The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

චෙම්මනි සමුහ මිනීවලේ ඉදිරි කැනීම් සදහා තවත් කෝටි දෙකකට ආසන්න මුදලක් ඉල්ලයි

T

The Leader Desk

October 7, 2025 • 4:22 AM

චෙම්මනි සමුහ මිනීවලේ ඉදිරි කැනීම් සදහා තවත් කෝටි දෙකකට ආසන්න මුදලක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සති අටක කාලයක් සදහා කැනීම් කටයුතු වෙනුවෙන් සකස් කළ මුදල් ඇස්තමේන්තුව 2025 සැප්තැම්බර් 18 වැනිදා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එම මුදල රුපියල් එක්කෝටි අසු ලක්ෂයකට ආසන්න මුදලකි.
  • යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 01 වැනි බදාදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගත් අතර අධිකරණ කටයුතු නිමා වීමෙන් පසුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කේ.
  • සුබාකර් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ ඉල්ලා සිටි මුදල් සදහා මේ දක්වා අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැති බවයි.
  • ළමා ලපටින්ගේ ද ඇතුළුව මිනිස් සිරුරු 240ක් මේ වන විට පාදාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ ඉදිරි කැනීම් කටයුතු සදහා ඉල්ලා සිටි මුදල් මේ දක්වා අනුමත නොවීමෙන් විමර්ශන ඇනහිට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


සති අටක කාලයක් සදහා කැනීම් කටයුතු වෙනුවෙන් සකස් කළ මුදල් ඇස්තමේන්තුව 2025 සැප්තැම්බර් 18 වැනිදා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එම මුදල රුපියල් එක්කෝටි අසු ලක්ෂයකට ආසන්න මුදලකි.

යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 01 වැනි බදාදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගත් අතර අධිකරණ කටයුතු නිමා වීමෙන් පසුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කේ. සුබාකර් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ ඉල්ලා සිටි මුදල් සදහා මේ දක්වා අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැති බවයි.

ළමා ලපටින්ගේ ද ඇතුළුව මිනිස් සිරුරු 240ක් මේ වන විට පාදාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ ඉදිරි කැනීම් කටයුතු සදහා ඉල්ලා සිටි මුදල් මේ දක්වා අනුමත නොවීමෙන් විමර්ශන ඇනහිට තිබේ.

ඉල්ලා සිටි මුදල සදහා අනුමැතිය ලැබී ඇත්දැයි යළි දැනගැනීමට හැකියාව ලැබෙන්නේ මීලග නඩු දිනය වන ඔක්තෝබර් 13 වැනිදායි.

චෙම්මනි සමූහ සුසානයේ විමර්ශනවලට බාධා නොකෙරෙන පරිදි අරමුදල් සම්පාදනය කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ආණ්ඩුවට නිර්දේශ කර තිබුනේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉල්ලීමෙන් දෙසතියක් ගතව යාමත් සමගය.

“ප්‍රමාදයකින් තොරව අරමුදල් සතු කරගැනීම තහවුරු කිරීම සඳහා අයවැය ඉල්ලීම්, අරමුදල් වෙන්කිරීම් සහ ගෙවීම් කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත්, චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනයට සම්බන්ධ අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් සමග සමීපව කටයුතු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කේන්ද්‍රීය නිලධාරියෙක් පත් කරන,” ලෙස කොමිසම වාර්තාවක් මගින් දන්වා තිබුණි. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන ලද්දේදැයි දැනගන්නට නැත.

මීට ඉහත අනුමත කරගත් මුදල් වලින් දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල්  නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගත් මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.

සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.

එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි එවක මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා  පොලිසියට නියෝග කළේය.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.

ශ්‍රී  ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...