The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ආරක්‍ෂක ලේකම් කියු දේ ප්‍රසිද්ධ කළ මන්ත්‍රීවරයා නෙරපිය යුතුයි - ඇමති වසන්ත

T

The Leader Desk

October 9, 2025 • 12:31 PM

පාස්කු ප්‍රහාරය ගැන ආරක්‍ෂක ලේකම් කියු දේ ප්‍රසිද්ධ කළ මන්ත්‍රීවරයා නෙරපිය යුතුයි - ඇමති වසන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුවට පැමිණ එම නිලධාරින් අදාළ ප්‍රකාශ ලබා දෙන්නේ කාරක සභාව ගැන විශ්වාස කරමින් බවත් හෙතෙම කියා සිටියි.
  • එවන් එවන් ප්‍රකාශයන් තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වාර්තා කරන මන්ත්‍රීවරුන් සිදු කරන්නේ බරපතළ වරදක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවත් ඇමතිවරයා පැවසීය.
  • හරි නම් එම වරදකළ මන්ත්‍රීවරයා කාරක සභාවෙන් නෙරපිය යුතු බවත් ඔහු කියා සිටියේය.
  • අදාළ කරුණාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතුවූ සංවාදයකදී ඔහු මේ බව සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තුවට පැමිණ එම නිලධාරින් අදාළ ප්‍රකාශ ලබා දෙන්නේ කාරක සභාව ගැන විශ්වාස කරමින් බවත් හෙතෙම කියා සිටියි.

එවන් එවන් ප්‍රකාශයන් තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වාර්තා කරන මන්ත්‍රීවරුන් සිදු කරන්නේ බරපතළ වරදක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවත් ඇමතිවරයා පැවසීය.

හරි නම් එම වරදකළ මන්ත්‍රීවරයා කාරක සභාවෙන් නෙරපිය යුතු බවත් ඔහු කියා සිටියේය.

අදාළ කරුණාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතුවූ සංවාදයකදී ඔහු මේ බව සඳහන් කළේය.



පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න තහවුරු කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් පවසයි.

උසස් නිලතල කාරක සභාවේදී තමා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෙනෙවිරත්න මේ බව සඳහන් කළ බව සිය X ගිණුමේ සටහනක් තබවමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

nissam ka
පොලිසියෙන් පැහැදිලි කිරීමක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සත්‍යයෙන් තොර බවත්, අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.
pmd 535453

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...