ඒ අනුව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.
ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දී තිබේ.
බිමල් නිරෝෂන් රත්නායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ලෙස දිව්රුම් දී ඇති අතර ඔහු විසින් දැරූ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යධුරය අනුර කරුණාතිලක වෙත පවරා ඇත.
අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මතු දැක්වේ.
1- බිමල් නිරෝෂන් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
2- අනුර කරුණාතිලක - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
3- වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ - නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
1- අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
2- ටී.බී. සරත් මහතා – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
3- එම්.එම්. මොහොමඩ් මුනිර් මහතා – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
4- එරංග ගුණසේකර මහතා – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
5- වෛද්‍ය මුදිත හංසක විජයමුණි මහතා – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
6- අරවින්ද සෙනරත් විතාරණ මහතා -ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
7- එච්.එම්. දිනිඳු සමන් කුමාර මහතා – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
8- යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
9- ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
10- එම්.අයි.එම්. අර්කම් මහතා – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය





