The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටම ඉහළට

T

The Leader Desk

October 5, 2025 • 3:36 AM

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටම ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම දිගුකාලීන සහ කෙටිකාලීන දේශීය ණය ශ්‍රේණිගත කිරීම CCC+/C මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
  • මේ අතර ෆිච් රේටින්ස් ආයතනයද විදේශ මුදල්වලින් මෙරටට නිකුත් කරන ලද දිගුකාලීන ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ වූ ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.
  • එලෙස ආයෝජකයින්ගේ විශ්වාසය ශක්තිමත්වීම හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට පසුගියදා (3) 22,000 සීමාව ඉක්මවා ගියේය.
  • ආර්ථික වර්ධනයට තවත් ප්‍රතිසංස්කරණ ඕනෑ - ධනනාත් ප්‍රනාන්දු මේ අතර ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසන්නේ, දැනට රටේ ආර්ථිකය ස්ථාවරව පැවැතියද යහපත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් තවත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන්ම දිගුකාලීන සහ කෙටිකාලීන දේශීය ණය ශ්‍රේණිගත කිරීම CCC+/C මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එම නිවේදනය මගින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව පිළිබඳ මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා රටේ ශක්තිමත් ආර්ථික ප්‍රකෘතිය, වේගවත් මූල්‍ය ඒකාබද්ධතාවය සහ ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු වන ගෙවුම් ශේෂ තත්ත්වය සහ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් මූල්‍ය අවදානම් අඩුකිරීමේ තිරසාර ප්‍රගතිය යන කරුණු සැලකිල්ලට ගත් බවය.

 

මේ අතර ෆිච් රේටින්ස් ආයතනයද විදේශ මුදල්වලින් මෙරටට නිකුත් කරන ලද දිගුකාලීන ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ වූ ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව 2024 දී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළ ද, රජයේ සාමාන්‍ය ණයබරතාවය ඉහළයාම සහ ඉහළ පොලී-ආදායම් අනුපාතය හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම පැවති CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට හේතු වූ බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන පළකරන ධනාත්මක ප්‍රතිචාර සහ ශ්‍රේණිගත කිරිම් හමුවේ දේශිය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ ගොස් තිබේ.

එලෙස ආයෝජකයින්ගේ විශ්වාසය ශක්තිමත්වීම හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට පසුගියදා (3) 22,000 සීමාව ඉක්මවා ගියේය.

ආර්ථික වර්ධනයට තවත් ප්‍රතිසංස්කරණ ඕනෑ - ධනනාත් ප්‍රනාන්දු

මේ අතර ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසන්නේ, දැනට රටේ ආර්ථිකය ස්ථාවරව පැවැතියද යහපත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් තවත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.

ඔහු මේ බව කියා සිටියේ 'ෆිච් රේටින්ග්ස්' ආයතනය මෙරට ණය ශ්‍රේණිගත කිරීම ''ත්‍රිපල් සී ප්ලස්'' (CCC+/C) ලෙස යළි තහවුරු කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

මෙම මට්ටමේ සිට අන්තර්ජාතිකව මුල්‍ය වෙළඳපොළකින් ණය ලබාගැනීමේදී ඉහළ පොලී අනුපාතයක් ගෙවීමට සිදුවන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සදහන් කළේය.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...