The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

රටේ ක්‍රියාත්මක වන්නේ පීඩාකාරි රාජ්‍ය පාලනයක් - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

October 13, 2025 • 10:35 AM

 රටේ ක්‍රියාත්මක වන්නේ පීඩාකාරි රාජ්‍ය පාලනයක් - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ මතුගම නගර සභා ශ්‍රවණාගාරයේ දී මතුගම ප්‍රදේශයේ ජනතා ගැටලු සොයා බැලීම සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය සඳහා වන ජන හමුවක් සමග එක්වෙමිනි.
  • රටේ දුප්පත්කම 50% දක්වා වර්ධනය වෙලා අද වන විට රට තුළ නිර්මාණය වී තිබෙන තත්ත්වය සෑම අතකින්ම ව්‍යාකූල වෙලා.
  • ජනතාවගේ කර පිට පීඩනය අසහනය පැටවීම නිසා මේ මොහොත වන විට රටේ දුප්පත්කම 50% දක්වා වර්ධනය වෙලා.
  • බරපතළ ම ගැටලුව වන්නේ 2028 ණය ගෙවීම යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ මතුගම නගර සභා ශ්‍රවණාගාරයේ දී මතුගම ප්‍රදේශයේ ජනතා ගැටලු සොයා බැලීම සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය සඳහා වන ජන හමුවක් සමග එක්වෙමිනි.

එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

රටේ දුප්පත්කම 50% දක්වා වර්ධනය වෙලා

අද වන විට රට තුළ නිර්මාණය වී තිබෙන තත්ත්වය සෑම අතකින්ම ව්‍යාකූල වෙලා. ජන සමාජය කියන පිරමීඩයේ පහළම තලයේ සිට ඉහළ තලය දක්වාත් ඉහළ තලයේ සිට පහළ තලය දක්වාත් සෑම අතකින්ම රටේ ක්‍රියාත්මක වන්නේ පීඩාකාරි රාජ්‍ය පාලනයක්. ජනතාවගේ කර පිට පීඩනය අසහනය පැටවීම නිසා මේ මොහොත වන විට රටේ දුප්පත්කම 50% දක්වා වර්ධනය වෙලා. බරපතළ ම ගැටලුව වන්නේ 2028 ණය ගෙවීම යි. වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට නම් විදේශ සංචිත ඉහළ මට්මක පැවැතිය යුතු යි. අප රටට ඇති ප්‍රේෂණ ඉහළ මට්ටමක තිබිය යුතු යි.

ඊට අමතරව 5%ක අවම ආර්ථික වර්ධන වේගයක් අවශ්‍ය යි. ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවන ආකාරයට රටට එන සෘජු විදේශ ආයෝජන, අපනයන ප්‍රවර්ධනය, ආර්ථික වර්ධනය ප්‍රමාණවත් නොමැති බවට පවසන බවත් දුප්පත්කම වැඩි වී ජනතාවගේ අතේ ඇති මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එවිට පාරිභෝජනය, ආයෝජනය, නිෂ්පාදනය, අපනයනය, හා ඉතිරි කිරීම අඩු වෙනවා. මේ සියල්ල ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමට නම් ආර්ථික වර්ධන වේගය ඉහළ යා යුතු යි.


2028 වන විට මහා භයානක, අවදානම් තත්ත්වයක් නිර්මාණය වෙනවා

අද වන විට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අසරණ වී ව්‍යාපාරිකයන්ගේ සම්පත් දේපල වෙන්දේසි වෙනවා. ජනාධිපතිවරණය, මහමැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය නිසා මේ වෙන්දේසිය නතර කළත් ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කළේ නැහැ. පසුගිය රජයත් මේ රජයත් කළේ ඡන්ද ලබා ගැනීමට වෙන්දේසිය නතර කිරීම යි. මේ වසරේ දෙසැම්බර් 31 වන විට මේ ණය මර උගුලේ තෙරපී ඇති ව්‍යාපාරික පන්තිය ණය නොගෙවීමේ හැකියාව තුළ ඔවුන්ගේ සම්පත්, දේපළ සියල්ල වෙන්දේසි වෙනවා. එය වන විට අප රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වෙනවා.

 මේ රජයට ආර්ථිකය වර්ධනය කරන්නට හැකියාවක්, පැහැදිලි වැඩපිළිවෙළක්, කණ්ඩායමක්, දැක්මක් නැහැ. ආර්ථික සැලසුමක් නොමැති නිසා රට ඉබාගාතේ යනවා. 2028 වන විට මහා භයානක අවදානම් තත්ත්වයක් නිර්මාණය විය හැකි යි. අද රටට ලැබෙන්නේ සෘජු විදේශ ආයෝජනවලින් තුනෙන් එකක් පමණයි. ඉතිරි තුනෙන් දෙක නොලැබෙන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනතුරු අගවනවා. මේ ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වුවහොත් ණය ගෙවා ගත නොහැකිව නැවත වරක් රට බංකොලොත් වෙනවා.

මේ ගැටලුවලට උත්තර සපයන්න රජයට තේරෙන්නෙ නෑ

මේ රට 2022 වගේ තත්ත්වයට වැටෙනවාට අපි කැමති නැහැ. ඒ තත්ත්වයට නොවැටෙන්න නම් මීට වඩා වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය වී, අපනයන ප්‍රවර්ධනය වී, ජාතික ආර්ථික සැලසුමක් තිබිය යුතු යි. අවංකවම වත්මන් රජයට එවැනි සැලසුමක් නෑ. මම පසුගිය දිනක ගෙවිය යුතු ණය, ඒ සදහා අවශ්‍ය ආර්ථික වර්ධන වේගය සෘජු විදේශ ආයෝජන ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවත් තවමත් රජයෙන් උත්තර ලැබුණෙ නැහැ. 

 
2028 ණය ගෙවීම ගැන ප්‍රශ්න අහන කොට රජය ඒවාට උත්තර දෙන්න කල් ඉල්ලනවා නම් ඒ අයට මේ ගැටලුවට උත්තර සපයන්න තේරෙන්නෙ නෑ. හරි දැක්මක් දර්ශනයක් ඇත් නම් මේවට උත්තර දෙන්න කල් අවශ්‍ය වෙන්නෙ නැහැ.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...