Associations වෙත, ශ්‍රී ලාංකික උපදේශකවරුන් 15 දෙනකු තෝරා ගැනිමට තීරණය කොට තිබේ.
ඒ අනුව මෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින ප්‍රවීන සහ ආධුනික පිරිස් අතරින් 15 දෙනෙකු තෝරා ගැනීම සිදු කෙරෙනු ඇත.
ඒ සඳහා විශේෂ වැඩමුළුවක් සහ පිරිස තෝරා ගැනීමේ ජාත්‍යන්තර සමුළුවක් නොවැම්බර් මස අවසානයේ මෙරටදී පැවැත්වීමට නියමිතය.
තෝරා ගන්නා පිරිස රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සිටීන අයෙකු වීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
ඊට අමතරව ඔවුන් විසින් පුහුණු ආයතනයක් පවත්වාගෙන යාම, වෘත්තීය වශයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයකට ආදාලව තම වෘත්තීය කටයුතු සිදු කිරීම කළ යුතුවේ.
K MASTER වැඩසටහන සමග එක්ව රූපලාවන්‍ය අධ්‍යාපනය ලබමින් දකුණු කොරියාව සමග සෘජුව සම්බන්ධ වීමට මේ තුළින් අවස්ථාව ලබා දේ.
කඩිසර මෙහෙයුම් කටයුතු කිරිමේ හැකියාව හා උපදේශකයකු ලෙස නායකත්ව හැසිරවීමේ හැකියාව තිබෙන 15 දෙනෙකු තෝරා ගන්නා අතර ඔවුන්ගේ දක්ෂතාවය ඉහළ නම් වයස් සීමාවක් නොමැතිව විදේශිය රටවල් සදහාද ශ්‍රි ලංකාව නියෝජනය කරමින් මෙම ක්ෂේත්‍රයෙන් ඉදිරියට ඒමට සහ විදේශීය විනිමය ඉපයීමට පවා අවස්ථාව උදාකර දීම සංවිධායක මණ්ඩලයේ අරමුණයි.
ලබන මස අවසානයේ කොළඹදි පැවැත්වීමට නියමිත K-BEAUTY FASHION SEMINAR/WORK SHOP සදහා සහාභාගි වීම හා එහි මෙහෙයුම් කටයුතු සදහා සහභාගීවීමට මෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් එළඹෙන නොවැම්බර් මාසයේදී උපදේශකයින් තෝරා ගන්නා අතර ඔවුන්ගේ අයදුම්පත් මෙම මස 30 වෙනිදාට පෙර පහත සඳහන් 0707-746746 හොට් ලයින් අංකයට වට්ස් ඇප් කරන ලෙස K MASTER සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටී.
(සටහන | ජේ.මුණසිංහ)





