අයෙකුගෙන් ලබාගත් ‘‘ඉතා වැදගත් කට උත්තරයක්’’, ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් මාධ්‍ය ඒකකය මගින් මාධ්‍ය වෙත නිකුත් කර ‘‘ප්‍රසිද්ධ කර’’ ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කරයි.
ඔහු මෙලෙස චෝදනා කළේ "පුවක්දණ්ඩාවේ සනා" නැමැති දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයකු සම්බන්ධයෙන් මීට පෙර ඔහු විසින් පළ කරන ලද සංවේදී තොරතුරු කීපයක් පිළිබඳ ව විශේෂ කට උත්තරයක් ලබා ගැනීම සඳහා තංගල්ල පොලිසියට පැමිණෙන්නැයි දන්වා, ඒ අනුව හෙතෙම පසුගිය 9වන දා තංගල්ල පොලිසියේ ‘‘අපරාධ විමර්ශන ඒකකය’’ වෙත ගොස් ලබාදුන් කට උත්තරය විකෘති කර, වෙනස් කර මාධ්‍යවලට ලබා දී ඇති බව දන්වමින් අද උදෑසන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ...

පොලිසිය අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 110/3 වගන්තිය උල්ලංඝනය කරලා
''ඉතිහාසයේ පළවෙනි වතාවට පුද්ගලයෙකු විසින් පොලිසිය සිදු කෙරෙන පරීක්‍ෂණයකට අදාළව ''දුන් ප්‍රකාශයක්'' විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කරපු, පොලිසිය විසින් ම ප්‍රකාශයට පත් කරපු පළවෙනි අවස්ථාව ඊයේ අපි දැක්කා. අපේ ජීවිත කාලය තුළ අපි එවැනි අත්දැකීමක් ලැබුවේ ඊයේ දවස තුළ. ඉතින් ඒ පොලිසියේ අසිරිමත් භාවිතය පිළිබඳව අපේ ස්ථාවරය මැනවින් පැහැදිලි කිරීම අවශ්‍යයි කියලා අපි විශ්වාස කරන නිසා තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව හදිසියේම කැඳවන්න තීරණය කළේ.
ඔබ කවුරුත් දන්නවා පොලිසියේ සිදුකෙරෙන යම්කිසි පරීක්ෂණයකට අදාළව කිසියම් පුද්ගලයෙක්ගෙන් ප්‍රකාශයක් ගත්තොත්, කට උත්තරයක් ගත්තොත්, ඒ පුද්ගලයාට පුළුවන් අවශ්‍ය නම් මේ ප්‍රකාශයේ පිටපතක් ගන්න. ඒක කරන්න පුළුවන් වෙන්නෙත් නීතිඥයකු මාර්ගයෙන් මිස නිකම්ම තනිවම නෙවෙයි. එහෙම නැතුව ඒක තමන් දීපු කට උත්තරේය කියලා ''පිටපතක් තමන්ට රිසි පරිදි'' ගන්නවත් පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.
ඒකෙන් පේනවා යම්කිසි පරීක්ෂණයක් අවසාන වන තුරා ඒ පිළිබඳව කිසියම් පුද්ගලයෙකුගෙන් පොලිසිය ම තීරණය කරලා ගනු ලබන ප්‍රකාශයක් ආරක්ෂිතව, එහෙම නැත්නම් ඒකෙ රහස්‍යභාවය සහිතව තබා ගැනීමේ වැදගත්කම ඒකෙන් මැනවින් තහවුරු වෙනවා. සමහරවිට අධිකරණ ක්‍රියාවලියක් ගියොත් ඒ අදාළ පාර්ශවයේ නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේකෙ පිටපතක් ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ අනුව ගරු විනිශ්චකාරතුමා දෙන නියෝගයකට අනුව පොලිසියෙන් ඒ පිටපත ලබාදෙනවා මිසක්, එහෙම පහසුවෙන් ඒ පැමිණිලි පිටපත්, කට උත්තරයක පිටපත්, එහෙම නැත්නම් ප්‍රකාශයක පිටපත් එසේ ලබා ගැනීමේ හැකියාවක් නෑ.
එසේ තිබියදී, අපි දන්නවා අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 110/3 වගන්තිය හොඳින් පරීක්ෂා කරලා බැලුවොත් මේ ප්‍රකාශයක්, ඒ කියන්නේ පරීක්ෂණයකට අදාළව පුද්ගලයෙක් විසින් දෙනු ලබන ප්‍රකාශයක් කොයිතරම් රහස්‍යභාවයක් සහිතව ආරක්ෂා කළ යුතුද කියන එක ඒ වගන්තිවලින් මනා ලෙස තහවුරු වෙනවා.
දැන් තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය ද, ජේ වී පී පොලිසිය ද...?
දැන් සාමාන්‍යයෙන් පරීක්ෂණයකට අදාළව පුද්ගලයෙක් දෙන ප්‍රකාශයක් එහෙම ලේසියෙන් ප්‍රසිද්ධියට පත් කළ හැකි නම් ඒ පුද්ගලයාටම පුළුවන් ඒකෙ පිටපතක් අරගෙන ඒක ප්‍රසිද්ධියට පත් කරන්න. ඒකට පොලිසියේ මාධ්‍ය ඒකකය අමුතුවෙන් මහන්සි ගන්න ඕනේ නෑ. ඔහුට ම පුළුවන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා ඒකෙ පිටපතක් මාධ්‍යයටත් දීලා මෙන්න මම දීපු කට උත්තරේ කියලා එහෙම කරන්න. හැබැයි එහෙම කෙරෙන්නේ නෑ; එහෙම කරන්න බෑ. එතකොට ඒකෙන් පේනවා. මොකද ඒ පරීක්ෂණයක් යනකොට ඒ යම්කිසි පුද්ගලයෙක්ගෙන් කට උත්තරයක් ප්‍රකාශයක් ගන්නේ ඒ පරීක්ෂණයට අදාළාව. එතකොට ඒක විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කිරීම පරීක්ෂණයේ නිරෝගී ක්‍රියාකාරීත්වය බාධාවක් වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි එවැනි ප්‍රකාශයක් කට උත්තරයක් හිතූ හිතූ පරිදි මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරන්න කටයුතු නොකරන්නේ. ශ්‍රී ලංකා පොලිසිය නං එහෙම තමයි මෙතෙක් කටයුතු කළේ. නමුත් දැන් මේ තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය ද? ජේ වී පී පොලිසියද කියන ප්‍රශ්නය අද මතුවෙලා තියෙනවා. හ්‍රී ලංකා පොලිසිය නම් එහෙම කරන්න විදියක් නෑ. හැබැයි ජේ වී පී පොලිසිය නම් එහෙම කරන්න බොහෝ ඉඩකඩ තියෙනවා.
ඒ නිසා පළමුවෙන්ම අපට දැනගන්න අවශ්‍යයි මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන, ඒ අයගේ බදු මුදලින් යුනිෆෝම් එකේ රෙද්ද අරගන්න, ඒ අයගෙ බදු මුදලින් යටට අඳින බැනියම අරගන්න, එක මහගන්න, ඔය බොත්තන් අරව මේවා ඔක්කොම ටික හයිකරගන්න. මොකද අර දයාශාන්ත අයියල නෙවෙයිනේ පොලිසියට වුවමනා දේවල් ටික ලබා දෙන්නෙ. බදු මුදලින් පදක්කන් ටික හහි කරගන්න, යාන වාහන ලබා ගන්න ඒවට ඉන්ධන පහසුකම් ලබාගන්න, මේ පඩිනඩි ලබාගන්න මේ ඔක්කොම කෙරෙන්නේ මහජන බදු මුදලින්. මහජන බදු මුදලින් නඩත්තු කරන ශ්‍රී ලංකා පොලිසිය ජේ වී පි පොලිසිය බවට පත්කරන්න වර්තමාන පොලිස්පතිවරයා දරණ වෑයම මොනතරම් අසාධාරණ ද...? ඒක කොයිතරම් පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වයට හානි කරන ක්‍රියාවක් ද කියන එක සියලු දෙනාම කල්පනා කරල බැලිය යුතු යි.
පොලිසිය කළේ තුට්ටු දෙකේ වැඩක්
ඇත්ත වශයෙන්ම අපට පේනවා මේ ඊයේ කරපු ඒ ක්‍රියාවෙන්... ඇත්ත කතාව ගත්තොත් තංගල්ල පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන කොරන පරීක්ෂණයකට මාව ගෙනල්ල කැඳවලා ප්‍රකාශයක් ගන්න තරම් දෙයක් නෑ. මම කිව්වේ ඔහු... ඔය කියන පුද්ගලයා සහ ඔහුට තියෙන දේශපාලන සම්බන්ධතා ගැන. ඒව ගැන තමයි මං කිව්වේ. ඒක මේ පරීක්ෂණයට එතරම් තදින් අදාළ එකක් නෙවෙයි. අනික ඒක මම ප්‍රසිද්ධියේ කියලා ඉවරයි. එතකොට දැන් ඒකට ප්‍රකාශයක් අරගෙන ඒක තමන්ට ඕන කරන විදියට රැහැලා, වැරැදි අර්ථයක් එන විදිහට මාධ්‍ය මගින් ප්‍රකාශයක් කර ප්‍රසිද්ධියට පත් කරාම පොලිස් දෙපාර්තමේන්තුව, ඒ පොලිස් දෙපාර්තමේන්තුව ''ජේ වී පී පොලිස් දෙපාර්තමේන්තුව'' කියනවා ඇරෙන්න වෙන මොකක්ද අපට කියන්න වෙන්නේ.
ඒ නිසා ''පොලිස්පතිවරයා'' අද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ''ජේ වි පී පොලිස් දෙපාර්තමේන්තුව'' බවට පත්කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ''පොලිස් මධ්‍යය ඒකකය ''ජේ වී පී මාධ්‍ය ඒකකය'' බවට පත් කරලා තියෙනවා. ඒ තරම් පහත් තත්ත්වයකට පත්වෙලා තිබෙන බව තමයි, ඒ තරම් නිර්ලජ්ජිත තත්ත්වයකට පත්වෙලා තිබෙන බව තමයි ඊයේ මේ කරපු තුට්ටු දෙකේ ක්‍රියාවෙන්, ලැජ්ජා සහගත ක්‍රියාවෙන්, පොලිස් දෙපාර්තමේන්තුවට ''අවමානය කැටුව එන'' ක්‍රියාවෙන් සිදුකර පෙන්වනු ලැබුවේ. ඒ බව මිසක් වෙනය යමක් නෙවෙයි.
ඔය නිල ඇඳුම කොස්තාපල්වරයකුට දෙන්න
අපි බොහොම පැහැදිලිව දන්නවා මේ මහජන මුදලින් නඩත්තුවන පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරයා ගේ නියෝගය අනුව තමයි ඔය විදියේ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් වෙන්නේ. මාධ්‍ය ප්‍රකාශයක් මාධ්‍ය ඒකකයට උවමනා පරිදිම නිකුත් වෙන්නේ නෑ. පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි තමයි ඒවා නිකුත් වෙන්නේ. අද පොලිස්පතිවරයා ආණ්ඩුවේ මර්දන ක්‍රියාකාරීත්වයේ ප්‍රධානියෙක් බවට පත්වෙලා තියෙනවා මිසක් මේ රටේ නීතිය හි සාමය ආරක්ෂා කිරීමේ ප්‍රධානියා බවට පත්වෙලා නෑ. ඔහුගේ උදේ සිට හවස වෙනකම් භාවිතාව තියෙන්නේ ආණ්ඩුවෙන් ලැබෙන න්‍යාය පත්‍රයට අනුව පුද්ගලයන් දඩයම් කිරීම, දේශපාලන තන්ත්‍රයේ ඉන්න පුද්ගලයන් දඩයම් කිරීම හැර වෙන කිසිවක් නෙවෙයි.
