The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

T

The Leader Desk

October 13, 2025 • 11:41 AM

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මහජන චීන සමූහාණ්ඩු රජයේ ආරාධනයෙන් ඔක්තෝබර් 13වන දින බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ (CNCC) පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.
  • කාන්තාවන්ගේ සංවර්ධනය කියන්නේ සාකල්‍ය ක්‍රියාවලියක් 1995 බීජිංහි පැවති කාන්තාවන් පිළිබඳ ලෝක සමුළුවෙන් වසර තිහකට පසුව වුවත් අපි තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර ගන්න එම පුළුල් රාමුව තවමත් යොදා ගන්නවා.
  • කාන්තා සාක්ෂරතාව සැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තියෙනවා.
  • මාතෘ මරණ සංඛ්‍යාව අඩකින් පමණ අඩු වෙලා වගේම ගෝලීය ආයු අපේක්ෂාව 1995 දී අවුරුදු 69ක් ලෙස පැවතිය ද එය 2023 දී අවුරුදු 76 දක්වා වැඩි වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මහජන චීන සමූහාණ්ඩු රජයේ ආරාධනයෙන් ඔක්තෝබර් 13වන දින බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ (CNCC) පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan විසින් පිළිගනු ලැබුණු අතර චීන ජනාධිපති Xi Jinping ගේ පිළිගැනීමේ කතාවෙන් පසුව,  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රාජ්‍ය කායකයෝ  සිය අදහස් ඉදිරිපත් කළහ.

එම උත්සවයේ දී සිය අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

කාන්තාවන්ගේ සංවර්ධනය කියන්නේ සාකල්‍ය ක්‍රියාවලියක්  

1995 බීජිංහි පැවති කාන්තාවන් පිළිබඳ ලෝක සමුළුවෙන් වසර තිහකට පසුව වුවත් අපි තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර ගන්න එම  පුළුල් රාමුව තවමත් යොදා ගන්නවා. අපි මේ වන විට සැබෑ ප්‍රගතියක් ළඟා කරගෙන තියෙනවා. කාන්තා සාක්ෂරතාව සැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තියෙනවා. මාතෘ මරණ සංඛ්‍යාව අඩකින් පමණ අඩු වෙලා වගේම ගෝලීය ආයු අපේක්ෂාව 1995 දී අවුරුදු 69ක් ලෙස පැවතිය ද එය 2023 දී අවුරුදු 76 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙත් තවමත් අවධානය යොමු නොවූ අංශ ගණනාවක් තියෙනවා.  

ශ්‍රම බළකායේ  කාන්තා සහභාගීත්වය සලකා බැලීමේ දී පිරිමි සහභාගීත්වය 73% වන විට ඊට සාපේක්ෂව කාන්තා සහභාගීත්වය 48.7% ක් පමණයි, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල අඩු කාන්තා නියෝජනය ඇති අතර කාන්තා ප්‍රතිශතය උපාධිධාරීන්ගෙන් 35% ක් පමණයි, කාන්තාවන්ට බලපා ඇති ආහාර අනාරක්ෂිතභාවය සැලකීමේ දී පිරිමින්ට වඩා කාන්තාවන් මිලියන 47.8 ක් මධ්‍යස්ථ හෝ වැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී සිටිනවා.ඒ වගේම දේශපාලන සමානාත්මතාවය අත් කරගැනීමේ දී පවතිනේ ඉතාමත් මන්දගාමී ගමනක්. ඒ නිසා කාන්තාවන්ගේ සංවර්ධනය කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය, දේශපාලනය, සමාජය සහ සංස්කෘතිය හරහා සිදුවිය යුතු සාකල්‍ය ක්‍රියාවලියක්.''

සෑම මට්ටමක දී ම කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා නායකත්ව කටයුතු සහ තීරණ ගැනීමේ දී කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සඳහා මෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023–2027) ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික වශයෙන් ක්‍රියාත්මක වන කැපවීම අග්‍රාමාත්‍යවරිය තවදුරටත් මෙහිදී අවධාරණය කළා ය. කම්කරු පන්තියේ සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාව ගෙන් පැමිණෙන කාන්තාවන් ඇතුළු විවිධ සමාජ පසුබිම්වල සිටින කාන්තාවන්ගේ  නියෝජනය තහවුරු කිරීමට පවතින ගැටලු සඳහා විසදුම් සෙවීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අග්‍රාමාත්‍යවරිය තහවුරු කළා ය.

සමාරම්භක උත්සවයෙන් පසු, චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan  පැවැත් වූ නිල භෝජන සංග්‍රහයට  අග්‍රාමාත්‍යවරිය ද සහභාගී වූවා ය.

china Harini

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය | The Leader