The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වත්මන් ආණ්ඩුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ටත් උතුර සහ දකුණු ලෙස භේදයක් ඇති නොකර සාධාරණ ලෙස සලකනවා – බිමල් රත්නායක

T

The Leader Desk

October 9, 2025 • 3:55 AM

වත්මන් ආණ්ඩුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ටත් උතුර සහ දකුණු ලෙස භේදයක් ඇති නොකර සාධාරණ ලෙස සලකනවා – බිමල් රත්නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය 04වන දා යාපනය දිස්ත්‍රික්කයේ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කයිට්ස්, කුරිකඩ්ඩුවාන් ජැටිය ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම නිල වශයෙන් ආරම්භ කරමින් කුරිකඩ්ඩුවාන් මංසන්ධියේ පැවති ජනහමුව අමතමිනි.
  • රුපියල් මිලියන 299ක ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මේ සඳහා වැයකරනු ලබන අතර, මාර්ගයේ ඉදිකිරීම් මාස නවයක කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව 2026.07.03 වන දින මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
  • වත්මන් ආණ්ඩුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ටත් උතුරු හා දකුණු ලෙස භේදයක් ඇති නොකර සාධාරණ ලෙස සලකනවා.
  • ගුරුවරු ඇතුලු රාජ්‍ය නිලධාරීන්ට වගේම පොදු මහජනතාවටත් මාර්ග පහසුකම් අත්‍යාවශ්‍යයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය 04වන දා යාපනය දිස්ත්‍රික්කයේ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කයිට්ස්, කුරිකඩ්ඩුවාන් ජැටිය ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම නිල වශයෙන් ආරම්භ කරමින් කුරිකඩ්ඩුවාන් මංසන්ධියේ පැවති ජනහමුව අමතමිනි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක ‘පුනරුදයට මඟ’ ජාතික වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. රුපියල් මිලියන 299ක ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මේ සඳහා වැයකරනු ලබන අතර, මාර්ගයේ ඉදිකිරීම් මාස නවයක කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව 2026.07.03 වන දින මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

ජනතාව බලාපොරොත්තු වන සාධාරණ ඉල්ලීම් රජය ඉටුකර දෙනවා

“උතුරේත්, දකුණේත් සමස්ත පොදු මහජනතාව ආණ්ඩුවට ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කරන්නේ සෑම පුරවැසියෙකුට ම සාධාරණව සලකන්න. උතුරේ ආණ්ඩු, කොළඹ ආණ්ඩු කියා එදා දේශපාලනඥයින්, රටේ ජනතාවට සමාන සේවයක් කරේ නැහැ. වත්මන් ආණ්ඩුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ටත් උතුරු හා දකුණු ලෙස භේදයක් ඇති නොකර සාධාරණ ලෙස සලකනවා. දිවයිනේ නන් දෙසින් පැමිණෙන දසදහස් ගණනක් ජනතාව නාගදීපයටත්, කෝවිල්වලටත් යෑම සඳහා මෙම ප්‍රවේශ මාර්ගය භාවිත කරනවා.

එමෙන් ම දූපත්වල හැමදාම ජීවත්වන ජනතාවක් ද සිටිනවා. ගුරුවරු ඇතුලු රාජ්‍ය නිලධාරීන්ට වගේම පොදු මහජනතාවටත් මාර්ග පහසුකම් අත්‍යාවශ්‍යයි. සංචාරකයින් ගමනාගමනයේ දී මුහුණදුන් අපහසුතා රැසක් මෙම ව්‍යාපෘතිය අවසන්වීමත් සමග අවසන් වෙනවා. ජනතාව බලාපොරොත්තු වන සාධාරණ ඉල්ලීම් රජය ඉටුකර දෙනවා වගේම වගකිවයුතු රජයක් ලෙස සැලසුම් කළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරනවා. මෙම මාර්ගයේ අත්‍යාවශ්‍යතාව පිළිබඳ දැනුවත් කළේ නාවික හමුදා නිලධාරිවරයෙක්. එම ඉල්ලීම පිළිබඳ දිසාපති, නාවික හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර එම යෝජනා ද සැලකිල්ලට ගනිමින් මෙම කාර්යය ඇරඹීමට හැකිවුණා. මාර්ග භාවිතයත්, බෝට්ටු සේවාවන් පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කළා.

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්

සංවර්ධනයට නිසි සම්බන්ධීකරණයක් අවශ්‍යයි. අත්‍යවශ්‍ය සේවා සලසාගන්න: විදුලිය, බලශක්තිය වගේ ම ඉහළ සම්බන්ධීකරණයක් අවශ්‍යයි. මෙම ප්‍රවේශ මාර්ගය සංවර්ධනයට සමගාමීව රුපියල් මිලියන 800ක් වැයකරලා එකවර යාත්‍රා හතක් නවතා තැබිය හැකි ලෙස ජැටිය සංවර්ධනය කරනවා. එමෙන්ම ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීමට අමතරව කිලෝමීටර් 3.2ක් වූ ඉතිරි මාර්ග කොටසත් සංවර්ධනය කරනවා. සති අන්තයේ එන බැතිමතුන් ඇතුලු 15,000කට අධික ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපුරා දීමටත්, වාහන නවතා තැබීමට නව රථගාලක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

 ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක් ලබාදීමට අද දින ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග එකඟතාවකට පත්වුණා. නාවික හමුදාවේත් සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේ මගින් ඩෙල්ෆ්ට් ජනතාවටත් කොළඹ මිළට ම ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ඩෙල්ෆ්ට් දූපතේ ජෙනරේටරයට ඉන්ධන පහසුකම් ලබාදීමට පැය 07ක කාලයක් ගත වෙනවා. පිරවුම්හල ආරම්භ කළ පසු විනාඩි 45කින් එයට ඉන්ධන පොම්ප කිරීමේ පහසුකම සැලසෙනවා. අදියර දෙකක් යටතේ ඛණිජතෙල් සැපයීම් සේවාව ක්‍රියාත්මක කරනවා. පළමු අදියර සඳහා ඛණිජ තෙල් සංස්ථාව රුපියල් මිලියන පනහක මුදලක් වැය කරනවා.

රජයට සියලු දෙනාගේ ම සහයෝගය අවශ්‍ය යි

ජාතික සමගියත්, ආගමික සමගියත් තහවුරු කළ රාජ්‍ය පාලනයක් මගින් භේදයකින් තොරව කරන මෙම සංවර්ධන ක්‍රියාදාමය නිසා එකම ජැටියේ එකම බෝට්ටුවකින් නාගදීපයටත්, අම්මාන් කෝවිලටත් සහජීවනයෙන් ගමන් කළ හැකි යුගයක් නිර්මාණය වී තිබෙනවා. ජාතිවාදය පිටුදකින, අදූෂිත පාලනයක් ගෙනයන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු රජයට සියලු දෙනාගේම සහයෝගය ඉදිරියටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාධක්‍රිෂ්ණන් චන්ද්‍රසේකරන්, උතුරු පළාත් ආණ්ඩුකාරවර නාගලිංගම් වේදනායගම්, ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපවන් ආනන්ද රාජා, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමරන්, යාපනය දිසාපති ප්‍රදීපන්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා, මාර්ග සංවර්ධන අධිකාරයේ පළාත්භාර අධ්‍යක්‍ෂ (උතුරු පළාත) කෲස් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහ පොදු ජනතාව ද එක්ව සිටියහ.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...