ඔහු මෙම කරුණු විමසා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු දැක්වූ විපක්ෂ නායකවරයා...
අයි. එම්. එෆ් වැඩසටහන අවසන් වූ පසු ණය සේවාකරණයට රාජ්‍ය ආදායමෙන් තුනෙන් දෙකක්
ශ්‍රී ලාංකිකයන් හට බංකොලොත් වූ රටක අත්දැකීම් ලබන්න හේතු වූ සුවිශේෂී කරුණක් වන්නේ දුර්වල ණය කළමනාකරණය යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතව තිබිය දී රට බාරගත් වත්මන් ආණ්ඩුව එය සංවර්ධිත මාර්ගයකට හරවයි කියල ජනතාව අපේක්ෂා කළත් නව රජයට වසරක් ඉක්ම ගොස් ඇති මේ අවස්ථාවේ රටේ ඉදිරි සංවර්ධිත ඉලක්ක හා ඒ සම්බන්ධ වන ආර්ථිකයේ සූදානම දැන ගැනීමට අවශ්‍ය යි.
මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත සංචිත මුදල් ප්‍රමාණයත්, පසුගිය ගෙවුනු වසරේ සංචිතවල මාසික වෙනස්වීමේ ප්‍රමාණය දැන ගැනීමට අවශ්‍ය යි. 2028 වන විට ඩොලර් බිලියන 15ක සංචිත ඉලක්කයක් සපුරා ලන්නට රජය සැලසුම් කර ඇති නිසා මේ වන විට රටේ සමස්ත ණය ප්‍රමාණයත්, එය දේශීය හා විදේශීය වශයෙන් වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙසත් වත්මන් රජය ගත් ණය ප්‍රමාණයත් ඉදිරිපත් කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.
විදේශ ණය නම් ද්විපාර්ශ්වීය බහුපාර්ශ්වීය හා සෛරී බැදුම්කර ලෙස වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්න; මෙම වසර තුළ ණය වාරික සහ පොලී වශයෙන් සිදු කරන ලෙස ගෙවීම් ප්‍රමාණයත් එය ඉදිරි වසර 5 සඳහා වෙනස්වන ප්‍රමාණයත් වෙන වෙන්ව ඉදිරිපත් කරන්න. අයි. එම්. එෆ් වැඩසටහන අවසන් වූ පසු ණය සේවාකරණයට රාජ්‍ය ආදායමෙන් තුනෙන් දෙකක් ගෙවීමට ඇති නිසා මේ දත්ත ඉදිරිපත් කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.
අද වන විට රටෙන් ලක්ෂ 80ක් දුප්පතුන්
ඉදිරි වසර 5 තුළ ණය ගෙවීමේ ක්‍රියාවලිය තිරසරව පවත්වා ගැනීම රජයේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරන්න. එම ඉලක්ක මේ වසරේ සපුරා ගෙන ඇත් ද සහ ඊළඟ වසර 5 තුළ එය කෙසේ පුරෝකථනය කර ඇත් ද කියා ඉදිරිපත් කරන්න. සාධනීය ලෙස ණය ගෙවීමට වාර්ෂිකව පවත්වාගෙන යුතු යැයි අපේක්ෂිත අවම අපනයන ආදායම් ප්‍රමාණය සහ විදේශ ප්‍රේෂණ ප්‍රමාණ කොපමණ ද කියා දැනගැනිමටත් අවශ්‍ය යි.
ගෙවුණු වසරේ සෘජු විදේශ ආයෝජන ලෙස ලැබුණු ප්‍රමාණයත්, ඉදිරි වසර 5 තුළ රජය අපේක්ෂා කරන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය සහ කුමන ක්ෂේත්‍ර යටතේ ඒවා ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද කියා දැන ගැනීමටත් අවශ්‍ය යි. අද වන විට රටෙන් ලක්ෂ 80ක් දුප්පතුන් සිටින නිසා මේවා අතිශය වැදගත්. එස්වැට් අහෝසි කිරිම හෝ තවදුරටත් පවත්වා ගැනීම තුළින් ආර්ථිකය තුළට වන බලපෑම ගැන තක්සේරුවක් රජය සිදු කර තිබෙනවා ද...?"




