The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා - නි. ඇමති නාමල් කරුණාරත්න

T

The Leader Desk

October 13, 2025 • 6:04 AM

මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා - නි. ඇමති නාමල් කරුණාරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොදු අභිමතාර්ථයන් සමග රජය ගමන් කිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
  • කෙසේ නමුත් රජය සමඟ සැකෙන් සිටි අය රජයේ වැඩ පිළිවෙළ පිළිබඳ පැහැදී එම පිරිස් රජය සමග එක්වෙමින් සිටින බවත් රජය පිළිබඳව පතුරුවා හැරි බොරු මතවාද පිළිගෙන බියවී සිටි පිරිස් රජයේ වැඩ පිළිවෙළ පිළිබඳව පැහැදීමක් ඇති කර ගනිමින් සිටින බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
  • මෙම තත්ත්වය හමුවේ කලින් මාලිමාවට ඡන්දය නොදුන් පිරිස් මාලිමා රජයත් සමග ගැට ගැසෙමින් තිබෙන බවත් ඡන්දය දුන් ජනතාව ඉහත සඳහන් කළ කරුණු මත ඈත් වෙමින් සිටින බවත් කවුරු කෙසේ පැවසුවද සැබෑ තත්ත්වය එයබවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මහනුවරදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ආණ්ඩුව පිළිබඳව ඇති අනවබෝධය හේතුවෙන් සමහර පිරිස් ඒ ආකාරයෙන් රජයෙන් ඈත් වෙමින් සිටින බවත් තවත් පිරිස් ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒ ආකාරයෙන් රජයෙන් ඈත් වෙමින් සිටින බවයි.

පොදු අභිමතාර්ථයන් සමග රජය ගමන් කිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

කෙසේ නමුත් රජය සමඟ සැකෙන් සිටි අය රජයේ වැඩ පිළිවෙළ පිළිබඳ පැහැදී එම පිරිස් රජය සමග එක්වෙමින් සිටින බවත් රජය පිළිබඳව පතුරුවා හැරි බොරු මතවාද පිළිගෙන බියවී සිටි පිරිස් රජයේ වැඩ පිළිවෙළ පිළිබඳව පැහැදීමක් ඇති කර ගනිමින් සිටින බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

 

මහනුවර දළදා මාලිගාවත් දළදා පෙරහරත් ඉවරයි කිව්අය පන්සල් පල්ලි ඉවරයි කිව්අය වාහන දෙකක් තිබෙනවා නම් එකක් රජයට ගන්නවා කිව්අය මහනුවර විසාලා මහනුවරක් වෙනවා කිව්අය පලි ගැනීම් වෙනවා කිව්අයගේ එම බොරු ප්‍රචාර පුස් වෙමින් තිබෙන බවද අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මිනිසුන් ඝාතනය කරමින් මෙය අමු කනත්තක් බවට පත්කරන බවට ද ඇතැම් පිරිස් ප්‍රචාරය කළත් මේ වන විට රජයේ වැඩපිළිවෙළ ඇත්ත ඇති සැටියෙන් සියලු දෙනාට දැක ගත හැකි වනු ඇති බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය හමුවේ කලින් මාලිමාවට ඡන්දය නොදුන් පිරිස් මාලිමා රජයත් සමග ගැට ගැසෙමින් තිබෙන බවත් ඡන්දය දුන් ජනතාව ඉහත සඳහන් කළ කරුණු මත ඈත් වෙමින් සිටින බවත් කවුරු කෙසේ පැවසුවද සැබෑ තත්ත්වය එයබවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

( ada | ෂේන් සෙනෙවිරත්න)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...