ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට ප්‍රතිලාභීන් උනන්දු කරවන්නැයි මුදල් අමාත්‍යංශය කියයි.
කෘෂිකර්ම, ඉඩම් වාරිමාර්ග සහ මහවැලි අමාත්‍යංශය යටතේ අය වැයෙන් යෝජනා කළ තරුණ කෘෂි ව්‍යවසායක දිරි ගැන්වීමේ ණය වැඩසටහන ඉතා හොඳ එකක් බවත්, නමුත් ඉන් ප්‍රතිලාභ ලබා ගැනීමට කඩිනමින් තරුණ ව්‍යවසායකයින් වෙත මෙම පණිවිඩය ගෙන යා යුතු බවත් මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.
කෘෂිකර්ම අමාත්‍යංශය සහ ඒ යටතේ ඇති ආයතන මගින් තෝරාගත් කෘෂි ව්‍යවසායකයින්ට මෙම ණය පහසුකම් ලබා ගැනීමට බැංකු පද්ධතිය වෙත යොමු කෙරේ. එසේ කඩිනමින් ඔවුන් ඒ සඳහා යොමු කොට මෙහි ප්‍රතිලාභ හිමි කර දීම අදාළ බලධාරීන්ගේ යුතුකම වේ.
ඒ අනුව මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු අතර මේ සඳහා රජය වෙන් කළ මුදල රුපියල් මිලියන පන්සීයකි. උපරිම රුපියල් මිලියන පහක මුදලක් එක් අයෙකුට මේ මගින් ලබා ගත හැකිය. තරුණ කෘෂි ව්‍යවසායකයින් දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කරන ස්මාර්ට් කෘෂිකර්මාන්තයක් කරා යොමු කොට ඉහළ ආදායමක් සහ සුරක්ෂිත අනාගතයක හිමිකරුවන් කිරීම මෙහි අරමුණයි.
(සටහන | ජේ.මුණසිංහ)




