The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

හොරු අල්ලන්නට පැමිණි ආණ්ඩුව හොරු රකිනවා ද කියල සැකයි - එස්. එම්. මරික්කාර්

T

The Leader Desk

October 9, 2025 • 3:37 AM

  හොරු අල්ලන්නට පැමිණි ආණ්ඩුව හොරු රකිනවා ද කියල සැකයි - එස්. එම්. මරික්කාර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම පැන විමසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.
  • ප්‍රවාහන අමාත්‍යාංශයට වෙන් කරලා තිබුණ රුපියල් බිලියන 36.6 ක මුදලක් නැවත පරිපූරක ඇස්තමේන්තුව හරහා ණය ගෙවීම සඳහා යොමු කිරීම පිළිබඳව තමයි තියෙන්නේ.
  • මොකද මේ සා විශාල මුදල් ප්‍රමාණයක් ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන ණයක් වෙනුවෙන් කලින්ම යවන්න වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ අමාත්‍යාංශය යටතේ විශාල වැඩ කොටසක් කරන්න තියෙද්දි.
  • විශේෂයෙන්ම කොළඹ නගරයේ metropolitan area එකේ bottle neck 300ක් විතර තියෙනවා අඳුන ගත්තු ඒවා ඩෙවලොප් කරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම පැන විමසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු දැක්වූ එස්. එම්. මරික්කාර්...

ලබන වසරේ ගෙවිය යුතු ණයක් කලින් ම යවන්නෙ ඇයි...?

ප්‍රවාහන අමාත්‍යාංශයට වෙන් කරලා තිබුණ රුපියල් බිලියන 36.6 ක මුදලක් නැවත පරිපූරක ඇස්තමේන්තුව හරහා ණය ගෙවීම සඳහා යොමු කිරීම පිළිබඳව තමයි තියෙන්නේ. ඇමතිතුමා මේ පිළිබඳව යම් යම් කරුණු දැක්වූවා. එතකොට විදේශීය ණය ලබා ගන්නා ආයතනවලින් වර්ෂය මුල දී කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට ඒ මුදල් ලැබුණ අත නැත්තං මේක over budget  කළා ද? ව්‍යාපෘතිවල ප්‍රමාදයන් තියෙනවද ? එහෙම නැතිනම් cancellation  නිසා මෙහෙම වුණාද කියන ගැටලුවකුත් තියෙනවා.

මොකද මේ සා විශාල මුදල් ප්‍රමාණයක් ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන ණයක් වෙනුවෙන් කලින්ම යවන්න වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ අමාත්‍යාංශය යටතේ විශාල වැඩ කොටසක් කරන්න තියෙද්දි. විශේෂයෙන්ම කොළඹ නගරයේ metropolitan area එකේ bottle neck 300ක් විතර තියෙනවා අඳුන ගත්තු ඒවා ඩෙවලොප් කරන්න. විශේෂයෙන් ම elevated highway එකේ වරාය පිවිසුම් මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරලා නැහැ. මේ මුදල් යද්දි ඒක ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට රාජගිරියේ ඉඳලා නාවල පාරේ කිරිමංඬල පාර දක්වා මාක් කරලා තියෙන road winding එකට,  ඒකෙ වැඩ  ආරම්භ වෙලත් නැහැ. නියෝජ්‍ය ඇමතිතුමා මේවා ලියාගන්න එක  ගැන සතුටුයි.

ඊගාවට බුද්ගමුව පාරේ පාලම ගාව තියෙන ට්‍රැෆික් එක, මං දන්නෑ ඒකට මොනවා හරි පියවරක් අරන් තියෙනවද?

කන්කසන්තුරය වරාය දියුණු කරන්න ඉන්දියාව දෙන ඩොලර් මිලියන 63.5 නොගන්නෙ ඇයි...?

ඊළඟට හයිවේ එකට යන පාරවල්. අකුරේගොඩ හමුදා මූලස්ථානයෙන් එහාට මාලඹේ අතුරුගිරිය පාරට යනකන් ට්‍රැෆික් එක. මං දන්නේ නැහැ ඒකේ රෝඩ් වයිනින් එකක් කරන්න අඳුරගෙන තියෙනවද?

