The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'අඩු ලකුණු ගත් රංග දිසානායක අල්ලස් කොමිසමේ ලොක්කා කරලා' ! - දයාසිරි සියලු ලේඛණ සභාගත කරයි

T

The Leader Desk

October 7, 2025 • 11:49 AM

'අඩු ලකුණු ගත් රංග දිසානායක අල්ලස් කොමිසමේ ලොක්කා කරලා' ! - දයාසිරි සියලු ලේඛණ සභාගත කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කතානායකතුමාත් ඒ වැරැද්දම කරලා!
  • අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ ඇතිවූ මතභේදකාරී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර විසින් අද කථානායකවරයා වෙත වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
  • මන්ත්‍රීවරයා විසින් කථානායකවරයා වෙත යොමු කරන ලද ලිපියේ දැක්වෙන්නේ, මෙම පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් නොමග යැවීමක් සිදුව ඇති බවත්, එමඟින් සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් වී ඇති බවත්ය.
  • පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මාධව තෙන්නකෝන් සහ මහාධිකරණ විනිසුරු රංග දිසානායක ගේ නම් අවසන් අපේක්ෂකයින් ලෙස තෝරාගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*කතානායකතුමාත් ඒ වැරැද්දම කරලා!

*දයාසිරි වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරයි!


අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ ඇතිවූ මතභේදකාරී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර විසින් අද කථානායකවරයා වෙත වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

මන්ත්‍රීවරයා විසින් කථානායකවරයා වෙත යොමු කරන ලද ලිපියේ දැක්වෙන්නේ, මෙම පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් නොමග යැවීමක් සිදුව ඇති බවත්, එමඟින් සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් වී ඇති බවත්ය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2024.10.14 වන දින අයදුම්පත් කැඳවා ඇත. පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මාධව තෙන්නකෝන් සහ මහාධිකරණ විනිසුරු රංග දිසානායක ගේ නම් අවසන් අපේක්ෂකයින් ලෙස තෝරාගෙන තිබේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම් සාකච්ජා සටහන් අනුව, මෙම පත්වීම සඳහා අපේක්ෂකයින් දෙදෙනාටම ලකුණු (100න්) ලබා දී ඇති අතර, ඉන් වැඩිම ලකුණු (80.55) ලබාගෙන ඇත්තේ මාධව තෙන්නකෝන් (Tag No: 10) වන අතර, රංග දිසානායක (78.00) දෙවැනි ස්ථානයේ සිට ඇත.

 

මෙම තත්ත්වය මත, මාධව තෙන්නකෝන් ට පක්ෂව පස් දෙනෙකුත්, රංග දිසානායක ට පක්ෂව හතර දෙනෙකුත් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

අවසානයේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමේදී: මාධව තෙන්නකෝන් ට පක්ෂව විපක්ෂ නායකවරයා, අජිත් පෙරේරා, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ ආචාර්ය දිල්කුෂි අනුලා විජේසුන්දර ඡන්දය ප්‍රකාශ කර ඇත.

රංග දිසානායක ට (Tag No: 2) පක්ෂව අග්‍රාමාත්‍යවරයා, බිමල් රත්නායක, අබුබක්කර් අදම්බාවා, සිවඥානම් සිරිතරන් සහ ආචාර්ය දිනේෂා සමරරත්න ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, ඡන්ද 5-4ක් ලෙස රංග දිසානායක අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත.

 

මන්ත්‍රී දයාසිරි ජයසේකර කථානායකවරයාට යොමු කළ ලිපියේ ප්‍රධාන චෝදනාව වන්නේ, රංග දිසානායක ට පක්ෂව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන වසන්ත කුමාර විමලසිරි ජිනදාස (උතුරු මැද පළාත් ආණ්ඩුකාර) සහ චම්පා ජානකී රාජරත්න  (සබරගමුව පළාත් ආණ්ඩුකාර) විසින් ලබා දී තිබූ නිර්දේශ ලිපි සම්බන්ධයෙනි.

 

මුලදී ආණ්ඩුකාර තනතුරු දේශපාලන පත්වීම් බැවින් එම නිර්දේශ ‘දේශපාලන මැදිහත් වීමක්’ ලෙස සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත්, සභානායක බිමල් රත්නායක විසින් මෙම නිර්දේශ ලිපි ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් ආණ්ඩුකාරවරුන් ලෙස පත්වීමට පෙර බවට දැනුම් දී තිබේ.

එම ප්‍රකාශය විශ්වාස කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික මහාචාර්ය දිනේෂා සමරරත්න සිය ඡන්දය රංග දිසානායක  වෙත ලබා දී ඇති අතර, එය ඔහුගේ ජයග්‍රහණයට හේතු වී ඇත.

නමුත් පසුව දැනගන්නට ලැබී ඇත්තේ, ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ ගැසට්‌ පත්‍රය 2024.09.27 වන දින ප්‍රසිද්ධ කර ඇති අතර, ඔවුන් විසින් රංග දිසානායක ගේ නම නිර්දේශ කර ඇත්තේ ආණ්ඩුකාරවරුන් ලෙස පත් වූ පසුව බවයි.

මෙම තත්ත්වය හමුවේ, මහාචාර්ය දිනේෂා සමරරත්න විසින් එදිනම දිවුරුම් ප්‍රකාශයක් මගින් කථානායකවරයාට විරෝධය පළ කර ඇත.

 

මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරන්නේ, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ උපලේඛනය (අ) කොටසේ 4 වන වගන්තිය යටතේ, පාර්ලිමේන්තු කාරක සභාවක රැවටීමේ අදහසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම බලවත් වරදක් බවත්, මෙම වරද හිතාමතාම සභානායක බිමල් රත්නායක විසින් සිදු කර ඇති බවත්ය. එසේම, කථානායකවරයා ද “අදාළ වරදම සිදු කර ඇති” බවට චෝදනා කරමින්, ඔවුන් දෙදෙනාම සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් සිදු කර ඇති බව පෙන්වා දී තිබේ.

 

මන්ත්‍රීවරයා අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ වරප්‍රසාද කඩ කිරීම පිළිබඳව වරප්‍රසාද කමිටුව වෙත මෙය ඉදිරිපත් කරන ලෙස හා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම බරපතල කාරණය පිළිබඳව කථානායක විසින් සභාවට පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත්ය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් කතානායක වෙත යොමුකළ ලිපිය මතු පළවේ.

Speaker 10 page 0001Speaker 10 page 0002
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශයට අදාලව සභාගත කළ ලිපි ලේඛන මතු පළවේ.

ff54757656ff475475ff5756ff47556ff4575475
ffb56576

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අඩු ලකුණු ගත් රංග දිසානායක අල්ලස් කොමිසමේ ලොක්කා කරලා' ! - දයාසිරි සියලු ලේඛණ සභාගත කරයි | The Leader