The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

එජාපයත් සජබත් අතර ලොකු වෙනසක් නැහැ - පා.ම. එස්. එම්. මරික්කාර්

T

The Leader Desk

October 13, 2025 • 3:17 PM

එජාපයත් සජබත් අතර ලොකු වෙනසක් නැහැ -  පා.ම. එස්. එම්. මරික්කාර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අවස්ථාවේදී දකුණු කඳවුර එකට එකතුවීම වැදගත් බව අවධාරණය කර සිටියි.
  • ඔහු මෙම අදහස් පළ කළේ අද (13) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
  • අකාර්යක්ෂම ඇමතිවරයෙක් පෙර සිටි අමාත්‍යාංශයෙන් ඉවත් කර තව අමාත්‍යාංශයකට මාරු කළ ද, ඔහු අකාර්යක්ෂම නම් ඔහු හෝ ඇය තව දුරටත් අකාර්යක්ෂම ම බවත්, එබැවින් මාලිමාවේ හෝ ජවිපෙ සිටින මැති ඇමතිවරු එදා පැවසු දේ ම අද තමන් ඒ අයට පවසන්නේ යැයි ද ඔහු කියා සිටියේ ය.
  • එතුමාට මේ අවුරුද්දේ වෙන් වෙලා තිබුණ මුදල් වලින් බිලියන 36.6ක්, මිලියන 3660ක්, වැඩ කරගන්ඩ බැරුව ගිය සතියේ පාර්ලිමේන්තුවට දානවා පරිපූරක ඇස්තමේන්තුවක්, ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන ණය ගෙවන්න කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අවස්ථාවේදී දකුණු කඳවුර එකට එකතුවීම වැදගත් බව අවධාරණය කර සිටියි.

ඔහු මෙම අදහස් පළ කළේ අද (13) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

අකාර්යක්ෂම ඇමතිවරයෙක් පෙර සිටි අමාත්‍යාංශයෙන් ඉවත් කර තව අමාත්‍යාංශයකට මාරු කළ ද, ඔහු අකාර්යක්ෂම නම් ඔහු හෝ ඇය තව දුරටත් අකාර්යක්ෂම ම බවත්, එබැවින් මාලිමාවේ හෝ ජවිපෙ  සිටින මැති ඇමතිවරු එදා පැවසු දේ ම අද තමන් ඒ අයට පවසන්නේ යැයි ද ඔහු කියා සිටියේ ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...

කුට්ටම කොච්චර කපල ඇනුවත් කතන්දරේ ඕකම තමයි

''ජවිපෙ ආණ්ඩුව පත්වෙලා පළවෙනි අවුරුද්ද ගියහම  කුට්ටම අනලා තියෙනවා. අපිට මතකයි ඒ කාලේ කැබිනට් සංශෝධන වෙනකොට ජනාධිපතිතුමා වෙන්න පුළුවන්,  අනෙක් අය මේ දැන් ඉන්න මැති ඇමතිවරු වෙන්න පුළුවන්,  ඒගොල්ලෝ කිව්වා ඔය එකම කුට්ටම කොච්චර කපල ඇනුවත් ඕකම තමයි කතන්දරේ කියලා. දැන් අපට කියන්න තියෙන්නේත් ඒකම තමයි. 

 
උදාහරණයකට බිමන් රත්නායක ඇමතිතුමාට තිබ්බා අමාත්‍යාංශ හතරක්. එතුමාට මේ අවුරුද්දේ වෙන් වෙලා තිබුණ මුදල් වලින් බිලියන 36.6ක්, මිලියන 3660ක්, වැඩ කරගන්ඩ බැරුව ගිය සතියේ පාර්ලිමේන්තුවට දානවා පරිපූරක ඇස්තමේන්තුවක්, ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන ණය ගෙවන්න කියලා. ඒ කියන්නේ වැඩ කරගන්න බැරුව.

අපි දැකලා තියෙනවා ජනාධිපතිතුමා වේදිකාවල කියනවා. අපි ඕන තරම් සල්ලි දීලා තියෙනවා ඒත් ඒ සියලු මුදල් වියදම් වෙන්නේ නෑ. ඒ කියන්නේ අකාර්යක්ෂම ඇමතිවරයෙක්ගේ අමාත්‍යාංශය අයින් කරලා තව අමාත්‍යාංශයකට දැම්මත්, ඔහු අකාර්යක්ෂම තමයි. ඒ නිසා මාලිමාවේ ජවිපෙ  එකේ ඉන්න මැති ඇමති ගොල්ලන්ට අපි කියන්න කැමතියි ඔබලා ඒ කාලේ කියපු දේවල් ටික අද එම විදිහටම ඕගොල්ලෝ කියනවා. ඊළඟට මොකද්ද කියල තිබ්බේ...?  කැබිනට් ඇමතිවරු විසිපහයි නියෝජ්‍ය ඇමතිවරු 25යි, ඔක්කොම පනහයි කියල. දැන් කී දෙනෙක් ඉන්නව ද...? රොත්ත පිටින් දැන් දීගෙන යනවා.

ආණ්ඩුවට ප්‍රති විපාක ලැබෙන්න පටන් අරන්
අද සමාජ මාධ්‍ය ජාලාවල උනත් ඒගොල්ලොන්ගේ කුලී හේවායෝ දැන් සෑහෙන්න පහු  බැහැලා ඉන්නේ.  ඒ නිස  organically  ආණ්ඩුවට එන විරෝධතාවයන් වැඩිවෙලා තියෙනවා. ඇයි? නොහැකියාව නිසා. අවුරුද්දක් තුළ ලැබුණ ප්‍රතිඵල මොනවද? දුප්පත්භාවය 33%  ඉදලා 47%  දක්වා වැඩිවෙලා තියