The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වෙජි කෑම ඉල්ලුවාම මස් කෑම දීලා - දොස්තරගේ මරණයට කටාර් ගුවන් සේවයට නඩුවක්

T

The Leader Desk

October 7, 2025 • 3:37 PM

වෙජි කෑම ඉල්ලුවාම මස් කෑම දීලා - දොස්තරගේ මරණයට කටාර් ගුවන් සේවයට නඩුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කටාර් ගුවන් සේවයට එරෙහිව ඔහුගේ පුත්‍රයා විසින් නඩුවක් ගොනු කර තිබේ.
  • ගමන අතරතුරදී විශේෂඥ වෛද්‍යවරයාට තමන් කලින් ඇණවුම් කළ නිර්මාංශ ආහාරය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ලබා දුන් මස් සහිත ආහාරයේ මස් 'වටේ කෑමට' උත්සාහ කිරීමේදී ආහාර කැබැල්ලක් සිරවීමෙන් මිය ගිය බවට, ඔහුගේ පුත්‍රයා විසින් කටාර් ගුවන් සේවයට එරෙහිව නඩුව ගොනු කර ඇත.
  • හැවිරිදි අසෝක ජයවීර නමැති මෙම විශේෂඥ වෛද්‍යවරයා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් 2023 ජූනි 23 වන දින ලොස් ඇන්ජලීස් සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් සිටියේය.
  • පැය 15 හමාරක ගුවන් ගමන ආරම්භ වී පැය 2 හමාරකට පමණ පසු, ගුවන් යානයේ ආහාර සේවාව ආරම්භ වී තිබූ බව විදෙස් වාර්තාවල දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කටාර් ගුවන් සේවයට එරෙහිව ඔහුගේ පුත්‍රයා විසින් නඩුවක් ගොනු කර තිබේ.

ගමන අතරතුරදී විශේෂඥ වෛද්‍යවරයාට තමන් කලින් ඇණවුම් කළ නිර්මාංශ ආහාරය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ලබා දුන් මස් සහිත ආහාරයේ මස් 'වටේ කෑමට' උත්සාහ කිරීමේදී ආහාර කැබැල්ලක් සිරවීමෙන් මිය ගිය බවට, ඔහුගේ පුත්‍රයා විසින් කටාර් ගුවන් සේවයට එරෙහිව නඩුව ගොනු කර ඇත.


85 හැවිරිදි අසෝක ජයවීර නමැති මෙම විශේෂඥ වෛද්‍යවරයා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් 2023 ජූනි 23 වන දින ලොස් ඇන්ජලීස් සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් සිටියේය.


පැය 15 හමාරක ගුවන් ගමන ආරම්භ වී පැය 2 හමාරකට පමණ පසු, ගුවන් යානයේ ආහාර සේවාව ආරම්භ වී තිබූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

පවුලේ අය කරන ලද පැමිණිල්ලට අනුව, දැඩි නිර්මාංශිකයෙකු වූ ජයවීර නිර්මාංශ ආහාරයක් ඉල්ලා සිටිය ද, ගුවන් සේවිකාව ඔහුට දැනුම් දී ඇත්තේ නිර්මාංශ ආහාර ඉතිරි වී නොමැති බවයි.

ඔහුට මස් සහිත ආහාරයක් පමණක් ලබා දිය හැකි බවත් ඇය පවසා ඇත.

ඒ අනුව ගුවන් සේවිකාව විසින් ඔහුට එම ආහාරයේ ඇති මස් 'වටේ කෑමට' උපදෙස් දී තිබේ.

ඔහු මස් සහිත ආහාරය'වටේ කෑමට'උත්සාහ කරමින් සිටියදී, එය සිරවී හුස්ම හිරවීමට පටන් ගත් බව වාර්තාවල සඳහන් වේ.

ගුවන් කාර්ය මණ්ඩලය මැදිහත් වී උපකාර කිරීමට උත්සාහ කර ඇති අතර, හදිසි අවස්ථා සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය උපදෙස් ලබා දෙන MedAire සේවාව අමතා තිබිණ.