ඇත්තටම ගත්තොත් මම විශ්වාස කරනවා මේ පොලිස්පතිවරයා සතුව තිබෙන මේ නිල ඇඳුම පොලිසියේ කොස්තාපල් වරයකටකට ඇන්ඳුවොත් ඒ කොස්තාපල්වරයාට පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වය මීට වඩා හොඳින් ඒක රැකගන්න. ඒ නිසා අපි පොලිස්පතිවරයාට යෝජනා කරනවා කරුණාකරලා ඔබට වඩා සුදුසු කොස්තාපල් කෙනෙකුට ඔය නිල ඇඳුම දෙන්න. ඔහු ඔබට වඩා හොඳින් ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය රකී. ඒවගේම ජ වි පෙ පොලිස් දෙපාර්තමේන්තුව බවට පත්කොට තිබෙන මේ පොලිසිය නැවතත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව බවට පරිවර්තනය කරාවි.
බෙහෙත් නැතුව රෝගීන් මරණ ආණ්ඩුවක්
අපි කවුරුත් දන්නව රෝහල්වල බෙහෙත් නෑ. මිනිස්සු අද නොමරා මරනවා. රෝගීන් රෝහල්වලින් ටිකට් කපල ගෙදර යවනවා බෙහෙත් නැති හින්දා. මිනිස්සු ඊට පස්සේ බෙහෙත් නැතිකමට මිය යනවා. ඒවා සාමාන්‍ය ස්වභාවික මරණ නෙවෙයි; ඒවා මිනීමැරුම්. එහෙම මිනී මරණ කාලයක්. රෝහල්වලට එන ලෙඩාව ගොඩගන්න පුළුවන්. ලෙඩාගේ ජීවිතය බේරගන්න පුළුවන්. නමුත් මේක ලෙඩක් හැදිච්ච රෝගියාව බෙහෙත් නැතිකම නිසා මරා දමන ආණ්ඩුවක්. ඒ විදියට මිනිස්සු මරා දමන ආණ්ඩුවක්.
රටෙන් 25%ක් ජනගහනයෙන් 25%ක් දුප්පතුන් බවට පත් කරලා ඒ මත ඩෙඟා නටන ආණ්ඩුවක්, පුරාජේරූ කතා පවත්වමින් ඉන්න ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් තියෙන රටක අද පොලිස් දෙපාර්තමේන්තුව පාවිච්චි කරලා මේගොල්ලෝ හිතනවා ''නිල්පාට බස් එකෙන් ගොඩයන්න.'' මේගොල්ලෝ හිතන්නේ අර ඒගොල්ලන්ගේ ''මෝඩ චුන් කාරයන්ට'' මේ චූන් පාන්දෙනවා වගේ නිල්පාට බස් එකෙන් ගොඩ යන්න. නිල්පාට බස් එකෙන් පුළුවන්ද මේ රට හදන්න. මේ රටේ ආර්ථික දියුණුව ඇති කරන්න. මෙරටේ අර 25% ක් දුප්පත්කමට ඇද වැටිලා ඉන්න මිනිස්සුව ගොඩගන්න. අර බෙහෙත් නැතුව රෝහලේ මරා දමන මිනිස්සුන්ගේ ජීවිතයට පණ දෙන්න. ඒක නිල්පාට බස් එකෙන් කරන්න පුළුවන් වැඩක්ද...? ඒවට උත්තර නැතුව නිල් පාට බස් එක පෙන්නලා තමන්ගේ අර ඉන්න 3% නේ ''ගෝල බාලයන්ටවයි කුහක බළකායයි'' චූන් කරලා, ඒකෙන් පුළුවන් කියලා හිතනවා මේ රටේ දේශපාලන තන්ත්‍රය බිය වද්දලා මේ රටේ පාලනය ඉදිරියට අරගෙනය යන්න.
අනේ ඒ නිසා අපි තමුන්නාන්සේලාට කියනවා. අපි මේ පිළිබඳව පොලිස් කොමිෂන් එකටත් පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කරපු දුෂ්ට සහ නීතිය අවභාවිතාවට නගමින් කරපු ක්‍රියාව පිළිබඳව අපි පොලිස් කොමිෂන් එකට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
අපේ කට වට කර වැට බඳින්න ආණ්ඩුවට බැහැ
අපි හෙට දිනයේ දී නීති උපදෙස් ගන්න බලාපොරොත්තු වෙනවා මීට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න. ඔබ දන්නවා මේ මම කරන ලද ප්‍රකාශයේ ''කිසියම් අගතියක්'' වෙලා තියෙනවා නම් කෙනෙකුට පුළුවන් ඔහුට ඒකෙන් අගතියක් අවමානයක් වුණා කියලා අධිකරණයට යන්න. මම තමන්ට අපහාසයක් කළා කියලා ඊට විරුද්ධව අධිකරණයට යන්න. එහෙම කරා නම් මම සූදානම් අධිකරණයට ඇවිල්ලා කරුණු කාරණා සහිතව මම කියපු සියල්ල ඔප්පු කරලා පෙන්නන්න. හැබැයි පොලිස් දෙපාර්තමේන්තුවට බෑ මාව උසාවි ගෙනියන්න. ගෙනියනවා නම් ගෙනියන්න ඕනේ මං කරපු ප්‍රකාශයෙන් කාටහරි අපහාසයක් අවමානයක් වෙලා තියෙනවනම් ඔහුට පුළුවන් ඔහුගේ කීර්තිනාමයටට සිද්ධ වෙච්ච අපහාසය, එහෙම නැත්නම් හානිය ගැන ප්‍රකාශ කරමින් අධිකරණ පිහිට පතන්න. එතකොට මට පුළුවන් අධිකරණයේ දී මං කියපු දේවල් ''ඡායාරූප සහිතව'' සියල්ල සනාථ කරන්න.
