The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

‘ඉහළ අණින්’ පෞරාණික හින්දු කෝවිලක ප්‍රධානීන්ට ත්‍රස්ත පොලිසියෙන් ප්‍රශ්න

T

The Leader Desk

October 11, 2025 • 3:47 AM

‘ඉහළ අණින්’ පෞරාණික හින්දු කෝවිලක ප්‍රධානීන්ට ත්‍රස්ත පොලිසියෙන් ප්‍රශ්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "එල්ටීටීඊ සංවිධානය සමඟ කිසියම් සම්බන්ධයක් තිබෙනවාද, හිටපු එල්ටීටීඊ සටන්කරුවන් කී දෙනෙක් ඉන්නවාද, වගේ දේවල් ඔවුන් මගෙන් ඇහුවා.
  • මට එල්ටීටීඊය සමග කිසිම සම්බන්ධයක් නැති වග මම ඒගොල්ලන්ට කිව්වා." ඔහු වැඩි දුරටත් පවසන්නේ තමන් ආදි ලිංගේස්වර කෝවිල් කමිටුවේ පරිපාලනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන්ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ (CTID) වව්නියාවේ ඒකකයේ නිලධාරීන් ප්‍රශ්න කළ බවයි.
  • ඔවුන් ආගම පදනම් කරගෙන අපව පාලනය කිරීමට උත්සාහ කරනවා.
  • පිළිමයට අමතරව එම ස්ථානයේ තැන්පත් කර තිබු ගණදෙවි, අම්මන් සහ බහිරව යන ප්‍රතිමා ත්‍රිත්වයත් එම ස්ථානයෙන් අතුරුදහන් කර ඇති බවට පළාත් බද වාර්තාකරුවන් විසින් එවකට වාර්තා කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


වවුනියාවේ වෙඩුක්කුනාරි පර්වතයේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිල් කමිටුවේ සභාපති සෙල්වතුරෙයි ශෂිකුමාර් ට සහ හිටපු ලේකම් තුරෙයිරාසා තමිල්චෙල්වන්ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ  (CTID) වව්නියාවේ පිහිටි ඒකකයට ඔක්තෝබර් 09 වැනි බ්‍රහස්පතින්දා උදෑසන කැදවා තිබුනේ ‘පුරාවිද්‍යා භුමිය සම්බන්ධ විමර්ශනයකට’ බව දැනුම් දෙමිනි. 

ලිංගේස්වර කෝවිල් කමිටුවේ සභාපති සෙල්වතුරෙයි ශෂිකුමාර්ගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු තමාගෙන් ප්‍රකාශ සටහන් කරගත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සමග තමන්ට සබඳතාවයක් පැවැතියේදැයි ප්‍රශ්න කළ බව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුද වන තුරෙයිරාසා තමිල්චෙල්වන් පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.
"එල්ටීටීඊ සංවිධානය සමඟ කිසියම් සම්බන්ධයක් තිබෙනවාද, හිටපු එල්ටීටීඊ සටන්කරුවන් කී දෙනෙක් ඉන්නවාද, වගේ දේවල් ඔවුන් මගෙන් ඇහුවා. මට එල්ටීටීඊය සමග කිසිම සම්බන්ධයක් නැති වග මම ඒගොල්ලන්ට කිව්වා."

ඔහු වැඩි දුරටත් පවසන්නේ තමන් ආදි ලිංගේස්වර කෝවිල් කමිටුවේ පරිපාලනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන්ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ (CTID) වව්නියාවේ ඒකකයේ නිලධාරීන් ප්‍රශ්න කළ බවයි.

"ඔවුන් මගෙන් ඇහුවා මම කෝවිලේ පරිපාලනයෙන් ඉවත් වුණේ ඇයි කියලා. පරිපාලන සභාව සෑම වසර දෙකකට වරක් වෙනස් කරන බව මම ඔවුන්ට කිව්වා."
වවුනියාවේ වෙඩුක්කුනාරි පර්වතයේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිල් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට හේතු කවරේදැයි විමසු තුරෙයිරාසා තමිල්චෙල්වන්ට පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ ඉහළින් ලැබුනු නියෝගයක් අනුව එම විමර්ශන සිදු කරන බවයි.
" CITD පොලිසිය කෝවිල ගැන පරීක්ෂණ පවත්වන්නේ ඇයි කියලා මම ඇහුවා. ඉහළින් ලැබුණු නියෝග මත පරීක්ෂණ පවත්වන බව ඔවුන් කිව්වා."

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් සිදු කළ මෙම ප්‍රශ්න කිරීම අනුමත කළ නොහැකි බව පවසන ප්‍රාදේශීය සභා මන්ත්‍රී තමිල්චෙල්වන් පළාත් බද මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කිරීමෙන් ක්‍රියාකාරීන් නිහඩ වනු ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සිතන බවයි.

"මෙය  පිළිගන්න බැහැ. මෙය මායිම් ගම්මානවල ජනතාව වෙනුවෙන් හඬ නඟන අපව තලා දැමීමේ ක්‍රියාවක්. ඔවුන් ආගම පදනම් කරගෙන අපව පාලනය කිරීමට උත්සාහ කරනවා. ඔවුන් සිතන්නේ ආගම වෙනුවෙන් පෙනී සිටින අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෙනාවොත් අපි බය වෙලා වැඩ කටයුතු නවත්වාවි කියලා."

ප්‍රතිමාව ගලවා ලඳු කැලෑවට විසිකරයි

වෙඩුක්කුනාරි පව්ව මුදුනේ සිව දේවාලයට 2023 වසරේ මාර්තු මාසයේ දී  හානි සිදු කළ පිරිසක් කඳු මුදුනේ තැන්පත් කර තිබූ ආදි ලිංගේශ්වරර් ප්‍රතිමාව ගලවා ලඳු කැලෑවට විසිකර දමා තිබුනි.

පිළිමයට අමතරව එම ස්ථානයේ තැන්පත් කර තිබු  ගණදෙවි, අම්මන් සහ බහිරව යන ප්‍රතිමා ත්‍රිත්වයත් එම ස්ථානයෙන් අතුරුදහන් කර ඇති බවට පළාත් බද වාර්තාකරුවන් විසින් එවකට වාර්තා කරන ලදී.

ආදි ලිංගේස්වර කෝවිලේ  මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී 2024  මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු සහ පුජා භාණ්ඩ ඇතුළු උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.

ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර  සියළු දෙනා නිදහස් කිරීමට වව්නියාව දිසා අධිකරණය 2024  මාර්තු 19 වැනිදා  නියෝග කළේය.
පළාතේ දෙමළ  ජනතාව අද වන විට වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල ලෙස හැදින්නුවද අතීතයේ එම ස්ථානය වඩ්ඩමාන පර්වත විහාරය ලෙස හඳුන්වන ලද බවට සිංහල බෞද්ධයන් අතර මතයක්ද පවති. 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...