The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මන්නරාම සුළං බල ව්‍යාපෘතියේ දෙවන අදියර සම්බන්ධව ඔස්ට්‍රේලියානු සහයෝගිතා කමිටුව ජනපතිවරයාට ලියයි

T

The Leader Desk

October 9, 2025 • 3:02 PM

මන්නරාම සුළං බල ව්‍යාපෘතියේ දෙවන අදියර සම්බන්ධව ඔස්ට්‍රේලියානු සහයෝගිතා කමිටුව ජනපතිවරයාට ලියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවා රාත්‍රි සත්‍යග්‍රහයක නිරත වූ මන්නාරමේ ජනතාව වෙත සැප්තැම්බර් 27 වන දින එල්ල කරන ලද කුරිරු පොලිස් මර්දනය යහපත අපේක්ෂා කරන සියළු දෙනා විසින් තරයේ හෙළා දැකිය යුතු යැයි ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතා කමිටුව සඳහන් කරයි.
  • ඔවුන් මේ බව සඳහන් කරන්නේ එහි ලේකම් ලයනල් බෝපගේ ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  • එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන ආකාරයට මන්නාරම් ප්‍රදේශවාසීන්ට විශේෂ වූ දිගු කාලීන නිෂේධනාත්මක බලපෑම් යථාර්ථයක් විය හැකි වන විට මන්නාරම් ජනතාවගේ සමාජ ශුභ සාධනය සහ ඔවුන්ගේ පරිසර සංරක්ෂණය පිළිබඳව නිසි ලෙස සලකා බැලිය යුතු ය.
  • ආණ්ඩුවේ කැමැත්ත ජනතාව මත බලහත්කාරයෙන් පැටවීම සහ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අධික පොලිස් බලය යෙදවීම කිසි විටෙකත් විසඳුම විය නොහැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

දිවා රාත්‍රි සත්‍යග්‍රහයක නිරත වූ මන්නාරමේ ජනතාව වෙත සැප්තැම්බර් 27 වන දින එල්ල කරන ලද කුරිරු පොලිස් මර්දනය යහපත අපේක්ෂා කරන සියළු දෙනා විසින් තරයේ හෙළා දැකිය යුතු යැයි ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතා කමිටුව සඳහන් කරයි.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ එහි ලේකම් ලයනල් බෝපගේ ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන ආකාරයට මන්නාරම් ප්‍රදේශවාසීන්ට විශේෂ වූ දිගු කාලීන නිෂේධනාත්මක බලපෑම් යථාර්ථයක් විය හැකි වන විට මන්නාරම් ජනතාවගේ සමාජ ශුභ සාධනය සහ ඔවුන්ගේ පරිසර සංරක්ෂණය පිළිබඳව නිසි ලෙස සලකා බැලිය යුතු ය.

ආණ්ඩුවේ කැමැත්ත ජනතාව මත බලහත්කාරයෙන් පැටවීම සහ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අධික පොලිස් බලය යෙදවීම කිසි විටෙකත් විසඳුම විය නොහැකි ය. ඒ වෙනුවට, ඕනෑම තිරසාර සංවර්ධනයකට සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය මඟ පෙන්විය යුතු ය.

ඒ අනුව,

 (අ) සාමකාමී ලෙස විරෝධය පෑම අපරාධයක් ලෙස සැලකීම නතර කරන ලෙසත්, පොලිස් කෲරත්වය ගැන ස්වාධීන පරීක්ෂණයක් දියත් කරන ලෙසත්, සහ වැරදි කරුවන් වගකිව යුතු බවට පත් කරන ලෙසත්;

(ආ) සංවර්ධන කටයුතු කිසි විටෙකත් මානව අයිතීන් උල්ලංඝනය නොකල යුතු බැවින්, තිරසාර සංවර්ධනය සඳහා මන්නාරම දූපත් වාසීන්ගේ නීත්‍යානුකූල
ආයාචනයට සවන් දෙන ලෙසත්;

(ඇ) මන්නාරමේ ජනතාව සහ පැවිදි පක්ෂය කෙරෙහි මෙම ව්‍යාපෘතිය ඇති කර තිබෙන දැවැන්ත ආවේගාත්මක  බලපෑම වඩා විශාල, දේශපාලනික වශයෙන් මිල අධික වැරැද්දක් බවට පත් වන්නට පෙර ඊට පිළියම් කරන ලෙසත්;

ඔස්ට්‍රේලියානු සහයෝගිතා කමිටුව ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.

මතු පළ වන්නේ ඔස්ට්‍රේලියානු සහයෝගිතා කමිටුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...