ඒ නිසා ඒක නොකර නිකන් මේ පොලිස් දෙපාර්තමේන්තුව පාවිච්චි කරලා ''නිල් පාට බස් එක හොල්මන් කරවලා'' මේ රටේ දේශපාලන තන්ත්‍රය ඒ අයගෙන් කටවල් වහන්න හදනවා නම්, කට වට කරලා වැට බඳින්න හදනවා අපි කියනවා මහත්වරුනි.... ''කවදාක්වත් සිද්ධවෙන දෙයක් නෙවෙයි.'' සිද්ධ කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඔයිට වඩා භයානක ආණ්ඩු යටතේත් අපේ කටවල් වට කරලා වැට බඳින්න පුළුවන් වුණේ නෑ කියන එක අපි ඉතා ඕන කමින් කියන්න කැමතියි.
කූට්ටම අනද්දි ජනතාවට පේන්න අනන්න
අද වෙනකොට සමහර සමහර වගකිවයුතු මාධ්‍යායතනවල වෙබ් අඩවිවල වාර්තා වෙනවා නැවතත් මාව කැඳවීමක් කරනවා කියලා. ඉතින් ඔහොම කැඳවීමක් කරනවා නම් මම බලාපොරොත්තු වෙනවා තංගල්ල පැත්තෙන් ම කුලියට හරි ගෙයක් අරගෙන පදිංචි වෙන්න. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සමහර වෙබ් අඩවිවලින් වාර්තා වෙනවා. මම දන්නෑ ඒ මාව ද නැත්නම් වෙන කාවද කියලා. කොහොම නමුත් අපි කියන්න කැමතියි... මහත්තුරුනි බස් එක පාවිච්චි කරලා කවුරු බය කරන්න හැදුවොත් අපි බය කරන්න බෑ. ඔය නිල්පාට බස් එකෙන් ගොඩ යන්න හිතනවා නම්, එහෙම වෙන්නේ නෑ. නිල් පාට බස් එකෙන් ඕනවට වඩා ගොඩ යන්න කල්පනා කරන හැමෝටම වෙලා තියෙන්නේත්, ඕගොල්ලන්ට වෙන්නෙත් ''ඕගොල්ලොගේ රතුපාට බස් එක'' මහා විශාල ප්‍රපාතයකට ඇද වැටෙන එක විතරයි.
ඒ නිසා කරුණාකල රතු පාට බස් එකේ, අඩු ගානේ රෝද නැතුව හරි බොඩිය හරි ආරක්ෂා කරගන්න ඕන කමක් තියෙනවා නං ඔය ''නිල්පාට බස් එකෙන් චූන් ගන්න ක්‍රමෝපාය වෙනුවට'' මේ රටේ දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්නවලට උත්තර දෙන මාවතට ඇද වැටෙන්න කියලා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අපි යෝජනා කරනවා. අඩුගානේ ''කුට්ටම අනද්දීවත් රටේ ජනතාවට පේන විදියකට අනන්න පුළුවන්කම තියන හදාගන්න කියලා අපි මේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.''
මෙම පුවත්පත් සාකච්ඡාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඒ සඳහා විමල් වීරවංශ ලබා දුන් පිළිතුරු

ප්‍රශ්නය -
යම්කිසි කෙනෙකුට අපහාසයක් වුනානම් ඔබේ ප්‍රකාශයෙන්, ඒක මේ රටේ ජනාධිපතිවරයාට කියලා හිතමු. ඉතින් ඔබතුමා කියන්නේ ජනාධිපතිවරයාට පොලිසියට ගිහිල්ලා පැමිනිල්ලක් දාලා උසාවි ගිහිල්ලා ඔබව කැඳවන්න කියලද?
පිළිතුර -
ඔව් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ''අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුව'' බවට පත්වෙලා තියෙන ආයතනයක්නේ. ඒකෙන් අද ''අපරාධ ගැන නෙවෙයි හොයන්නේ අපහස'' ගැන. පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් බැන්නා කියාගෙන කුක්කු බබාලා ඔක්කොම ටික දුවන්නේ එතනටනේ. අනේ මට මාධ්‍යවලින් මගේ දරුවට අපහස කළා, ආර්යාවට අපහස කළා අනේ මට හරිම අමාරුයි හාට් ඇටක් කියාගෙන මුන් ඔක්කොම දුවනවා අපහස පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට. ඉතින් එහෙම ගිහිල්ලා අඬ අඬ අඬෝනා තියලා එළියට ඇවිල්ලා මේඝ ගර්ජනා කරනවා. මේ උන්දලා කරපු අපහාස ගන්නකෝ. බුදු අම්මේ අර 70 වසරකම කරේ අපහසනේ. ඒ උන්දලා කරපු අපහාසවලට අනිත් මිනිස්සු මේ අපහස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ගියා නම් ''අපහස පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්'' විසුරුවා අහරින්න වෙනවා. මේ තරමට අපහස කරලා තියෙනවා. කොහොමත් මේ මම කරපු ප්‍රකාශයෙන් කාට හරි අගතියක් වුනානම්, අවමානයක් වුනා නම් කිසි ප්‍රශ්නයක් නෑහැ... අධිකරණයට යන්න පුළුවන්.
ප්‍රශ්නය -
ජනාධිපතිටනේ අපහාසය වුණේ. පූර්වදර්ශ නැහැනේ ජනාධිපතිවරු මීට කලින් එහෙම ගිහිල්ලා..?
පිළිතුර -
ඉතින් මේ විදියේ පූර්වාදර්ශ තියෙනව ද? කට උත්තරයක් මේ විදියට ප්‍රසිද්ධ මාධ්‍යයට විකෘතිකොට හෝ නොකොට ප්‍රසිද්ධියට පත් කරලා. ඒවයිත් පූර්වදර්ශ තියනවද. මම හිතන්නේ ඔබත් අවුරුදු ගාණක් මේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා. කවදාවක්වත් එහෙම දැකලා තියෙනවද? පූර්වාදර්ශ නැති වැඩනේ කරන්නේ.
ප්‍රශ්නය -
දැන් ඔබතුමා ගිහිල්ලා පොලිසියට දුන්න ප්‍රකාශය එළියට ආවා කියන එකද ඔය කියන්නේ..?
