ඔහු මෙම අදහස් පළ කළේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ අගලවත්ත පාරින්දනුවර ඉගුරුදලුව ප්‍රදේශයේ පැවැති ජනතා ගැටලු සොයා බැලීම සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය සඳහා වන ජන හමුවක් සමග එක්වෙමිනි.
එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකයා...
බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉවත් කරන්න ජන වරමක් දුන්නේ නැහැ
අප රටේ ජීවත් වන සියලු ජන කොට්ඨාසවල සියලු ම ආගම්වලට සම්බන්ධ අපේ ම රටේ ජනතාව නිසි ශක්තිය නිසි ගෞරවය එදා ලබා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දෙන බව සඳහන්. එසේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂි ස්ථාවරයක් ලැබුනත් අද වන විට බුද්ධශාසන අමාත්‍යාංශය අහිමි වෙලා. එදා රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ බුද්ධ ශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් මෙන්ම හින්දු ඉස්ලාම් කතෝලික ආගමික බැතිමතුන් වෙනුවෙන් වෙනම ම රාජ්‍ය අමාත්‍යාංශ පැවැතියි. සියලු ම ආගම්වලට ලබා දිය යුතු ගරුත්වය ලබා දී බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අරමුදල රටට දායාද වුණා. අද එය ඉවත් කරලා. සෙසු ආගම්වලට ලැබුණු ගරුත්වය මෙන්ම රාජ්‍ය අමාත්‍යාංශ ටික ද ඉවත් කරලා.
අප රට බුද්ධ ශාසන කැබිනට් අමාත්‍යාංශයක් සහ සෙසු ආගම්වලට අදාළ රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කිරිමට හැකියි. ඒ සඳහා දන්නා තරමින් බාධා නැහැ. අප රට නිරාගමික රටක් නෙවෙයි. අප රටේ ජීවත් වන අතිමහත් බහුතර ජනතාව විවිධ ආගම් අදහනවා. 70%කට වැඩි ප්‍රමාණයක් බෞද්ධ ආගම අදහනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික ආගම් මෙන්ම විවිධ ආගමික විශ්වාස තිබෙනපිරිස් සිටිනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉවත් කරන ජන වරමක් දුන්නෙ නෑ. 159ක් පාර්ලිමේන්තුවේ බහුතරය ලැබු පමණින් බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉවත් කරන්න බෑ.
ඉතිහාස විෂය ඉවත් කිරීම රජයේ විකෘතිභාවයේ තවත් දිගුවක්
එම නිසා පැවැති ක්‍රමවේදයට මුල පිරිය යුතු යි. ජනතාවගේ අපේක්ෂාව වන්නේ එය යි. සෑම ආගමකට ම ගරුත්වය ස්ථාවරය ලබා දිය යි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදා කළ යුතු යි. එය මෙරට සියලුම ආගමික නායකයින්ගේ අපේක්ෂාව සහ ප්‍රාර්ථනාව යි. තමන් අදහන විශ්වාස කරන ආගම් වෙනුවෙන් නිසි ස්ථාවරය නොලැබෙන විට සමාජයම විකෘති වී විකෘති අදහස් උඩට එනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ අනෙකුත් ආගම් සමග සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශ ඉවත් කළේ විකෘතියක් සමාජය තුළ ඇති කිරිමට ද කියා ප්‍රශ්න කරනවා.
තමන් විශ්වාස කරන ආගම් ඇදහීම, පිළිපැදීම මිනිසාගේ මූලික අයිතියක්. බුද්ධ ශාසන අමාත්‍යංශය සහ අනෙකුත් ආගම්වලට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යංශය අහිමි කිරීම තුළ ජනතාවගේ මූලික අයිතිය අහිමි කරලා. මෙය නිවැරදි කළ යුතු යි. රජයේ විකෘතිභාවයේ තවත් දිගුවක් වන්නේ හර විෂයක් තිබූ ඉතිහාස විෂය ඉවත් කිරීම යි. මෙය නිවැරදි විය යුතු යි. අධ්‍යාපනය දියුණු වෙනවා සේම ඉතිහාසය ද ඉගෙන ගැනිමට අවස්ථාව දිය යුතු යි. විද්‍යා තාක්ෂණය ඉංග්‍රීසි භාෂාව නවීන අධ්‍යාපනය ගැන විපක්ෂයේ සිටම කතා කළේ සමගි ජන ජන බලවේගය යි. මේ නවීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරනවා සේම ඉතිහාසය හා ඉතිහාස විෂය අමතක කළ නොහැකි යි. මේ ඉතිහාසය ගැන දුවා දරුවන් දැනුවත් විය යුතු යි.
විදුලි බිල වැඩි කළොත් ජනතාව සමග අපි පාරට බහිනවා
වත්මන් ආණ්ඩුව නිදා ගෙන සිටින නිසා ජනතාවගේ ගැටලු පෙනෙන්නේ නැහැ. එම නිසා ආණ්ඩුව ලවා කෙසේ හෝ ජනතාවට වුණු පොරොන්දු ඉටු කරවන්න කටයුතු කරනවා. විදුලි බිල 33%කින් අඩු කරනවා කියූ වත්මන් රජය අද විදුලි බිල වැඩි කරන්න යනවා. රු. 9000 බිල 6000 කරනවා කියූ වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදේට නටමින්, පාරිභෝගික ජනතාවගේ අයිතිය උල්ලංඝනය කරමින්, විදුලි බිල අඩු කරන්න හැකියාව තිබියදි විදුලි බිල වැඩි කරන්න යනවා. රජය විදුලි බිල වැඩි කිරිමට කටයුතු කළ හොත් ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගික ජනතාව වෙනුවෙන් මහපාරට බැස උද්ඝෝෂණය කරනවා."