ඒ වගේම බේස්ලයින් මාර්ගයේ කිරුළපන හන්දියේ ඉඳලා කොහුවල  දක්වා වන්දි ගෙවලා ඉවරයි. ගුවන් පාලම යන්නේ නැත්නම් road winding  එකක් යනවා කියලා තිබුණා. ඒ වැඩ කටයුතුත් ආරම්භ වෙලා නැතුව තියෙද්දි තමයි මේ මිලියන 36600  ක මුදලක් නැවත යවන්නේ. දළ වශයෙන් මේ ගමේ පාරකට කිලෝමීටරයකට කාපට් කරන්න මිලියන දහයක් යනවා කියලා ගණන් බැලුවොත්, කිලෝ මීටර් 3600 ක් හදන මුදල්. මං කියන්නේ ඒ වැඩ උනානම්, ගමේ බාසුන්නැහේටද නැත්නම් තාර විකුණන කෙනාටද තේ කඩේටද ඒ ඔක්කොටම ව්‍යාපාරයක් තියෙනවා . ඒවත් මේකෙන් අහිමිවෙනවා කියන එක   විශේෂයෙන්ම මතක් කරන්න ඕන.

කන්කසන්තුරය වරායට ඩොලර් මිලියන 63.5 ක් ඉන්දියාවෙන් නිකන් දෙනවා දියුණු කරන්න. මම දන්නේ නැහැ ඒක ගන්නෙ නැත්තේ මොකද කියල. වරාය අධිකාරියේ සභාපතිතුමාගෙන් ඒ සම්බන්ධව ඇහුවාම එතුමාට කෙලින් පිළිතුරක් දීගන්න බැහැ. මේකෙන්  දකුණු ඉන්දියානු වෙළඳපොළයි අපියි අතර තියන මර්ජින් එක නැතිවෙනවා.  මොකද දකුණු ඉන්දියාවේ වෙළඳපොල ලංකාවේ ආර්ථිකය වගේ බර ගාණකින් ලොකු වැඩි. එතකොට අපි ලෝකයට විවෘත වෙන්නේ නැතුව තවම සංවෘත මානසිකත්වයෙන් බලනව ද කියන එක පැහැදිලිවම අහන්න වෙනවා.

විශේෂ කොමිසමක් දාලා, වගකිවයුතු අයට දඬුවම් දෙන්න

ඇමතිතුමා කිව්වා පහුගිය කාලේ සිදුවෙච්ච දූෂිතම කාර්යයක් තමයි මේ කටුනායක ගුවන් තොටුපළේ දෙවන පියවර විවෘත කිරීම.  ඔබතුමාගෙන් එක ඉල්ලීමක් කරනවා.  බිලියන පනස් පහක් රටේ බදු ගෙවන  ජනතාවගේ මුදල්වලින් ගෙවන්න වෙනවා නම්, මේක සම්බන්ධව විශේෂ කොමිසමක් දාලා, ඒකට වගකිවයුතු අයට දඬුවම් දෙන්න. ඒක මාකට් කර කර ඉඳලා වැඩක් නැහැ. දැන් ඔබතුමන්ලාට තුනෙන් දෙකේ බලයක් ලැබිල තියෙනවා. දැන් වැඩ ආරම්භ කරලා තියෙනවා. බිලියන පනස් පහක් වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා නම්, එතන සිදුවෙන ප්‍රමාදය, 2024 දෙසැම්බර් මාස තමයි වැඩ නිම වෙන්න තිබුණේ, ප්‍රමාදය සහ අතිරේකව ගෙවන්න වෙන මුදල්වලට අදාළව ඒ අයට දඩුවම්  දෙන්න කියලා.