පිළිතුර -
නෑ. ප්‍රකාශය විකෘති කරලා, රැහැලා, අර්ථය තමන්ට ඕන කරන විදිහට හැඩගන්නවලා ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. විකෘතියට පත් කොට හෝ නොකොට කෙනෙක් පරීක්ෂණයකට අදාළව දීපු ප්‍රකාශයක් එලෙස මාධ්‍යවලට පොලිස් දෙපාර්තමේන්තුව මගින්ම ප්‍රසිද්ධියට පත් කිරීම කිසිසේත්ම නිවැරදි නෑහැ. ඒක නිත්‍යානුකූල නැහැ. ඒක වැරැද්දක්. ඒ වැරැද්ද වෙන්න ඉඩ හැරියොත් ඒක ඔබට සහ මේ රටේ හැම කෙනෙකුට ම අගතිදායක විදිහට බලපාන්න පුළුවන් වැරැද්දක්.
ප්‍රශ්නය -
සමාජ මාධ්‍යයක පළ වෙලා තියෙනවා මෙන්න මෙහෙම. ''සනා ගැන බොරු කිව්වාට විමල්ට එරහිව පොලිසිය උසාවියයි'' ඒ කියන්නේ පොලිසිය ඔබතුමාට විරුද්ධව ද උසාවි යන්නේ...?
පිළිතුර -
ඒ කියන්නේ පොලිසිය සනා වෙනුවෙන් පෙනී හිටිනවා... පොලිසියක් එහෙම වෙන්න එපැයි.
ප්‍රශ්නය -
ඔබ කිව්වේ බොරුද ..?
පිළිතුර -
මම සනා ගැන බොරු කිව්වා නම් පොලිසියට ඌයියා වෙන්නේ ඇයි...? සනා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පති ද...? ඒක මාරම වැඩක්නේ. හරි ඒගොල්ලෝ කියනවනං මම බොරු කිව්වේ කියලා... පොලිසියට උයිය වෙලා තියෙන්නේ ඇයි...? පොලීසියට උයිය වෙන්නේ සනා ගැන කියපු ටිකෙන් ජේ වී පී එකට උයිය වෙච්ච නිසා. ජේවීපී එකට උයිය වුනාම මේ පොලිස් පතිතුමාටත් උයිය වෙනවා. එතකොට ඒගොල්ලොන්ට සිදුවෙනවා සනා ගැන බොරු කිව්වහම පොලිසිය මට විරුද්ධව උසාවි යන්න හිතෙනවා. ඕක තමයි ඇත්ත කතාව.
ප්‍රශ්නය -
දැන් ඔබතුමා මෙතනදි මාධ්‍ය හමුවට කියපු දේමනේ කියන්න ඇත්තේ එතන
පිළිතුර -
නැත්නම් වෙන දෙයක් නෙමෙයිනේ. ඔව්.
ප්‍රශ්නය -
එතකොට ඒකෙදී ඔබතුමා කිව්වා මෙහෙම මේගොල්ලන්ට කෑම බීම දුන්නා මෙහෙම කියලා. නමුත් සමාජ මාධ්‍යවල සමහර අය වාර්තා කරලා තිබ්බා නෑහැ නෑ එහෙම දෙයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ මෙතන කිව්ව දේ නැතුව වෙන දෙයක් කිව්වා කියලා
පිළිතුර -
මම දැන් ඔබට කිව්වනේ... ඔය මොන මාධ්‍ය වුණත් ඕක ඔහොම දාන්නේ අර පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය එකකය දාපු, මේ විකෘති කරපු මාධ්‍ය නිවේදනය පදනම් කරගෙනනේ. එතකොට මම ඒ ගැන මගේ මතය කිව්වනේ. එතකොට ඒ ඒක පදනම් කරන් ඔය කියන කතා දාපු ඒවත් ඒකෙම දිගුවක්.
ප්‍රශ්නය -
ඔබ තාම අර මාධ්‍ය සාකච්ඡාවෙ දී ප්‍රකාශ කරපු ස්ථාවරයේම ඉන්නවා. ඒ කියන්නේ එකට එදා කියපු විදිහේ යම් යම් අය සම්බන්ධයි කියන ස්ථාවරයේ ඉන්නවා නේ. අර නායකයෙක් කෑම කන්න ගිය කතාව.
පිළිතුර -
අනිවාර්යයෙන්
ප්‍රශ්නය -
ඒකනේ ගිහින් කිව්වේ එතනට.
පිළිතුර -
ඔව්
ප්‍රශ්නය -
එතකොට පොලිසිය මොකද ඔබතුමාට විරුද්ධ උසාවි යන්නේ?
පිළිතුර -
පොලිසියෙන් අහන්න.
ප්‍රශ්නය -
ඒ කියන්නේ පොලිසියට වැරදි දෙයක් කිව්ව ද?
පිළිතුර -
පොලීසියෙන් අහන්න. පොලිසියෙන් අහන්න. පොලිසිය කරන වැරැද්ද මම කරන්න කැමති නැහැ. මම දීපු ප්‍රකාශය ගැන වැඩිදුර විස්තර කියන්න මම සූදානමක් නැහැ. ඒක මම හිතන්නේ සුදුසු නෑහැ. මොකද පරීක්ෂණයේ තවදුරටත් කියන එකක් නිසා. අවසන් වෙච්ච පරීක්ෂණයක් ගැන නම් ප්‍රශ්නයකුත් නැහැ. ඉතින් ඒ නිසා පොලීසිය කරපු අනුවන, ක්‍රියාව තක්කඩි ක්‍රියාව මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මම ඒක කරන්නේ නැහැ. නමුත් කාට හරි වැරැද්දක් වෙලා තියෙනවා නම්, ඒ පාර්ශ්වයට පුළුවන් ඊට විරුද්ධව උසාවි යන්න.
ප්‍රශ්නය -
දැන් ඔබතුමා දුන්න කටත්තරය ලියමේ ලියලා ඉල්ලුවේ නැද්ද? ලිඛිතව ඉල්ලා ගැනීමක් කරේ නැද්ද?
පිළිතුර -
මට එහෙම අවශ්‍ය වුණේ නෑ.
ප්‍රශ්නය -
කිව්ව දේ විශ්වාස හින්දා..?
පිළිතුර -
නැත්නම්
ප්‍රශ්නය -
දැන් එතකොට ඔබතුමා කියන හැටියට මේකෙ දී පොලිසිය හදන්නේ සනාව සුද්ධ කරන්න ද?
පිළිතුර -
ඔබට එහෙම හිතෙනවා නම් ඉතින් ඒක බරපතළ ලෙස කල්පනා කරන්න ඕන දෙයක්.
ප්‍රශ්නය -
අපි මෙතෙක් කල් සනාව දැකලා තිබ්බේ ''හයේ හතරේ ඒවා ගරවුන්ඩ් එක වටේට ගහපු සනා'' විතරයි. දැන් මේ අලුත් සනා කෙනෙක් ඔබතුමා ගෙනාවද කියලා අපිට මේ හිතනවා.
පිළිතුර -
නෑ... මම ගෙනාවේ නෑනේ පොලිසියනේ අත්අඩංගුවට ගත්තේ. නොගෙන ඉඳලා පස්සේ අත්තඩංගුට ගත්තා. ගත්තට පස්සෙනේ මම යම් ප්‍රකාශයක් කළේ. ඊට කලින් නෙවෙයිනේ.
ප්‍රශ්නය -
දැන් ඔබතුමා බලාපොරොත්තු ඉන්නවා නේද අත්අඩංගුවට ඔබතුමාව ගනී කියලා.
පිළිතුර -
එහෙම හිතනවා කිව්වේ බස් එක ලැහස්ති, සේරම හරි කියලා මහත්තුරු කියන නිසා.
ප්‍රශ්නය -
බලාපොරොත්තුවක් නෑ.
පිළිතුර -
හිනාවක්...
ප්‍රශ්නය -
නමුත් ඔය අද යම් වගකිවයුතු මාධ්‍ය වල වෙබ්අඩවිවල වලින් සමහර වෙබ්බඩවි වලින් එහෙම පුවතක් ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා.?
පිළිතුර -
එහෙම ඒවත් ලැහැස්තියි. මේගොල්ලෝ ඔය ජනාධිපතිවරයා ම දූෂණ මොකක්ද කමිටුවේ ප්‍රධානියා හැටියට ඉන්දෙද්දී එයාගේ පොලීසිය භාර ඇමති මොකක් ද මම දන්නේ නැහැ. උප්පැන්න හුට පටයකුත් කියනවා. මේ ඒ මනුස්සයා ඒකේ ලේකම් වෙලා ඉන්දැද්දී ඒකෙන් දාපු පැමිණිලි මත වුනත් මම මාස තුනක් රිමාන්ඩ් බන්ධනාගාරය හිටියානේ. ඒක ඉතින් අපිට ඔය නිල්පාට බස් එකෙන් අපිව බය කරන්න බැහැ.
ප්‍රශ්නය -
දැන් ඔබතුමා තංගල්ලට ගියාම සෙනඟ හිටියා; පිළිගැනීමක් තිබ්බා. දැන් ඒ තංගල්ලේ ඒ ළඟින් ගෙයක් ගන්නවා කිව්වේ සනාගේ ගෙවල් ළඟින්ද, එහෙමද?
පිළිතුර -
මම දන්නේ නෑහැ ඔය කියන සනා ගේ ගෙදර තියෙන තැන. ඒක නිහාල් ගලප්පත්ති මහත්තයා ගෙන් අහන්න එයා ඔක්කොම විස්තර කියයි.
ප්‍රශ්න -
ඒ කියන්නේ ඒගොල්ලොත් හිතවත්?
පිළිතුර -
මම දන්නේ නෑහැ. ඔයා අහලා බලන්න.
ප්‍රශ්නය -
ගලප්පත්ති ඔබතුමාගේ පරණ මිත්‍රත්වය එක්ක ඔබතුමා මේ ගැන තොරතුර දන්නවා...?
පිළිතුර -
පරණ මිත්‍රත්වයක් නැහැ.
ප්‍රශ්නය -
ඇයි ඔබතුමා පරණ සාමාජිකයානේ. එයා ක්‍රියාකාරී සාමාජිකයෙක්...?
පිළිතුර -
පරණ සාමාජික වුනාට ඊට හැමෝම එක්ක එහෙම මිත්‍රත්වයක් නැහැ.
ප්‍රශ්නය -
දැන් ඔබතුමාට ආයෙ කැඳවීමක් කරලා නෑහැනේ...?
පිළිතුර -
දැන් ආයෙ එන්න කිව්වොත් යනවා.
ප්‍රශ්නය -
සී අයි ඩී එකෙන් එන්න කියයි ද...?
පිළිතුර -
මම දන්නේ නෑහ මොකෙන් එන්න කිව්වොත් ඉතින් යන්න ඕන නෙ... රටේ නීතියට අනුව යන්න ඕන නෙ.
ප්‍රශ්නය -
ඔබතුමාට අපහස කරා කියලා නිකන් එහෙම හිතෙන්න නැද්ද? එතකොට ඔබතුමාටත් යන්න පුළුවන් අර දෙපාර්තමේන්තුවට...?
පිළිතුර -
මොන දෙපාර්තමේන්තුවට ද...?
ප්‍රශ්නය -
අපරාධ ද, අපහාස ද?
පිළිතුර -
නෑ... මම කල්පනා කරන්නේ නොපමාව ම පොලිස් කොමිෂන් එකට පැමිණිලි කරන්න. ඒ වගේම නීති උපදෙස් ගන්නවා මීට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්ද කියලා. ඒ අනුව අපි ඒ පියවරට යනවා. නැතුව රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න බලාපොරොත්තුවක් නැහැ.
ප්‍රශ්නය -
ඇයි එතන විශ්වාසයක් නැද්ද? නැත්නම් වෙන මොකක් හරිද? ඇයි හිනා වුණේ?
