The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සජිත් ප්‍රේමදාස ගෙන් ආණ්ඩුවට රතු එළියක් !

T

The Leader Desk

October 11, 2025 • 3:29 PM

සජිත් ප්‍රේමදාස ගෙන් ආණ්ඩුවට රතු එළියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යම් හෙයකින් රජය විදුලි බිල වැඩි කළ හොත් එයට විරුද්ධව ජනතාව සමග මහපාරට බසින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ අද (11) සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති ශ්‍රීමත් මහාමාන්‍ය ඩී.
  • සමගි ජන බලවේගයේ දේශපාලන අධ්‍යාපන විද්‍යා පීඨය වන මෙය ලියාපදිංචි කර සියලු පහසුකම් සහිතව ආරම්භ කර ඇත.
  • ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පෙරට එන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

යම් හෙයකින් රජය විදුලි බිල වැඩි කළ හොත් එයට විරුද්ධව ජනතාව සමග මහපාරට බසින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (11) සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති ශ්‍රීමත් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කළ අවස්ථාවේ දී ය.

සමගි ජන බලවේගයේ දේශපාලන අධ්‍යාපන විද්‍යා පීඨය වන මෙය ලියාපදිංචි කර සියලු පහසුකම් සහිතව ආරම්භ කර ඇත. ඒ අනුව මෙහි දී සමගි වනිතා බලවේගයේ පලාත් පාලන මන්ත්‍රීවරියන් වෙනුවෙන් වැඩමුළුවක් ද පැවැතියේ ය.

එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

පීඩා විඳින්නේ මව්වරු

''රජය රටේ ජනතාවට සුබ පණිවිඩයක් දෙන්න යනවා. ඒ සුබ පණිවිඩය වන්නේ විදුලි බිල වැඩි කිරීම යි. මේ විදුලි බිල වැඩි කිරිම සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. රජය යම් හෙයකින් විදුලි බිල වැඩි කළ හොත් මහපාරට බැස මෙයට විරුද්ධව කටයුතු කරනවා.

 විදුලි බිල වැඩි කිරිම තුළින් ගෘහයේ ආර්ථිකයෙන් පීඩා විඳින්නේ මව්වරු සහ කාන්තාවන්. දුක් ගින්නෙන්, බඩගින්නෙන්, පීඩනයෙන්, අසහනයෙන්, තැළී පොඩිවී සදාකාලික අනාථ භාවයට ලක් කරන රජයේ මේ දුර්දාන්ත ප්‍රතිපත්ති පරාජය කරන්නට කටයුතු කළ යුතු යි. ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පෙරට එන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සජබය ට පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රිවරියන් 1773ක්

පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉවත්ව පළාත් සභාවට තරග කරන්න සූදානම්. පක්ෂ්‍ය: කැපකිරීම් කර, පරිත්‍යාග කර, පළාත් සභාව ජයග්‍රහණය කරවන්න සූදානම්. ආණ්ඩුවේ මන්ත්‍රීවරු මීට පෙර එවැනි දෙයක් කළත් විපක්ෂයෙන් එවැනි දෙයක් සිදු වීම දුර්ලභ යි.

2020 පෙබරවාරි මාසයේ ලියාපදිංචි වුණ සමගි ජන බලවේගය මේ වන විට දුරකතනය ලකුණෙන් මහමැතිවරණ දෙකකට, එක් ජනාධිපතිවරණයකට සහ පළාත් පාලන මැතිවරණයකට තරග කර තිබෙනවා. අද වන විට සමගි ජන බලවේගයට ම පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රිවරියන් 1773ක් සිටිනවා. ඉන් 714ක් ම කාන්තාවන්. ඔවුන් එදා සිට කළ පරිත්‍යාගවලට කැපකිරිම්වලට ස්තූතිය පළ කර සිටිනවා. දැන් ලංකාවේ දෙවැනි වැඩිම පළාත් පාලන මන්ත්‍රීවරුන් සිටින්නේ සමගි ජන බලවේගයට යි.

දැනුමින් සන්නද්ධ වී කටයුතු කරන්න

කාන්තා හා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ලෝකය තුළ මෙන්ම ලංකාවේ ද නීති රීති අනපනත් හා ප්‍රඥප්ති තිබෙනවා. මේවා ගැන බහුතර කාන්තාවන් දන්නෙ නැහැ. මේ නීති රීති ගැන දැනුවත් විය යුතු යි. දැනුමෙන් සන්නද්ධ විය යුතු යි.

මම, දැනුම ගැනත් ඉංග්‍රීසි භාෂාව ගැනත් කියද්දි පහර පිට පහර ගැහුවත් කවදා හෝ සත්‍ය ජය ගන්නවා. එම නිසා ඒ කතා ගැන මම වැඩිය හිතන්නේ නැහැ. පුළුවන් තරම් දැනුමින් සන්නද්ධ වී කටයුතු කරන ලෙස සියලු මන්ත්‍රීවරියන්ගෙන් මෙන්ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් වෙන්න.

ඊයේ පාර්ලිමේන්තුවේ දී උසස් පෙළ හදාරණ පාසල් දූදරුවන් හමුවූ අවස්ථාවේ දී පාසලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ඇත් ද කියා විමසුවා; ඔවුන්ගේ පුස්තකාලයේ එවැනි පිටපතක් නොමැති බව පැවසුවා. රටේ යථාර්ථය මේකයි; මෙය වෙනස් විය යුතු යි.''

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න, චමින්ද්‍රානි කිරිඇල්ල, බුද්ධික පතිරණ සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අය ද එක් වූහ.
00SJB 200SJB 1

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත් ප්‍රේමදාස ගෙන් ආණ්ඩුවට රතු එළියක් ! | The Leader