ඒත් එක්කම මේ සංචාරක කර්මාන්තයෙන් අපි පෙන්නුවාට ජනවාරි මාසෙ ඉඳලා අගෝස්තු මාසය දක්වා ඩොලර් බිලියන 2.3 යි ඇවිල්ලා තියෙන්නේ. ගිය අවුරුද්දේ එම කාලසීමාවට ඩොලර් බිලියන 2.2යි. ඩොලර් මිලියන සීයකින් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා high end tourists , commercial tourists  ගෙන්වා ගැනීම වැදගත් වෙනවා. 2003 මැයි 21 වැනිදා යෝජනාවක් ගෙනල්ලා තියෙනවා මේ පාර්ලිමේන්තුවට උඩින් ගුවන්යානා යන්න බැහැ කියලා. ඒ කාලේ යුද්දෙ තිබුණා. අද පෙන්ටගනයෙනුත් අඩි 30000කට උඩින් ගුවන් යානා එනවා . London city airport  එකේ දිග රත්මලානට වඩා අඩුයි . ඇයි මේක විවෘත කරන්නෙ නැත්තේ මේකෙන් කොච්චර සංචාරකයෝ ප්‍රමාණයක් ගෙනල්ලා අතිරේක ආදායම් උපයන්න පුළුවන් ද? දැන් ජනාධිපතිතුමා හැම වෙලේම කියනවා අපි ඕන තරම් සල්ලි දීලා තියෙන්නේ. හැබැයි දුන්නු ප්‍රමාණයට වැඩ කරන්න බැහැ කියලා. එතකොට ඒක නොහැකියාව ද,

සැලසුම් නොමැතිකම ද, කාර්යක්ෂමතාවය අඩුවීමක් ද?

රුපියල් බිලියන පහකට ආසන්න බද්ද  අය කර නොගන්නේ ඇයි...?

පහුගිය රජය කාලෙ ලංකාවට පිරිපහදු නොකළ පොල්තෙල් ගේනකොට බද්දක් ගහන්න ඕන. ඊට පස්සේ ඒවා නැවත බෝතල් කරලා විකුණනකොට නැවත vat බද්ද සහ cess බද්ද ගෙවන්න ඕන. එතකොට සමාගම් තුනක් සමාගම් හයක නමින් රුපියල් බිලියන පහකට ආසන්න බද්දක්  ගිය අවුරුද්දේ ජනවාරි මාසෙ පළවෙනිදා ඉඳලා ඔක්තෝම්බර් මාසය දක්වා ගෙවලා නැහැ. මම පහුගිය අයවැය විවාදයේදී මේ පිළිබඳව කිව්වා. ඒක අය කර ගන්නවා කියලා කිව්වා. ජනවාරි 22 වැනිදා වෙළඳ ඇමතිතුමාගෙන් ඇහුවාම කිව්වා ඒ පිළිබඳව කටයුතු කරනවා කියලා. Document  ඉල්ලුවා ඒවත් දුන්නා.

ඊගාවට අගමැතිතුමියගේ ප්‍රශ්න වටයේදී 2025.02.05 වැනිදා  අහනකොට එතුමිය පිළිගත්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියලා තියෙනවා මේක ගෙවන්න ඕන කියල. මට කිව්වා සභාගත කරන්න . මෙන්න මං සභාගත කරා  . හිටපු ජනාධිපතිවරයාගෙන් tax exemption  ඉල්ලලා තිබ්බා ගැසට් එකේ පැහැදිලිව ගෙවන්න කියලා තියෙද්දි. මේ තියෙන්නේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව විමසීම් කරලා යවනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙන්න දෙන උත්තරේ. මේක අය කරගන්න ඕන කියලා අන්තිම වාක්‍යයක් දානවා, IRD recommends that the observation from ..... ..(.company ) ...should also be taken into account when formulating any policy direction in this matter. මේ ගිය ආණ්ඩුව කාලෙ වෙන්නේ  . අගමැතිතුමිය පැහැදිලි උත්තරයක් දුන්නා මං ගාව තියෙනවා ඒකේ හැන්සාඩ් එක. නමුත් අද මේ වෙනකන් අය කරගෙන නැහැ. එතකොට දෙකයි වෙන්න පුළුවන්. එක්කෝ මේ අය පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙනල්ලා පිරිපහදු  කරන්නේ නැතුවම බෝතල් කරලා විකුණලා තියෙනවා . එතකොට බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්.

