The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

උතුරේ යුද හමුදා බාබර් සාප්පුවක් වසා දැමීමට ප්‍රාදේශීය සභා නිවේදනයක්

T

The Leader Desk

October 7, 2025 • 10:19 AM

උතුරේ යුද හමුදා බාබර් සාප්පුවක් වසා දැමීමට ප්‍රාදේශීය සභා නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ ආරක්ෂක අංශ විසින් උතුරේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් වසා දැමීමට ප්‍රාදේශීය සභාවක් නියම කළ බවට වාර්තාවන පළමු අවස්ථාව මේ බව විශ්වාස කෙරේ.
  • මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවේ සභාපති සින්නරාජා ලෝගේෂ්වරන් පවසන්නේ ප්‍රදේශවාසී කරණවෑමියන් පිරිසකගෙන් ලද පැමිණිලි එම තීරණයට එළඹීමට හේතුවූ බවයි.
  • මෙලෙස වසා දැමීමට නිවේදන නිකුත් කර ඇත්තේ මුලතිව්, මුහුදුබඩපත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කේපාපුලව්හි යුද හමුදාව විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක පවත්වාගෙන ගිය ‘බ්ලූ බෙල්ස් සැලූන්’ නම් වායු සමනය කරන ලද බාබර් සාප්පුවයි.
  • ජාතික ආරක්ෂාවේ නාමයෙන් යුද හමුදාව දෙමළ ජනතාවගේ ජීවිතවලට සහ ආර්ථිකයට බලපාන මෙවැනි ක්‍රියාකාරකම්වල නිරත වීම ඉතා නරක සිදුවීමක් ලෙස මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවේ සභාපති සින්නරාජා ලෝගේෂ්වරන් පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රජයේ ආරක්ෂක අංශ විසින් උතුරේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් වසා දැමීමට ප්‍රාදේශීය සභාවක් නියම කළ බවට වාර්තාවන පළමු අවස්ථාව මේ බව විශ්වාස කෙරේ.


මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවේ සභාපති සින්නරාජා ලෝගේෂ්වරන් පවසන්නේ ප්‍රදේශවාසී කරණවෑමියන් පිරිසකගෙන් ලද පැමිණිලි එම තීරණයට එළඹීමට හේතුවූ බවයි.

මෙලෙස වසා දැමීමට නිවේදන නිකුත් කර ඇත්තේ මුලතිව්, මුහුදුබඩපත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කේපාපුලව්හි යුද හමුදාව විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක පවත්වාගෙන ගිය ‘බ්ලූ බෙල්ස් සැලූන්’ නම් වායු සමනය කරන ලද බාබර් සාප්පුවයි.

 barb004

ජාතික ආරක්ෂාවේ නාමයෙන් යුද හමුදාව දෙමළ ජනතාවගේ ජීවිතවලට සහ ආර්ථිකයට බලපාන මෙවැනි ක්‍රියාකාරකම්වල නිරත වීම ඉතා නරක සිදුවීමක් ලෙස මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවේ සභාපති සින්නරාජා ලෝගේෂ්වරන් පෙන්වා දෙයි.

 

“හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කොණ්ඩා කපන ස්ථානය වසා දමන්න කියලා අපි නිවේදනය කරලා තියනවා. ජාතික ආරක්ෂාවේ නාමයෙන් හමුදාව අපගේ ජනතාවගේ ජීවිතවලට සහ ආර්ථිකයට බලපාන මෙවැනි ක්‍රියාකාරකම්වල නිරත වීම ඉතා නරක සිදුවීමකි.”

ප්‍රාදේශිය සභාව විසින් නිකුත් කළ නිවේදනයට අවනත නොවුනහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නියෝජිතයකු වන මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවේ සභාපති සින්නරාජා ලෝගේෂ්වරන් වැඩි දුරටත් පවසා තිබුනි.

 

barb003
“හමුදාවේ කාර්යය ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීම මිසක් ජනතාවගේ රැකියාව කරන එක නෙමෙයි. මේක නිසා ජනතාවට බලපෑම් සිදු වෙනවා. හමුදාවේ මෙම ක්‍රියාව අපි දැඩි ලෙස හෙළා දකිනවා. මේ නිසා තමයි අපි දෙමළ නිජබිමෙන් හමුදාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටින්නේ. නිවේදනයෙන් පසු එය වසා දමනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

 

යුද නිමාවෙන් පසු උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ භුමිය බලහත්කාරයෙන් අත්පත්කරගනිමින්, සංචාරක කර්මාන්තය, කාෂිකර්මාන්තය ඇතුළු මහා හා සුළු පරිමාන ව්‍යාපාරවල යෙදී ඉන්නා බවට ආරක්ෂක හමුදාව වෙත පසුගිය සමයේ දිගටම චෝදනා එල්ල වී තිබුනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...