The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

රුපියල් කෝටි අට දහස ලබා ගන්න ඉල්ලුම් කරන්නැයි මුදල් අමාත්‍යංශය ව්‍යවසායකයින්ට ආරාධනා කරයි

T

The Leader Desk

October 8, 2025 • 3:06 PM

රුපියල් කෝටි අට දහස ලබා ගන්න ඉල්ලුම් කරන්නැයි මුදල් අමාත්‍යංශය ව්‍යවසායකයින්ට ආරාධනා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • F 2025දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවන්නට රජය රුපියල් කෝටි විසි දහසක් වෙන් කළා.
  • F ණය පහසුකම් ලබාගෙන ඇත්තේ රුපියල් කෝටි දොළොස් දහසයි.
  • මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ප්‍රජාවගෙන් මෙම ඉල්ලීම කළේ කොළඹ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවැති විශේෂ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ රැස්වීමේදීය.
  • එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂ ජනරාල්වරයා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුලු සමස්ථ ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වනුයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් අඩු පොලී අනුපාතය යටතේ ලබා ගැනීමට ඇති ගැටළුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


F 2025දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවන්නට රජය රුපියල් කෝටි විසි දහසක් වෙන් කළා.

F ණය පහසුකම් ලබාගෙන ඇත්තේ රුපියල් කෝටි දොළොස් දහසයි.

 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මේ වසරේ අය වැයෙන් වෙන් කළ රුපියල් කෝටි විසි දහසක මූල්‍ය පහසුකම් ලබා ගැනීම යටතේ මේ වන විට රුපියල් කෝටි දොළොස් දහසක ණය අනුමත වී ඇති බවත් ඉතිරි රුපියල් කෝටි අට දහසක මුදල ඉක්මනින්ම බැංකු පද්ධතිය වෙත පැමිණ මූල්‍ය පහසුකම් ලෙස ලබා ගන්නැයි ඉල්ලා සිටින බවත් මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ප්‍රජාවගෙන් මෙම ඉල්ලීම කළේ කොළඹ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද  (08) පැවැති විශේෂ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ රැස්වීමේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂ ජනරාල්වරයා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුලු සමස්ථ ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වනුයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් අඩු පොලී අනුපාතය යටතේ ලබා ගැනීමට ඇති ගැටළුවයි.

එමෙන්ම ඒ සඳහා සුරැකුම් ලෙස තැබීමට වත්කමක් හෝ සුරැකුමක් නොමැතිවීමයි. මෙම ගැටළු දෙකටම විසඳුම් ලෙස රජය මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව හරහා මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක සහභාගීත්වය ඇතිව විශේෂ ණය යෝජනා ක්‍රම මෙන්ම ජාතික ණය සුරකුම් ආයතනය පිහිටුවා කටයුතු කරනවා.


ඒ අනුව දැනට පවත්නා ව්‍යාපාරයක්, ව්‍යවසායක් සාර්ථකව ඉදිරියට ගෙන යන පිරිස් (PL) රුපියල් මිලියන විසි පහ දක්වා කාරක ප්‍රාග්ධනයක් 7%ක් වැනි අඩු පොලියකට ලබා දෙනවා. මෙහි ණය මුදල්වල පොලිය ගෙවීමට මාස 12ක සහන කාලයක් ලබා දෙනවා. ණය මුදල වසර 10කින් ගෙවිය හැකි ලෙස සකස් කොට තිබෙනවා.

මීට අමතරව දැනට නිසියාකාරව බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි පිරිස් (NPL) ලෙස අතදීමක් ලෙස රුපියල් මිලියන 15ක මුදලක් වාර්ෂිකව 8%ක පොලියකට ලබා දෙනවා. ණය මුදල ලබාගෙන මාස 06ක කාලයක් යන තුරු පොලී මුදල්ගෙවීමට අවශ්‍ය නැහැ. ණය මුදල් ආපසු ගෙවීමට වසර 05ක කාලයක් ලබා දෙනවා.

 

ජාතික ණය සුරැකුම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු ...

මේ වන විට රුපියල් මිලියන තුන්දහස් පන්සීයක් වටිනා ඇප කර ලබාදීමක් කර තිබෙනවා. ඒ අනුව ණය පහසුකම් 633ක් ලබා ගැනීමට උදව් කර තිබෙනවා. ඉදිරියේදී තව දුරටත් තම සේවා පුළුල් කොට ලබා දෙනවා. ඒ සඳහා ව්‍යවසායක ප්‍රජාව දැනුවත් කිරීම මාධ්‍ය වෙත පැවරී ඇති විශාල වගකීමක් මෙන්ම සමාජ ප්‍රගමණය උදෙසා කරනු ලබන වගවීමක්.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර..

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ජනතාවට සහන සැලසීමට විශාල වැඩ කොටසක් සිදු කරනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සහනදායි ණය යෝජනා ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒවායින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ප්‍රතිලාභීන් උනන්දු කරවීම කළ යුතුයි. එහිදී මාධ්‍යයන්ගේ සහය අපි බලාපොරොත්තු වෙනවා.

මෙම විශේෂ හමුවට මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු සහභාගී වී සිටියහ.

(සටහන | ජේ.මුණසිංහ)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...