එහෙම නැත්නම් මේ අය ගිය අවුරුද්දේ ජනවාරි මාසෙ ඉඳලා ඔක්තෝබර් මාසෙ වෙනකං බිලියන 5යි නම් දැන්  අවුරුද්දක් ගිහිල්ලා මේ වෙනකොට රුපියල් බිලියන දහයකට වැඩිය මේ සමාගම් ගෙවන්න තියෙනවා. හොරු අල්ලන්න ආපු ආණ්ඩුවට හොරු පෙන්නල දීල තියෙද්දිත්, ගෙවන්න ඕන ඒව පෙන්නලා දීලා තියෙද්දිත්, ඒවා පිළි අරගෙන අය කරගන්නවා කියලා එකඟ වෙලා මේවා නොකරන්නේ කාට හරි කොමිස් එනවද  ? ඇමතිතුමා,  නැත්නම් කවුරුහරි ඒ අයව රකිනවද  ?      එහෙම නැත්නම් ඔබතුමා මුදල් නියෝජ්‍ය ඇමතිවරයා විදියට ඔබතුමා දෙන උත්තර පිළිගන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ . ඒක ආණ්ඩුවෙන්මයි කිව්වේ  . නමුත් ඔබතුමා දෙන පිළිතුර අපි පිළිගන්නම්. මේ පිළිබඳව පැහැදිලි පිළිතුරක් මේ සභාවට ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ඒක ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුවට හොඳයි. ආණ්ඩුව නිවැරදිව වැඩ කරනවා. ආණ්ඩුව හොරු ආරක්‍ෂා කරන්නේනැහැ. ආණ්ඩුව හොරුත් එක්ක ඩීල් නැහැ. කියල පෙන්නන්න හොඳ අවස්ථාවක්. ලබන මාසයේ අයවැය එනවා   . අයවැය පරතරයෙන් කොටසක් පියවගන්නත් පුළුවන් මේ මුදල් අය කර ගත්තොත් එහෙම.

ආණ්ඩුව බාරගනිද්දී සමස්ත ණය ඩොලර් බිලියන අනූ තුනයි, දැන් එකසිය පහයි

පහුගිය දවස්වල residential visa වැඩසටහනක් තිබුණා ඇමෙරිකන් ඩොලර් ලක්ෂයකට investment  කරන අයට. මං ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඇත්තටම මේ ඉල්ලුම් කරන අය පිටරට ඉඳලා ඩොලර් ගේන අයද?  නැත්නම්  ලංකාවේ ඉඳලා හම්බ කරලා ඒ මුදල් re invest කරලා ගන්න ඒවද කියල. එහෙම වුණොත් අපේ පර්පස් එක වෙනස් වෙනවා.  සංචාරකය ආවට ඒ අය වියදම් කරන්න පුළුවන් කොච්චර අයද කියලා හොයලා බලන්න ඒ නිසා අලුතින් රටට ඩොලර් පැමිණීම ඉතාම අත්‍යවශ්‍යයි. ඔබගේ ආණ්ඩුවට විදේශ ආයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. කට්ටිය හිතන් ඉන්නවා 2028 වෙනකන් ණය ගෙවන්න ඕනෙ නෑ කියලා. ආණ්ඩුව බාරගනිද්දී සම්පූර්ණ සමස්ත ණය ඩොලර් බිලියන අනූ තුනයි. දැන් එකසිය පහකට විතර ගිහිල්ලා. ඒ කියන්නේ මේ අවුරුද්ද තුළ ණය බර ඩොලර් බිලියන 12කින් වැඩි කරලා තියෙන්නේ.හැබැයි ඒකෙන් 14.5 ක් ආසන්න ප්‍රමාණයක් තමයි ජාත්‍යන්තර බැඳුම්කරණ අය හිමියන්ගෙන් අරන් තියෙන්නේ   . එතකොට ඉතුරු ණය සර්විස් එක දෙන්න ඕනේ. භාණ්ඩාගාරයේ සංචිතය තියෙන්නේ ඩොලර් බිලියන හයයි දශම දෙකයි.

ලබන අවුරුද්දේ ඒවා ණය ගෙවාගෙන යනකොට මේ සංචිතය වැඩිවීම සඳහා අලුත් ඩොලර් ආදායම පැමිණීම ඉතා අවශ්‍යයි. ඔබතුමන්ලාගේ වාමාංශික ලිබරල්වාදී දෙමුහුන් ප්‍රතිපත්තිය නිසා විදේශ ආයෝජන එන්නේ නැත්නම්, විදේශ ආයෝජන ගේන වැඩපිළිවෙළක් හදන්ඩ කියන එක මං ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.''


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...