The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මේ ආණ්ඩුව කැලේ ඉන්න නයි ගෙට දාගන්න හදනවා - වසන්ත මුදලිගේ

T

The Leader Desk

October 8, 2025 • 6:36 AM

මේ ආණ්ඩුව කැලේ ඉන්න නයි ගෙට දාගන්න හදනවා - වසන්ත මුදලිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ලංකාව සහ ජපානය අතර පසුගිය සැප්තැම්බර් 30වන දින පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරය ඊයේ (07 ) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.
  • ආණ්ඩුව කරන කියන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න ජනතාවට අයිතියක් තියෙනවා "සැප්තැම්බර් 30වෙනි දා ජපානයේ විදේශ කටයුතු ඇමතිවරයා සහ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇමතිවරයා අතර යම් සාකච්ඡාවක් පැවත්වුණා.
  • නමුත් ලංකාවේ රජය තවමත් මේ සාකාච්ඡාව ගැන කිසිඳු විදිහකින් ජනතාවට කරුණු සඳහන් කරලා නෑ.
  • මොකද ආණ්ඩුව අද රටවල් එක්ක ඇතිකරගන්න එකඟතාවල, අත්සන් කරන ගිවිසුම්වල ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ මේ රටේ ජනතාවට.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ලංකාව සහ ජපානය අතර පසුගිය සැප්තැම්බර් 30වන දින පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරය ඊයේ (07 ) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ...

ආණ්ඩුව කරන කියන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න ජනතාවට අයිතියක් තියෙනවා

"සැප්තැම්බර් 30වෙනි දා ජපානයේ විදේශ කටයුතු ඇමතිවරයා සහ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇමතිවරයා අතර යම් සාකච්ඡාවක් පැවත්වුණා. මේ සාකච්ඡාවට අදාළව කරුණු ප්‍රමාණයක් ජපන් තානාපති කාර්‍යාලය හරහා මේ වෙද්දිත් මාධ්‍යට හෙළිදරව් කරලා තියනවා. නමුත් ලංකාවේ රජය තවමත් මේ සාකාච්ඡාව ගැන කිසිඳු විදිහකින් ජනතාවට කරුණු සඳහන් කරලා නෑ.

අපි දන්නවා මේ ආණ්ඩුව පසුගියා අප්‍රේල් පස්වෙනි දා ඉන්දියාව සමග ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කළා. නමුත් අදටත් ඒ ගිවිසුම් ගැන ඇහුවම ආණ්ඩුව නිහඬයි. හැබැයි දැන් මන්නාරමට ගියාම, ත්‍රිකුණාමලයට ගියාම අපිට අත්දකින්න පුළුවන් එදා ජනතාවට හොරෙන් අත්සන් කරපු ගිවිසුම්වල තිබුණ කොන්දේසි මොනවද කියලා. අද ඒ ප්‍රදේශවල ජනතාව බලහත්කාරයෙන් එළවලා ඉන්දියානු සමාගම්වලට ඉඩම් ටික විකුණනවා.

අන්න ඒක නිසා තමයි අපි ප්‍රශ්න කරන්නේ මේ ආණ්ඩුවෙන් ජපානයත් එක්ක මේ පැවති සාකච්ඡාවේදී කතාකලේ මොනවද? කියලා.  මොකද ආණ්ඩුව අද රටවල් එක්ක ඇතිකරගන්න එකඟතාවල, අත්සන් කරන ගිවිසුම්වල ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා අපි හිතන විදිහට කාටත් වැඩිය රටේ ජනතාවට අයිතියක් තියනවා ආණ්ඩුව කරන කියන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න.

ජපාන රජය සමග සාකච්ඡා කළේ මොනවා ද...?

නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දෙරට අතර ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් තමයි පසුගියා සැප්තැම්බර් 30 වෙනිදා ජපානයේ ටෝකියෝ නුවරදි මේ සාකච්ඡාව ඇතිකරගන තියෙන්නේ. ජපානය පැත්තෙන් කියන විදිහට ලංකාවේ නාවික හමුදාවන්ට ගුවන් යානා පුහුණු වීම් සඳහා සහයෝගය ලබා දීමට එකඟවෙලා තියනවා. ඊලගට UAV වර්ගයේ ඩ්‍රෝන යනා ලබා දීමටත් මෙහි දී එකඟතාවයක් ලැබිලා තියනවා. ඒ වගේම තමයි කලාපයේ රටවල විවිධ දේශපාලන සහ යුදමය මැදිහත්වීම් ගැන මෙහිදී කරුණු රැසක් සාකච්ඡා කරල තියනවා.  දැන් මේ සාකච්ඡාව අතිශයින් සාර්ථකයි කියලා තමයි ජපානය පැත්තෙන් නිවේදනය කරලා තියෙන්නේ. නමුත් ලංකාවේ රජය හෝ කැබිනට් ඇමතිවරයා මේ සාකච්ඡාව  සම්බන්ධයෙන් තවමත් කෙළ පිඬක්වත් හැලුවේ නෑ.

අපි දන්නවා OSA එහෙමත් නැත්තං නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන සාකච්ඡාව මුලින්ම ඇතිවුනේ 2022 අවුරුද්දෙදි. ඒ ජපන් පාර්ලිමේන්තුව ඇතුළෙ. ඒ වෙලාවේ ජපන් කැබිනෙට්ටුවේ තීරණයකට අනුව ඉන්දු - පැසිෆික් කලාපයේ ආරක්ෂාව තහවුරු කරගන්න කියලා ඔවුන් සකස් කලා OSA නමින් ප්‍රතිපත්ති මාලාවක්. අද වෙද්දි බංගලිදේශය, මැලේශියාව, මොංගෝලියාව වගේ රටවල් මේ ප්‍රතිපත්තිය සමඟ එකඟතාවයෙන් කටයුතු කරමින් යනවා. දැන් ජපානය විසින් නැගෙනහිර ටිමෝරය, පැපුවා නිව්ගීනියා, තායිලන්තය, පිලිපීන සහ ලංකාව වගේ රටවල් එක්කත් සාකාච්ඡා කරමින් ඉන්නේ ඒ 2022 දී කරළියට ගෙනාව වැඩපිළිවෙළ ගැනම තමයි.

ආණ්ඩුව පාර්ශ්වයෙන් වහාම උත්තර දෙන්න

මේ වැඩපිළිවෙළ පැහැදිලිවම කලාපයේ ආරක්ෂවා එක්ක බැඳුණු යුධමය එඟතාවයක්.  

දැන් අපිට මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් අහන්න තියනවා ප්‍රශ්න කිහිපයක්.

* එක තමයි ජපානය සමග මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අණ්ඩුව එකඟ වුනා ද ?

* දෙවෙනි එක මෙතනදි සාකච්ඡාවට ගත්ත කරුණු මොනවද ?

* ඒ තොරතුරු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මොකක් ද ?

* ඊලගට හතරවෙනි ප්‍රශ්නෙ තමයි මේ සාකච්ඡාවේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ ජපානය සමග ආරක්ෂක ගිවිසුමකට එළඹීම ද ?

* අනිත් කරුණ තමයි ජපානය සමග ආරක්ෂක සහයෝගිතාවකට යනවනං ඊට අදාළව එකඟ වෙන කොන්දේසි මොනවද ?

අපි හිතනවා ආණ්ඩුව පැත්තෙන් වහාම මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන.

