ය රෙහාන් ජයවික්‍රම අනතුරු අඟවා ඇත.

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොළඹ සුපිරි පිහිනුම් තටාකයක ගිලී අට හැවිරිදි සිසු දරුවා රෝහලේ | The Leader