The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සෘජු විදෙස් ආයෝජන හොඳටම මදි - ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

T

The Leader Desk

October 7, 2025 • 10:33 AM

සෘජු විදෙස් ආයෝජන හොඳටම මදි - ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි නියෝජිතයින් අවධාරණය කරන්නේ මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා විදේශීය සෘජු ආයෝජන (FDI) ඉහළ මට්ටමකට ගෙනඒමට කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි.
  • රටේ වත්මන් FDI ගලා ඒම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 0.5 ක් තරම් ඉතා අඩුඅගයක් ගැනීම සංවර්ධන ඉලක්ක සඳහා ප්‍රමාණවත් නොවන බවත් ලෝක බැංකුව අවධාරණය කර සිටියි.
  • ලෝක බැංකුවේ නියෝජිතයන් විසින් අද පැවති, මෙරට තත්ත්වය යාවත්කාලීන කිරීමේ අවස්ථාවේදී මේ බව පැවසිය.
  • එහිදී අදහස් දැක්වූ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥරිචඩ් වෝකර් කියා සිටියේ, 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට ‘වෙනස්කම් මාලාවක් සිදු කිරීමට සිදුවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි නියෝජිතයින් අවධාරණය කරන්නේ මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා විදේශීය සෘජු ආයෝජන (FDI) ඉහළ මට්ටමකට ගෙනඒමට කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි.

රටේ වත්මන් FDI ගලා ඒම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 0.5 ක් තරම් ඉතා අඩුඅගයක් ගැනීම සංවර්ධන ඉලක්ක සඳහා ප්‍රමාණවත් නොවන බවත් ලෝක බැංකුව අවධාරණය කර සිටියි.

ලෝක බැංකුවේ නියෝජිතයන් විසින් අද පැවති, මෙරට තත්ත්වය යාවත්කාලීන කිරීමේ අවස්ථාවේදී මේ බව පැවසිය.

 

එහිදී අදහස් දැක්වූ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥරිචඩ් වෝකර් කියා සිටියේ, 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට ‘වෙනස්කම් මාලාවක් සිදු කිරීමට සිදුවන බවයි.

 

මෙම FDI අගය පෙරදී 1%ක් පමණ වූ අතර එය තවදුරටත් පිරිහී ඇති බව වෝකර් පෙන්වා දෙයි.

නමුත් එය 1.5%ක් පමණ විය යුතු බවත්, මැලේසියාව සහ වියට්නාමය වැනි රටවල එය 3%ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

FDI ආකර්ෂණය කර ගැනීමේ ප්‍රධාන බාධාවක් ලෙස වෝකර් ඉස්මතු කළේ, ඉඩම් සඳහා ප්‍රවේශවීමේ හැකියාවයි. රජයට අයත් ඉඩම් ප්‍රමාණය 80% ක්. එහෙත් නිලධාරිවාදය සහ බහු අමාත්‍යාංශ මගින් පාලනය වීම නිසා පැමිණිය හැකි ආයෝජකයින් අධෛර්යමත් වන බව ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයේ ආයෝජකයින්ට බාධා ඇති කරන්නක් බව හෙතෙම පවසයි.

 

මීට අමතරව, ශ්‍රී ලංකාවේ බොහෝමයක් දශක හයකට වඩා පැරණියල් පැනගිය කම්කරු නීති හේතුවෙන් ව්‍යාපාරික නම්‍යශීලීභාවය සීමාවන බවත් මෙහිදී අවධාරණය කෙරින.

 

එමෙන්ම, මෙම නීති මගින් අංශ කිහිපයකකාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා සීමා කිරීම තවදුරටත් ආර්ථික වර්ධනයට බාධාවක් බව ඔහු පවසයි.

"මෙම ව්‍යුහාත්මක ගැටළු විසඳා නොගතහොත්, විදේශ ආයෝජන සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකාවට අපහසු වනු ඇතැයි" වෝකර් අනතුරු ඇඟවයි.

ඉඩම් පාලනය වැඩිදියුණු කිරීම, කම්කරු රෙගුලාසි නවීකරණය කිරීම සහ වඩාත් ආයෝජක හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාව සිය ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අතිශය තීරණාත්මක පියවරබව ලෝක බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
n7878o789
m89m456nry

 j579ony

එම වාර්තාව මෙතනින්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...