The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක් - අගමැතිනිය

T

The Leader Desk

October 10, 2025 • 8:59 AM

‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක් - අගමැතිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය.
  • “දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන අතිශය බලවත් මාධ්‍යයක් ලෙස ළමා සාහිත්‍ය හඳුන්වන්න පුළුවන්.
  • මෙවැනි ඉතා කාලෝචිත කෘතින් නිර්මාණය කිරීම හා එම පොත් පරිශීලනය කිරීමෙන් ඉදිරියේ දී ළමා සාහිත්‍ය කෘති රචනා කරන ලේඛක ලේඛිකාවන්ට ඉතා උසස් නිර්මාණ බිහි කිරීමට මනා පිටිවහලක් ලැබෙනවා.
  • දරුවන් කුඩා කාලයේ සිට ම කියවීමට යොමු කරවීම හා උසස් රසවින්දනයක් ලබා දීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා.'' ඉංග්‍රීසි භාෂාවෙන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මෙම කෘතිය ඉදිරියේ දී සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් එළිදැක්වීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):


අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් ළමා පොත් පිළිබඳ ජාතික සමුළුව මගින් ඉංග්‍රීසි බසින් සම්පාදනය කළ ළමා පොත් පිළිබඳ ව උපදෙස් සංග්‍රහය වන "Fiction Wonderland : A Comprehensive Guide to Creating
Children's Fiction Books" නමැති කෘතිය අමාත්‍යතුමිය වෙත පිළිගැන්වීමේ වැඩසටහනට එක් වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය...

“දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන අතිශය බලවත් මාධ්‍යයක් ලෙස ළමා සාහිත්‍ය හඳුන්වන්න පුළුවන්. අපේ අරමුණ වන්නේ දරුවන්ට කියවීමේ රසයත් සමග නිරෝගී, සංවේදී මනසක් ගොඩනගා දීමයි. එබැවින් ළමා  සාහිත්‍ය නිර්මාණය කළ යුත්තේ සරල වචනවලින් පමණක් නොව, දරුවාගේ මනස බබළවන විචාර සහ වටිනාකම් අන්තර්ගත කරමිනුයි.

මෙවැනි ඉතා කාලෝචිත කෘතින් නිර්මාණය කිරීම හා එම පොත් පරිශීලනය කිරීමෙන් ඉදිරියේ දී ළමා සාහිත්‍ය කෘති රචනා කරන ලේඛක ලේඛිකාවන්ට ඉතා උසස් නිර්මාණ බිහි කිරීමට මනා පිටිවහලක් ලැබෙනවා. දරුවන් කුඩා කාලයේ සිට ම කියවීමට යොමු කරවීම හා උසස් රසවින්දනයක් ලබා දීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා.''

ඉංග්‍රීසි භාෂාවෙන් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මෙම කෘතිය ඉදිරියේ දී සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් එළිදැක්වීමට නියමිත ය. මෙය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, “Room to Read” ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ඒකාබද්ධව දියත් කරන වැඩසටහනකි.

මෙම අවස්ථාව සඳහා: උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, “Room to Read” ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරිහූ පිරිසක් එක් වූහ.

 IMG 0298 copydIMG 0248x
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක් - අගමැතිනිය | The Leader