ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඒ අනුව අගෝස්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 6.178ක් වූ නිල නිල සංචිතය සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 6.243 දක්වා ඩොලර් මිලියන 65කින් ඉහළ ගොස් ඇත.
මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මෙම වසරේ එක් මාසයකදී වාර්තාවූ වැඩිම විදේශ නිල සංචිතය වූයේ ඉකුත් මාර්තු මාසයේ වාර්තා වූ ඩොලර් බිලියන 6.5ක මුදල බවද මහ බැංකුව පවසයි.
(සටහන |ජේ.මුණසිංහ)