පිළිතුර -
එහෙම අහන්නෙ ම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හින්දනේ.
ප්‍රශ්නය -
ඊට අමතරව දෙයක්... කැබිනට් සංශෝධනයක් වුණා දැක්කා ද ඔබතුමා?
පිළිතුර -
දැක්කා. අනිච්ච, දුක්ඛය, අනාත්මය කියලා හිතුණා.
ප්‍රශ්නය -
උත්තර දෙන්නෙත් ධර්මයෙන්...?
පිළිතුර -
නෑ... ඒකේ බොහොම සූක්ෂමව බැලුවම තියෙනවා මේ බිමල රත්නායකගේ වරාය හා ගුවන් සේවා කොටස ගලවා ගැනීම සඳහා ම කරපු කැබිනට් සංශෝධනයක් බව. එහෙම නැතුව ඒකේ කොහෙවත් ලොකු වෙන දෙයක් වෙලා තිබ්බේ නැහැ. නියෝජ්‍ය ඇමතිකම් නොතිබිච්ච කට්ටියකට නියෝජ්ජ ඇමතිකම් සූප්පුව කටේ ගහලා තියෙනවා. දැන් ඕගොල්ලෝ මේක උර උර ඉන්න කියලා. ඒම ඇත්තටම කරලා තියෙන්නේ වරායේ තියෙන යම්කිසි උවමනාවක්.
ප්‍රශ්නය -
ඇයි ඔච්චර වෙලා අරගෙන 'යම් කිසි වුවමනාවක්' කියල කිව්වෙ?
පිළිතුර -
වරාය ආශ්‍රිතව තියෙන යම්කිසි උවමනාවක් සපුරගන්න හිටපු අමාත්‍යවරයා හරහා පහසුවෙන් බෑ කියලා පෙනෙන නිසා ඒ වැඩේ පහසුවෙන් කරගන්න සුදුසු අමාත්‍යවරයෙක් යටතට වරාය අමාත්‍යාංශය භාර දීමක් හැටියට තමයි මේක අපට පේන්නේ. අපි මේ කියන එක කොයිතරම් දුරට හරිද වැරදිද කියලා නොබෝ කාලයේ දී කරුණු කාරණා සහිතව තහවුරු කොට පෙන්වන්න අපිට පුළුවන්. ඒ කරගන්න බැරි වෙච්ච දේ ඉදිරි කාලයේ දී කර ගැනීමට නියමිතයි. එය කරගත්තාට පසුව ආන්න අපි කියපු දේ ඔන්න කරගත්තා කියලා අපි එතනදී ඔබට තහවුරු කරන්නම්. එතෙක් කතා කරන්න පුළුවන් මෙ පමණයි. ඒ වැඩේට ඕන පාර කපා ගැනීම සඳහා තමයි විමල් රත්නායක තෙමේව එම කෑල්ල ගලවලා වෙන කෙනෙකුට ඒ කෑල්ල දුන්නේ. ඔය රෙපයාර් එක කරගන්න තමයි ඔය අනිත් මේ නියෝජ්‍ය ඇමතිවරු මේතරම් බුරුත්තක් නියෝජ්‍ය අමාත්‍ය සූප්පුව කටට ගහලා තියෙන්නේ.
ප්‍රශ්නය -
අපට විශ්වාස කරන්න බැහැ. බිමල් කියන්නෙ ආණ්ඩුවේ හොඳම පරණ කකුලක්; ජනතා විමුක්ති කරමුණේ ප්‍රබල සාමාජිකයෙක්. එහෙම වෙන්න බැ.
පිළිතුර -
බැරි දේවල් වෙනවනේ.
ප්‍රශ්නය -
දැන් විපක්ෂයේ චෝදනාව තියෙන මේ කන්ටේනර් සිද්ධිය. දැන් ඔබතුමා ඒ ගැන පොඩ්ඩක්වත් ඒක අදාළ කරේ නෑහැ නේ.?
පිළිතුර -
නෑ... දැන් බලන්නකෝ ජනාධිපතිවරයක් කමිටුවක් පත් කළා කන්ටේනර් සිද්ධිය ගැන හොයන්න ඒ කමිටුව වාර්තාව ප්‍රසිද්ධ කළා ද, පාර්ලිමේන්තුවට ඉල්ලුව දුන්නද? දැන් ඒවා ප්‍රසිද්ධ කරන්නේ නෑ. අනුන්ගේ කට උත්තර ප්‍රසිද්ධ කරනවා. මේක මරු ආණ්ඩුව. එතකොට දැන් හරිනම් ප්‍රසිද්ධ කරන්න ඕනේ මහජනයට දැනගන්න ඒවනේ. ඉන්දියාවත් එක්ක ගිවිසුන් හතක් අත්සන් කළා. ඒවා ප්‍රසිද්ධ කරන්න ඕනේ නැද්ද, පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ නැද්ද, මහජනයා දැනගන්න ඕනේ නැද්ද? ඒවා ප්‍රසිද්ධ කරන්නේ නෑ; කටඋත්තර ප්‍රසිද්ධ කරනවා. ඉතින් මෙහෙම ආණ්ඩුවක් තමයි මේ පුනරුදේ. පුනරුදේ කියලා කියන්නේ මෙන්න මේවට. ඉතින් කොහොමත් ඔබ මතු කරන කාරණය පැහැදිලි කරලා ඉවරයි අපි. මේ අයට කිසි ලෙසකින්වත් මේ ඔය කරපු කැබිනට් එකෙන් වෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ රටේ දැනට තියෙන සංවර්ධන අභියෝගය ජය ගැනීම සඳහාම ඉලක්ක කරගත්තා වූ මේ කැබිනට් ප්‍රතිසංස්කරණයක් නෙවෙයි මේ වෙලා තියෙන්නේ. මම අර කියපු කාරණය ඉටු කර ගැනීම සඳහා කරපු කැබිනට් ප්‍රතිසංස්කරණයක් පමණයි.
