දිවි සැරිය නිමා කර තිබේ.
මොරටුව සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගනුම ලබන අට හැවිරිදි දරුවා කොළඹ පිහිනුම් සමාජයේ (Colombo Swimming Club) දී අනතුරට ලක්ව තිබුනේ සැප්තැම්බර් 28 වැනි දිනයි.
පොලිසිය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.
ජීවිතය බේරා ගැනීම සදහා දින දහයක් තිස්සේ මහත් පරිශ්‍රමයක් දැරු ආර්ලන් ඔක්තෝබර් 7 වැනි අගහරුවාදා ජීවිතයට සමුදුන් බව වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රෙහාන් ජයවික්‍රම සිය X ගිනුමේ සටහන් කර ඇත.
දරුවා අනතුරට ලක්වීම මෙන්ම එහි වරද දෙමාපියන් කරමත පැටවීමට පිහිනුම් සමාජය ගන්නා උත්සාහය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබුනේද අනතුරට ලක්වු සිසුවා අධ්‍යාපනය ලබන මොරටුව සාන්ත තෝමස් විද්‍යාලයේම ආදි ශිෂ්‍යයකු වු රෙහාන් ජයවික්‍රම විසිනි.
රෙහාන් ජයවික්‍රම එහිදි වැඩි දුරටත් චෝදනා කර තිබුනේ වයස අවුරුදු 8 ක් වන දරුවා අනතුරට ලක්වීම කොළඹ පිහිනුම් සමාජයේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් සිදුවූවක් බවටයි.
2025 සැප්තැම්බර් මස 28 වැනි දින සිදුවී ඇති මෙම අනතුර සම්බන්ධයෙන් සිය සාමාජිකයන් සහ පවුල් වල උදවියට නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිනුම් සමාජය සඳහන් කර තිබුනේ , ජීවිතාරක්ෂක නිලධාරියා දිගින් දිගටම ලබා දුන් උපදෙස් සහ සමාජයේ නීති නොපිළිපැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
පිහිනුම් සමාජය විසින් මෙම අනතුරට ලක් වූ ළමයා රෝහලට ගෙන යාමට හෝ කටයුතු කර නැති අතර එම දරුවා රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ව්‍යායාම් ශාලාවේ සිටි අයකු විසින් බවටත් රෙහාන් ජයවික්‍රම සිය X ගිනුමේ පසුගියදා සටහනක් කර තිබුනි.