ඔහුගේ ඔක්සිජන් මට්ටම 69%ක් ලෙස නිරීක්ෂණය කර ඇති අතර, 88% ට අඩු මට්ටමක් භයානක ලෙස සැලකේ. කෙසේවෙතත් ඔහුගේ ඔක්සිජන් මට්ටම ඉන් පසු කිසි විටෙකත් 85% ඉක්මවා නැති බව විදෙස් වාර්තා පවසයි.

මෙම අවස්ථාවේදී ගුවන් යානය විස්කොන්සින් ප්‍රාන්තය හරහා ගමන් කරමින් තිබුණ ද, නියමුවාට ගුවන් යානය වෙනතකට යොමු කිරීමට නොහැකි බව කාර්ය මණ්ඩලය වෛද්‍යවරයාගේ ගමන් සගයාට පවසා තිබේ.

ඔවුන් ඒ වන විටත් ආක්ටික් සාගරය හරහා ගමන් කරමින් සිටීම ඊට හේතුවයි.


කෙසේ වෙතත්, ජයවීරගේ පුත් සූර්යා තර්ක කරන්නේ, මෙම අවස්ථාවේදී ගුවන් යානය මිඩ්වෙස්ට් ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබූ බැවින් පහසුවෙන් ගුවන් මාර්ගය වෙනස් කර වෛද්‍යවරයෙකු වෙත යාමට හැකිව තිබූ බවයි.


වෛද්‍යවරයාට සිහිසුන් වූ අතර ගුවන් යානය පසුව එක්සත් රාජධානියේ එඩින්බරෝ නගරයට ගොඩ බස්සවන තෙක් බලා සිටින්නට සිදුවී ඇති අතර, ඒ වන විටත් ඔහු පැය තුනහමාරකට ආසන්න කාලයක් සිහිසුන්ව සිට ඇත.

ඔහුව රෝහලට ගෙන යන ලද නමුත් 2023 අගෝස්තු 03 වන දින එඩින්බරෝහිදී මිය ගොස් ඇත.

මරණයට හේතුව පෙනහළුවලට ආහාර හෝ දියර යාම නිසා ඇති වූ ආසාදනයක් වන'ඇස්පිරේෂන් නියුමෝනියාව' බව සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වෛද්‍යවරයාගේ පුත්‍රයා වන සූර්යා ජයවීර විසින් ගොනු කරන ලද මෙම නඩුවෙන්, ‘නොසැලකිලිමත්කම සහ වළකාගත හැකිව තිබූ වැරදිසහගත මරණය’ වෙනුවෙන් වන්දි ඉල්ලා සිටියි.


මෙම නඩුව පදනම් වී ඇත්තේ ගුවන් සේවා වගකීම් පාලනය කරන ජාත්‍යන්තර ගිවිසුමක් වනමොන්ට්‍රියල් සම්මුතිය මතයි. එය මරණ සහ තුවාල සඳහා නීත්‍යනුකූල ගෙවීමේ සීමාවක් එනම් දැනට ඩොලර් 175,000 ක පමණ නියම කිරීමට හැකිය.


 කෙසේ වෙතත්, ජයවීර විසින් වන්දි ඉල්ලා සිටින්නේ මෙම මොන්ට්‍රියල් සම්මුති මාර්ගෝපදේශ ද ඉක්මවමිනි.

එමිරේට් ඔෆ් කටාර් හි ධජය දරන කටාර් ගුවන් සේවය, කුකුළු මස් බුරියානි වැනි සම්මත ආහාර විකල්පවලට අමතරව, නිර්මාංශ විකල්ප හතක් ඇතුළුව විශේෂ ආහාර 19ක්පිරිනමනු ලබනයි.

කෙසේ වෙතත්, විශේෂිත ආහාර අවශ්‍යතා ඇති මගීන් සම්බන්ධයෙන් ගුවන් ගමන්වලදී ගැටලු ඇති වූ අවස්ථා මීට පෙර ද වාර්තා වී තිබෙන බව සඳහන් වේ.

මීට පෙර වසරක දී, දැඩි රටකජු ආසාත්මිකතාවයක් තිබු බ්‍රිතාන්‍ය රියැලිටි තරුවක් කටාර් ගුවන් සේවයේදී රටකජු අඩංගු ආහාරයක් ලබා දීමෙන් මිය යාමට ආසන්න වි තිබිණ.

| hirunews

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...