ප්‍රශ්නය -
දැන් මේ වෙදිදී තද බල ලෙස විවේචනයට ලක් වුණා මේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා. ඔබතුමාට එතනට කැඳවල නැද්ද? කැඳවීම් නැද්ද, තියෙනවද?
පිළිතුර -
කැඳවීමක් ආවා. ඊට පස්සේ මම ඇහුවා එදා ඒ කියපු දිනයට මට උසාවියට යන්න තියෙනවා වෙන දිනයක් ඉල්ලලා. දැන් ටිකක් කල්. ඊට පස්සේ මට ලියුමක් ඇහුවා ඒ දිනයට එන්න එපා. වෙන දින අය දන්නවනවා කියලා. තාම නම් දැන්වීමක් කළේ නැහැ.
ප්‍රශ්නය -
ඒ මොකක් සඳහා ද කියලා අපිට කියන්න පුළුවන්ද?
පිළිතුර -
ඔව්.. මොකක්ද පරීක්ෂණයක් සඳහා මට දැන් මතකත් නැහැ.
ප්‍රශ්නය -
ඒ කියන්නේ ඔබතුමා දන්නෙත් නෑහ ඔබතුමා මේ වරද කරලා තියෙනවා කියලා. එහෙමද?
පිළිතුර -
දැන් මම කරපු වරදක් නෙවෙයි ඉතින්... වරදක් පටවන්නනේ හදන්නේ.
ප්‍රශ්නය -
එහෙම කොහොමද කරන්නේ...? පැහැදිලි නෑ...
පිළිතුර -
මෙහෙමනේ... දැන් ඔයා වාහනය එලෝගෙන පාරේ යනකොට ටිකක් වේගයෙන් බ්‍රේක් ගැහුවොත් පාරේ තාරවලට හානි වෙන්න පුළුවන්. එතකොට ඒක පොදු දේපළ පනත යටතට ඕනනම් ගළපවන්න පුළුවන්. මහජනයගේ ධනයෙන්නේ ඒ පාර කාපට් කරලා තියෙන්නේ. ඔබ ගහපු අනවශ්‍ය බ්‍රේක් පාරෙන් තාර ටික හෑරිලා නම් ඒක අනුව ඔබව පොදු දේපළ පනත යටතේ පරීක්ෂණයක් පටන් අරන් උසාවියට දාලා රිමාන්ඩ කරන්න පුළුවන්. විජිතේරත් මහත්තයා අර රෑ ගිහිල්ලා ලයිට් කනුව හප්ප ගත්තට පොදු දේපළ නෑ; ටෙලිෆෝන් කනුව හප්ප ගත්තට පොදු දේපල පනට අදාළ වෙන්නේ නැති වුනාට ඔබව නම් ටාගට් කරන්නේ ඔබගේ වාහනය ඔබ යන ගමන් බ්‍රේක් පාරක් හයියෙන් ගහලා ඒකෙන්ත පාර ටිකක් හැරණා නම් ඒකත් නිමිත්තක් කරගන්න පුළුවන් මේ උන්දලට.
ප්‍රශ්නය -
දැන් ඔහොම ඉදිරි දේශපාලනය කරගන්න හම්බ වෙයිද ඔබතුමාලට මේ යන විදිහට
පිළිතුර -
අයියෝ...! අපි දේශපාලනය කරනවා. ඒක නවත්තන්න බැහැ. මේ උන්දලා නැති කාලේනේ අපි මේ මරණය අතින් අරගෙන දේශපාලනය කරේ. මේ අද ඉන්න ලෝඩ්ලා කවුරුවත් 89න් පස්සේ නැවත ජනතාවෙන් පුරවන්න, ගොඩගන්න අත ගහපු අයද? බයේ හැඟිච්ච කට්ටිය. කවුද එහෙම ඉන්නේ? ලාකාන්ත විතරයි. ටෙලි සිල් මහත්තයා හරි මේ ඔය අනිත් කට්ටිය ඔක්කොම ඉගෙනගන්න මාවතේ ගියා. අපි මේ ඔය ජේවීපි එක වැටිච්ච තැනින් ආයේ ගොඩගන්න බය නැතුව කරගැහුවා. අපි පත්තරකාරයෝ හැටියට ඒ වැඩට කරගැහුවා. 94 එළියට එනකොට ඔය දැන් ඉන්න මිනිස්සු එකෙක්වත් හිටිය ද...?
ප්‍රශ්නය -
දැන් මේ වෙද්දී ඊළඟ ජනාධිපතිවරණය හෝ පළාත් සභාව තනියම ද ඉල්ලන්න යන්නේ?
පිළිතුර -
තව කල් තියෙනවා.
ප්‍රශ්නය -
නෑ ලබන අවුරුද්ද තියෙනවනේ.
පිළිතුර -
ඉතින් අනේ ලබන අවුරුද්ද කියන්නේ තව කල්නේ.
ප්‍රශ්නය -
එහෙනම් අපි කිව්වොත් 29 ජනාධිපති අපේක්ෂකයා ඔබයි කියලා. ඒකත් නම් කරලා කියන්න ඕන.
පිළිතුර -
ඒක අහන්නකෝ කිට්ටු කරලා. දැන්ම උත්තර දෙන එක හොඳ නැහ. ඒ සමහර උත්තර දැන් දෙන්න පුළුවන් වුනත් දෙන්න හොඳ නෑ. ඒක ඒ වෙලාව කිට්ටු කරලා දෙන්න ඕනේ. නැත්නම් ඒක වටිනාකමක් නෑ.
ප්‍රශ්නය -
ඒ වෙනකන් ඔබතුමා එළියෙ ඉඳී ද. බන්ධනාගාඍරයේ ඉදීද... ඒකට උත්තරෙත් පස්සේ ද?
පිළිතුර -
බන්ධනාගාරය හිටියත් එළියේ හිටියත් ඔය ඕන ඕනම මැතිවරණයකට තරගකරන්න පුළුවන්. ඔව් ඉතින් ඒ ඔක්කොම ළං කරලා තමයි. මුද හත් ගුවවත් තියෙද්දි බෑහැනේ.




