The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කුමන බාධක ආවත් 'පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති' අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා - ආණ්ඩුව දැඩි ස්ථාවරයක

T

The Leader Desk

October 5, 2025 • 7:39 AM

කුමන බාධක ආවත් 'පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති' අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා - ආණ්ඩුව දැඩි ස්ථාවරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ව්‍යපෘති නිසා ජනතාවට මතුවන ගැටළු මානුෂිකව සළකා බලා ඒවා විසදන්නත් ගත හැකි සියළු පියවර ගන්නවා.
  • පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ජාතික අවශ්‍යතාවයක් සහ ජාතික වැඩපිළිවෙලේ කොටසක් බව හැමෝම වටහා ගත යුතු යැයි” බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ගාල්ල හියාර ප්‍රදේශයේ ඉදිකරන කරන ලද මෙගාවොට් 5ක සූර්යබලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (04) එක් වෙමිනි.
  • විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සහතික කරන එක රජයේ ප්‍රතිපත්තිය බවට පත්කරගත්ත රජයක් මේ තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ව්‍යපෘති නිසා ජනතාවට මතුවන ගැටළු මානුෂිකව සළකා බලා ඒවා විසදන්නත් ගත හැකි සියළු පියවර ගන්නවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ජාතික අවශ්‍යතාවයක් සහ ජාතික වැඩපිළිවෙලේ කොටසක් බව හැමෝම වටහා ගත යුතු යැයි” බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ගාල්ල හියාර ප්‍රදේශයේ ඉදිකරන කරන ලද මෙගාවොට් 5ක සූර්යබලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ  (04) එක් වෙමිනි.

“ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩ පිළිවෙළත් ඒ වගේ තමයි. විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සහතික කරන එක රජයේ ප්‍රතිපත්තිය බවට පත්කරගත්ත රජයක් මේ තියෙන්නේ. සේවක අයිතිවාසිකම් වරප්‍රසාද රකිමින් හැකි සෑම විටම වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ජා කරමින් ඉතාම සද්භාවයෙන් හා වීවෘතව ඒ වැඩපිළිවෙල අපි දියත් කලා. රටේ බලශක්ති ක්ෂ්‍රේත්‍රයේ අරමුණු දිනාගන්න නම් ඔය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ වැඩපිළිවෙලත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා” යැයි ද ඇමතිවරයා පැවසීය.

මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන පෑන් ඒෂියන් පවර් පී.එල්.සී සමාගමට අනුබද්ධ PAP EGSS SOLAR PVT LTD මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යපෘතියේ ආරම්භක අවස්ථාවට සුනිත්‍යය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් හර්ෂ වික්‍රමසිංහ, අක්මීමන ප්‍රාදේශීය සභා සභාපති සුගත් ආනන්ද, ඒෂීයන් පවර් පී.එල්.සී සමාගමේ සභාපති ලක්ෂ්මන්ද සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

 

jay4575

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...