The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

රජයේ අරමුණ ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම යි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

T

The Leader Desk

October 10, 2025 • 4:16 PM

රජයේ අරමුණ ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම යි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ අද (10) කොළඹ පදනම් ආයතනයේ දී පැවැති මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය විසින් සංවිධානය කරන ලද තෙවන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.
  • එසේම ශ්‍රී ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බවත් මැණික් කර්මාන්තය මගින් උපයනු ලබන සමස්ත ආදායමම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එකතු කර ගැනීම සදහා වන ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
  • අගය එකතු කළ හැකි කිසිදු රළු මැණිකක් අපනයනය සදහා රජය කටයුතු නොකරන අතර එසේ අගය එකතු කළ නොහැකි රළු මැණික් පමණක් නීත්‍යානුකූල මාර්ගවලින් අපනයනය කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බවත් වැඩිදුරටත් පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (10) කොළඹ පදනම් ආයතනයේ දී පැවැති මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය විසින් සංවිධානය කරන ලද තෙවන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය: ශ්‍රී ලංකාවේ මැණික් ඛනිජ පිළිබඳ සමීක්ෂණය, ඒවායේ පිහිටීම හඳුනාගැනීම, විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම, යන්ත්‍ර සූත්‍ර නිපදවීම, ශිල්පීය සහ උපදේශන සේවා සැපයීම, මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ පුහුණුව ලබාදීම, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම, පත්‍රිකා සහ පොත්පත් පළ කිරීම ආදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු සිදු කරයි.

තාක්ෂණික සැසි තුනක් සහ පෝස්ටර් සැසියක්

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂකයන්ගේ පර්යේෂණ ප්‍රතිඵල හා නව තාක්ෂණයන් කර්මාන්තගත කිරීමේ අරමුණින් “Advancement of the Resent Technologies in the Gem and Jewellery Industry”  තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රණය පැවැත්වූ අතර මෙහි දී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වෙනුවෙන්: තාක්ෂණික නවෝත්පාදන, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත සංචාරක කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත පාරිසරික ගැටලු, කර්මාන්තයේ සමාජ ආර්ථිකමය පසුබිම, මැණික් ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙහි  පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණය, මැණික් නිධි හා වටිනා ලෝහ නිධි සමීක්ෂණය හා තක්සේරු කිරීම, 2030 වසරේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් මැණික් පතල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ආචාරධර්ම, මැණික්වල අගය වැඩි කිරීම, කෘතිම මැණික් හා අනුකාරක මැණික්, මැණික් හා  ස්වර්ණාභරණ වෙළඳාම යන මාතෘකා ඔස්සේ තාක්ෂණික සැසි 3 ක් හා පෝස්ටර් සැසියක් හරහා දේශීය හා විදේශීය පර්යේෂණ පත්‍රිකා 23ක් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයට සමගාමීව “Driving economic growth through a sustainable Gem and Jewellery Sector “ තේමාව ඔස්සේ විද්වත් සාකච්ඡාවක් ද සංවිධානය කර තිබුණි.

එකතු කළ නොහැකි රළු මැණික් පමණක් නීත්‍යානුකූල මාර්ගවලින් අපනයනය කරනවා

මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ:  මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ජාතික ඉලක්කයන් සපුරා ගැනීමේ දී මෙලෙස එළි දකින පර්යේෂණ හා නවෝත්පාදන වාණිජකරණය කිරීම ඉතා වැදගත් වන බවයි.

එසේම ශ්‍රී ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බවත් මැණික් කර්මාන්තය මගින් උපයනු ලබන සමස්ත ආදායමම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එකතු කර ගැනීම සදහා වන ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.  


අගය එකතු කළ හැකි කිසිදු රළු මැණිකක් අපනයනය සදහා රජය කටයුතු නොකරන අතර එසේ අගය එකතු කළ නොහැකි රළු මැණික් පමණක් නීත්‍යානුකූල මාර්ගවලින් අපනයනය කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බවත් වැඩිදුරටත් පැවසී ය.


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල,  සම්මන්ත්‍රණ සභාපති මැණික්  හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂක නලින් ජයසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතන මැණික් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයින්, විශ්ව විද්‍යාල සිසුන් හා ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු ප්‍රවීණයෝ රැසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ.

(සටහන | ලක්ෂ්මි ද සිල්වා)


xfge4563

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...