The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වෛද්‍යවරියට අතවර කිරීමේ සිද්ධියේ සැකකරුට ඇප ලැබුනත් යළි රිමාන්ඩ් ! - 'සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයයි' - උවිඳු කියයි

T

The Leader Desk

October 8, 2025 • 5:01 AM

වෛද්‍යවරියට අතවර කිරීමේ සිද්ධියේ සැකකරුට ඇප ලැබුනත් යළි රිමාන්ඩ් ! - 'සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයයි' - උවිඳු කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සිකුරාදා දින ඔහුව රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබුණි.
  • එහෙත් පසුව අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවස තුළ තිබී අත්බෝම්බයක් හමුව ඇති අතර, ඒ අනුව ඔහුව නැවත අත්අඩංගුවට ගෙන මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
  • අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක මාර්තු මස 11 වනදා රාත්‍රියේ සිය නිල නිවාසය තුළදී නාඳුනන පුද්ගලයකු අතින් අපයෝජනයට ලක්ව තිබුණි.
  • අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි අයෙක් බවද වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය සිකුරාදා දින ඔහුව රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබුණි.

එහෙත් පසුව අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවස තුළ තිබී අත්බෝම්බයක් හමුව ඇති අතර, ඒ අනුව ඔහුව නැවත අත්අඩංගුවට ගෙන මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක මාර්තු මස 11 වනදා රාත්‍රියේ සිය නිල නිවාසය තුළදී නාඳුනන පුද්ගලයකු අතින් අපයෝජනයට ලක්ව තිබුණි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශන වලදී, යුද හමුදා සේවයෙන් පළා ගොස් සිටි කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරුව අත්අඩංගුවට ගැනුණි.

අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි අයෙක් බවද වාර්තා විය.

ඔහු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු වන අතර, ඔහු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද පොලිසිය විසින් අනාවරණය කළේය.

පසුව සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හිංසනයට පත් වෛද්‍යවරිය විසින් හඳුනා ගනු ලැබීය.

''සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයයි'' - Uvindu Kurukulasuriya

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය, මේ පිළිබඳව සාධාරණ නඩු විභාගයක් අවශ්‍ය බව අවධාරණය කර සිටියි.

එම ෆේස්බුක් සටහන මතු පළවේ.

''අනුරාධපුරේ වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් කරා කියන සැකකරුට නඩුකාර උන්නාන්සෙ ඇප දීල. ඒත් සැකකරුට එළියට යන්න බැහැ රිමාන්ඩ් එකෙන්, මොකද මිනිහගෙ ගෙදර අත්බෝම්බයක් තිබ්බ කියල තියෙන තවත් නඩුවක් ඇහෙන නිසා.

 

ඇත්තටම බෝම්බයක් තිබ්බද කියලත් සැක හිතෙනව පොලිසිය කරපු වැඩ නිසා. මොකද බොම්බ කතාවක් එදා තිබ්බෙ නැහැ. මතක් කරගන්න ඕන, ඒ මිනිහව අල්ලගෙන දසවද දීල, පස්ස පැත්තෙ පොලුත් බස්සල ගුද මාර්ගයෙන් ලේ ගලන සැකකරුවෙක්ව තමා පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේ, ගුටි දීල, ඒ මිනිහගෙ මූණත් විඩීයෝ එක්ක සමාජයට මුදාහැරල, පස්සෙ බොරුවට රෙද්දකින් මූණ වහල තමා උසාවි ගෙනිච්ච්චෙත් කියන එක. මහේස්ත්‍රාත් අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයට ඒ සැකකරුව පරීක්‍ෂාකරන්න ඉඩ නොදී සැකකරුව පරීක්‍ෂාකරන්න මහනුවර රෝහලට ඇරිය. 

 

අනික තමා වෛද්‍ය සංගමයෙ ස්ට්‍රයික් අරවට මේවට බයවෙලාද කොහෙදෝ කිසිම නීතීඥයෙක් මේ සැකකරු වෙනුවෙන් පෙනී සිටින්නෙත් නැහැ. වෛද්‍යවරිය වෙනුවෙන් ලොකු ලෝයර්ස්ල ඉන්නව. ඒ අය කියන ඒව සැකකරුට තේරෙනෙවද දන්නෙත් නැහැ. පොලිසිය සම්පූර්ණයෙන්ම ඒ සැකකරුව දැනටමත් වරදකරු කරල වගේ කතාකරන්නෙ.


මේ සැකකරුට සාධාරණ නඩු විභාගයක් ලැබෙන්නෙ නැහැ. නීති අධාර කොමිසම කියල එකක් තියෙනව, ඒ අය මොනව කරනවද දන්නෙ නැහැ. සල්ලි නැති අයට උදව් කරන්න ඕන ඒ අය. අනික නීතීඥ සංගමයත් මේ ගැන මුනිවත රකිනව. ඒ මිනිහ කියන්නෙ, එහෙම එකක් උනේ නැහැ කැමැත්තෙන් උනේ, ඒ තමන්ගෙ පරණ පෙම්වතිය කියලනෙ. ඒ කියන්නෙ පාසල් කාලෙ, දෙන්නම එක ගමේ එක පාසලේ කියලනෙ. මිනිහ කියනවනෙ රෝහලේ CCTV බලන්න, දෙන්න එකට ඇවිදගෙන ආවෙ කාමරේට කියලත්.
 
 
ඒ සැකකරු වරද කරල තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුලුවන්. ඒත් සාධාරණ නඩු විභාගයක් ඕන. හැම ලිංගික අපරාධ නඩුවකටම, කුඩු, මිනීමැරුම් ඕන එකකට නීතීඥයො පෙනී ඉන්නව නේද. මෙතනත් කිසිම සදාචාරත්මක බැඳීමක් නැහැ. මොකද සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයයි කියන එකනෙ මූලධර්මය. මේක විශාල මහජන ලැදියාවක් තියෙන ප්‍රශ්ණයක් දැන්. මොකද වෛද්‍යවරු ස්ට්‍රයික් කරල, මාධ්‍ය සාකච්ඡා තියල තමයි නඩුව ඒ තත්ත්වයට පත් කළේ. ඒ නිසා නීතීඥ සංගමය මේ ගැන සොයා බලල වහාම පියවරක් ගන්න ඕන!

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෛද්‍යවරියට අතවර කිරීමේ සිද්ධියේ සැකකරුට ඇප ලැබුනත් යළි රිමාන්ඩ් ! - 'සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයයි' - උවිඳු කියයි | The Leader