The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් ! - විමල්ගෙන් පොලිස්පතිට චෝදනා

T

The Leader Desk

October 10, 2025 • 5:00 PM

 ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් ! - විමල්ගෙන් පොලිස්පතිට චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙත ලබාදුන් ප්‍රකාශය සම්බන්ධව පොලීසිය කටයුතු කර ඇති ආකාරය ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අදහස් දක්වා තිබේ.
  • සිය මුහුණු පොතේ සටහනක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් දුන් ප්‍රකාශය පොලීසිය විසින් විකෘති කර මාධ්‍ය වෙත ලබා දී ඇති බවය.
  • එමෙන්ම තමන් ලබා දුන් ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් විමල් වීරවංශ සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.
  • විමල් වීරවංශ ගේ සම්පූර්ණ ප්‍රකාශය මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙත ලබාදුන් ප්‍රකාශය සම්බන්ධව පොලීසිය කටයුතු කර ඇති ආකාරය ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අදහස් දක්වා තිබේ.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් දුන් ප්‍රකාශය පොලීසිය විසින් විකෘති කර මාධ්‍ය වෙත ලබා දී ඇති බවය.

එමෙන්ම තමන් ලබා දුන් ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් විමල් වීරවංශ සිය මුහුණු පොතේ සටහන් කර තිබේ.

විමල් වීරවංශ ගේ සම්පූර්ණ ප්‍රකාශය මතු පළවේ.

kfpte4
මා විසින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාල වෙත ලබාදුන් ප්‍රකාශය විකෘති කොට මාධ්‍යවලට ලබාදීම සම්බන්ධවයි :

පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.

මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.

පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහා කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.

සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීන භාවයද ප්‍රශ්නයට ලක්කර ගනියි.

පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද  ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවත් කිව යුතුය.

(විමල් වීරවංශ)
නායක - ජාතික නිදහස් පෙරමුණ
2025.10.10

lkmlfter4
rte45 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...