පාර්ශවයක් නියෝජනය කිරීම අපිට අවාසිදායකයි

අපි දන්නවා 2017දී ජනතාවගේ විරෝධය නොසලකා එවකට ආණ්ඩුව ඇමරිකාව එක්ක ඇක්සා ගිවිසුම අත්සන් කළා. එතනින් පස්සේ 2025දී මේ ආණ්ඩුව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් ඇතිකරගෙන තියනවා. ඒ ගිවිසුම් අනුව කලාපයේ ඇතිවන යුද්ධයක දී මේ රටවලට අපේ රටේ සම්පත් භූමිය ප්‍රයෝජනයට ගන්න පුළුවන්, රෝහල් පහසුකම් ලබා ගන්න පුළුවන්. දැන් ජපානය එක්කත් එවැනිම බරපතළ ගිවිසුමකට එළඹෙන්න ද ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ. මේක බරපතළ ප්‍රශ්නයක්. මොකද ඇමරිකාව, ඉන්දියාව, ජපානය කියන රටවල් තුනම කව්ඩ් යුධ සම්මුතිය ඇතුළේ ඉන්නවා. එතකොට ලංකාව ගිහිල්ලා මේ රටවල් එක්ක මිලිටරි ගිවිසුම් අත්සන් කරනවා කියන්නෙම නොනිල විදිහට ක්වඩ් සම්මුතියට ඇතුළු වීමක්. අද වෙද්දි කවඩ් එකතුව සැලකෙන්නේ ආසියාවේ නේටෝ එක විදිහට.

අපි දන්නවා මේ පවතින ආර්ථික දේශපාලන බලගැටුම් එක්ක අනාගතයේ ලෝකය කියන්නේ බලකඳවුරු අතර බරපතළ ගැටුම් නිර්මාණය වෙන්න නියමිත අවධියක්. එහෙම තත්වයක් ඇතුළේ අපි පාර්ශවයක් නියෝජනය කිරීම අවාසිදායකයි. අනාගතයේදී මේකෙන් බැට කන්න වෙන්නේ ලංකාවේ ජනතාවට. මේ ආණ්ඩුව කැලේ ඉන්න නයි ගෙනල්ලා ගේ අස්සේ දාන්න ලෑස්ති වෙනවා. අන්තිමට ඒ නයි දෂ්ට කරන්නේ රටේ ජනතාවට.

රට බරපතළ යුද උගුලක හිර කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා

ආණ්ඩුව ඡන්දෙ ගන්න කොට ජනතාව ඉස්සරහට ඇවිත් කතන්දර ගොඩක් කිව්වා. ජනතාවගෙන් අහන්නෙ නැතුව බරපතළ දේශපාලන ආර්ථික තීරණ ගන්නේ නෑ කියලා තමයි ආණ්ඩුව කිව්වේ. හැබැයි දැන් ජනතාවටත් කොළේ වහලා රට බරපතළ යුධ උගුලක හිර කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අපි හිතනවා රටේ ජනතාව වහාම මේකට මැදිහත් වෙන්න ඕන.

අපි එදා අනතුරු හැඟෙව්වා වගේම ඉන්දියන් ගිවිසුම්වල ප්‍රතිඵල අද ත්‍රීකුණාමලේ ජනතාවට ලැබෙමින් තියෙන්නේ. දැන්වත් ආණ්ඩුවේ මේ අත්තනෝමතික වැඩපිළිවෙළ පරාජය කරන්න මැදිහත් වීමක් කරමු කියන යෝජනාව අපි මේ වෙලාවේ ජනතාවට ඉදිරිපත් කරනවා.

ඒ වගේම තමයි ආණ්ඩුවටත් මතක් කරන්න ඕන ජනතාවක් ඉන්නේ ඡන්ද ටික ගන්න විතරක් නෙවෙයි. රටේ තීරණාත්මක බලය තියෙන්නේ ජනතාව අතේ. හැබැයි ඒ බලය අමතක කරලා ආණ්ඩුව අත්තනෝමතික විදිහට නම් වැඩ කරගෙන යන්නේ පසුගිය ආණ්ඩුවලට අත්වුණු ඉරණම දැන්ම මතක් කරගන්න කියලා අපි ආණ්ඩුට මතක් කරනවා.''

 



(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...