The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'ඇමති ධූරයක් ලැබීම වරප්‍රසාදයක් ලෙස සැලකූ යුගය නිමා කළා' - ඇමති අනිල් ජයන්ත

T

The Leader Desk

October 13, 2025 • 8:28 AM

'ඇමති ධූරයක් ලැබීම වරප්‍රසාදයක් ලෙස සැලකූ යුගය නිමා කළා'  - ඇමති අනිල් ජයන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමති ධූරයක් ලැබීම වරප්‍රසාදයක් ලෙස සැලකූ යුගය නිමා කළ බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ධුරයේ වැඩ භාර ගනිමින් කම්කරු ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු කියයි.
  • අනුර කුමාර දිසානායක ජනපති යටතේ අමාත්‍ය ධුර දැරීම වගකීම් පැවරීමක් බව ඔහු කියා සිටියි.
  • මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර අද (13) පෙරවරු මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්හ.
  • එහි දී අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ අමාත්‍ය ධුරයක් හිමි වීම වරප්‍රසාද හිමිවීමක් ලෙස අර්ථ දැක් වීම ඉතිහාසයට එක් වූ අදහසක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇමති ධූරයක් ලැබීම වරප්‍රසාදයක් ලෙස සැලකූ යුගය නිමා කළ බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ධුරයේ වැඩ භාර ගනිමින් කම්කරු ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු කියයි.

අනුර කුමාර දිසානායක ජනපති යටතේ අමාත්‍ය ධුර දැරීම වගකීම් පැවරීමක් බව ඔහු කියා සිටියි.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර අද (13)  පෙරවරු මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්හ.

එහි දී අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ අමාත්‍ය ධුරයක් හිමි වීම වරප්‍රසාද හිමිවීමක් ලෙස අර්ථ දැක් වීම ඉතිහාසයට එක් වූ අදහසක් බවයි.

එය සැබැවින් ම වරප්‍රසාද හිමි වීමක් නොව වගකීමක් හිමි වීමක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙහි දී අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර,

ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකින් ගොඩ ගැනීම සඳහා කටයුතු කළ නිලධාරින් මෙම අවස්ථාවේ වත්මන් පාලනයට සිය සහයෝගය ලබාදෙමින් රට තවදුරටත් ආර්ථික වශයෙන් ඉදිරියට රැගෙන යාම සඳහා සහය ලබා දෙනු ඇති බවට විශ්වාසයයි කීය.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  ප්‍රමුඛ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(සටහන | ජේ. මුණසිංහ)

Anil j yf87ye87e

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ඇමති ධූරයක් ලැබීම වරප්‍රසාදයක් ලෙස සැලකූ යුගය නිමා කළා' - ඇමති අනිල් ජයන්ත | The Leader