The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ණය ගැන මහ බැංකුවෙන් හෙළිදරව්වක් !

T

The Leader Desk

October 13, 2025 • 5:35 AM

ණය ගැන මහ බැංකුවෙන් හෙළිදරව්වක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන් සියයට 63.2 ක් වාහන ඇපයට තබා ලබාගත් ණය බවත් තවත් සියයට 19.4 ක් රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය බවත් එම වාර්තාවේ දැක්වේ.
  • එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ණය සහ අත්තිකාරම් මුදල් ගැනීම් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 35.1 කින් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
  • ගෝලීය වෙළෙඳපොළේ රත්රන් මිල මෙම වසරේදී ශීඝ්‍රයෙන් අඛණ්ඩව ඉහළ ගියත් මූල්‍ය සමාගම්වලින් ලබාගෙන ඇති රන් ණය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානයේදී සියයට 43.8 කින් වර්ධනය වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.
  • වාහන සහ රන් ණය මෙරට මූල්‍ය සමාගම් ලබාදී ඇති ණය මුදල් වලින් වැඩි ප්‍රතිශතයකට හිමිකම් කීම තුළින් මෙරට මූල්‍ය සමාගම් පටු පරාසයක ඇපකර වර්ග වලට සැලකිය යුතු ලෙස නිරාවරණයවී ඇති බව පෙන්නුම් කරන බව එම වාර්තාවේ දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන් සියයට 63.2 ක් වාහන ඇපයට තබා ලබාගත් ණය බවත් තවත් සියයට 19.4 ක් රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ණය සහ අත්තිකාරම් මුදල් ගැනීම් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 35.1 කින් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානය වනවිට වාහන සඳහා ලබාගෙන ඇති ණය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 33.4 කින් වර්ධනය වී තිබෙන බවත් එය මෙම වසරේ මෙරට මූල්‍ය සමාගම් ලබාදුන් ණය මුදල්වලින් සියයට 65.1 ක් බවත් එම වාර්තාවේ දැක්වේ. ගෝලීය වෙළෙඳපොළේ රත්රන් මිල මෙම වසරේදී ශීඝ්‍රයෙන් අඛණ්ඩව ඉහළ ගියත් මූල්‍ය සමාගම්වලින් ලබාගෙන ඇති රන් ණය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානයේදී සියයට 43.8 කින් වර්ධනය වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

වාහන සහ රන් ණය මෙරට මූල්‍ය සමාගම් ලබාදී ඇති ණය මුදල් වලින් වැඩි ප්‍රතිශතයකට හිමිකම් කීම තුළින් මෙරට මූල්‍ය සමාගම් පටු පරාසයක ඇපකර වර්ග වලට සැලකිය යුතු ලෙස නිරාවරණයවී ඇති බව පෙන්නුම් කරන බව එම වාර්තාවේ දැක්වේ. රන් ණය මෙලෙස සැළකිය යුතු මට්ටමකින් වර්ධනය වීමෙන් පෙන්නුම් කරන්නේ දිගුකාලීන ආදායම් පීඩන මධ්‍යයේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා ද්‍රවශීල වත්කමක් ලෙස මෙරට පවුල් රත්‍රන් මත අඛණ්ඩව රඳා පවතින බව යැයි එම වාර්තාව පෙන්වා දුන්නේය.

(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ණය ගැන මහ බැංකුවෙන් හෙළිදරව්වක් ! | The Leader