The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මන්නාරමේ හුලං මෝල් සවිකිරීමේ යෝග්‍යතා පරීක්ෂණ පසුබස්සයි

T

The Leader Desk

October 8, 2025 • 3:35 AM

මන්නාරමේ හුලං මෝල් සවිකිරීමේ යෝග්‍යතා පරීක්ෂණ පසුබස්සයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලීසිය බලා සිටියදීම විරෝධතා දක්වා ඔවුන් පසු බස්වන්නට ගම්වාසීන් සමත්ව ඇත.
  • පරිසරයටත්, ජන ජීවිතයටත් විනාශකාරී ලෙසින් මන්නාරම් දුපතේ ඉදිකෙරෙන සුළං බලාගාර සම්බන්ධයෙන් යළි සලකා බැලීමට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ මාසයක කාලය ගත වීමට පෙරම අලුතින් වැඩ කටයුතු අරඹා ඇති ආකාරය විරෝධතා කරුවන් පසුගිය සමයේ හෙලි කර තිබුනි.
  • ඉන් පසුව රජයේ නිලධාරීන් සමග පැවැති කිසිදු සාකච්ඡාවකින් සිය ගැටළුවලට විසදුම් නොලැබුනු බවට මන්නාරම් වාසීහු චෝදනා කරති.
  • සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම පවසන ජනාධිපතිවරයා 2025 අගෝස්තු 13 වැනිදා අවධාරණය කර තිබුනේ සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදු වන්නේ ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මන්නාරම පේසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පේසාලේ ග්‍රාමයේ සුළං ටර්බයින් සවිකිරීම සදහා භුමිය පරික්ෂා කිරිමට 2025 වප් පොහොය දිනයේ ජියෝ ඉංජිනියරින් (GEO ENGINEERING CONSULTANS (PVT) LTD ) සමාගමේ යන්ත්‍රෝපකරණ සමග එහි නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බවයි.

පොලීසිය බලා සිටියදීම විරෝධතා දක්වා ඔවුන් පසු බස්වන්නට ගම්වාසීන් සමත්ව ඇත.

පරිසරයටත්, ජන ජීවිතයටත් විනාශකාරී ලෙසින් මන්නාරම් දුපතේ ඉදිකෙරෙන සුළං බලාගාර සම්බන්ධයෙන් යළි සලකා බැලීමට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ මාසයක කාලය ගත වීමට පෙරම අලුතින් වැඩ කටයුතු අරඹා ඇති ආකාරය විරෝධතා කරුවන් පසුගිය සමයේ හෙලි කර තිබුනි.

ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට මන්නාරම් දුපතේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට 2025 අගෝස්තු 13 වැනිදා ජනාධිපතිවරයා තීරණය කර තිබුනේ ඒ සම්බන්ධයෙන්  ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.

ඉන් පසුව රජයේ නිලධාරීන් සමග පැවැති කිසිදු සාකච්ඡාවකින් සිය ගැටළුවලට විසදුම් නොලැබුනු බවට මන්නාරම් වාසීහු චෝදනා කරති.

සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම පවසන ජනාධිපතිවරයා 2025 අගෝස්තු 13 වැනිදා අවධාරණය කර තිබුනේ සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදු වන්නේ ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වන බවයි.

පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරීන් හා විරෝධතාකරුවන් පසුගියදා හෙලි කර තිබුනේ ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ට ලබා දුන් පොරොන්දු කඩ කරමින් මන්නාරම් දුපතේ අලුතින් ස්ථාපිත කිරීමට නියමිත සුළං බලගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාල අංශ වලට අවසර ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ විශාලතම දූපත වන මන්නාරමේ ජන ජීවිතයට හා පරිසරයට විනාශය කැදවමින් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කරන අධිබල සුලං බලාගාර තැනීමට විරෝධය දක්වන ප්‍රදේශවාසීන් එකහෙළා ඉල්ලා සිටින්නේ එම ව්‍යාපෘති වහාම මන්නාරම් දුපතෙන් ඉවතට ගෙන යන ලෙසයි.

 

GEO

GEO 2
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...