එම ආරංචි මාර්ග සැල කරන ආකාරයට 2023/ 12/ 28වන දින මෙම මහාචාර්යවරයා අදාළ ශිෂ්‍යාවට වාචික වශයෙන් පමණක් නොව ඇගේ සිරුර ස්පර්ශ කරමින් ද ලිංගික අපයෝජනයකට ලක් කර ඇත.
මෙය විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහයේ XIXවන පරිච්ඡේදයේ 2:2:4: සහ 2:2:5: යටතට ගැනෙන විෂමාචාර වරදකි.
මෙම මහාචාර්යවරයා, අදාළ ශිෂ්‍යාව පොලඹවා ගැනීම සඳහා දර්ශන විශාරද උපාධිය සඳහා ඔහු විසින් වෙනත් ශිෂ්‍යාවන් වෙත නිකුත් කරනු ලැබ ඇති ලිපි ද පෙන්වා ඇත. එය මහාචාර්යවරයා සිය බලය අයුතු ලෙස භාවිත කිරීමක් බවත් පෙර සේ ම එය ද විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වූ ආයතන සංග්‍රහයේ XIXවන පරිච්ඡේදයේ 2:2:4: සහ 2:2:5: යටතට ගැනෙන විෂමාචාර වරදක් බවත් ඔහුට විරුද්ධව ඇති චෝදනා පත්‍රයේ සඳහන් වේ.
මෙහි බරපතළ ම තත්ත්වය මෙය නොවේ. අදාළ මහාචාර්යවරයාට එරෙහිව සාක්ෂි සැපයීම සඳහා සිද්ධියට මුහුණ පෑ ශිෂ්‍යාව ඇතුළු ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයකු ප්‍රමුඛ ආචාර්ය මහාචාර්යවරු පස් දෙනකු ද, ශිෂ්‍යයින් දෙදෙනකු ද, ජ්‍යේෂ්ඨ මහාචාර්යවරු තිදෙනකුගෙන් යුත් කමිටුවක් ද පත් කර තිබිය දී පාලක සභාව මෙහෙයවන පීඨාධිපතිවරු කිහිප දෙනෙකු ම චෝදනා ලත් මහාචාර්යවරයා බේරා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක නිරත වීම ය.
එළඹෙන අඟහරුවා දා මෙම සිද්ධියට අදාළව සාකච්ඡා කිරීම සදහා පාලක සභාව රැස්වීමට නියමිත අතර එදින අවසන් තීරණයක් ගැනීමට ද නියමිත ය.
යට කී ආකාරයට යම් හෙයකින් පාලක සභාව මෙහෙයවන පීඨාධිපතිවරුන්ගේ බලපෑම මත මෙම චුදිතයා නිදහස් වුවහොත් අදාළ ශිෂ්‍යාවගේ අනාගතය මතු නොව ඇය වෙනුවෙන් සාක්ෂි සපයන: මහාචාර්යවරු, ආචාර්යවරු ඇතුළු ශිෂ්‍යයින්ගේ ද අනාගත ඉරණම කුමනාකාරයෙන් විසඳේ ද යන්න සැක සහිත ය. එබැවින් මෙම සිද්ධිය කෙරෙහි බලධාරින්ගේ අවධානය යොමු කළ යුතු යැයි අපි අවධාරණය කරන්නෙමු.








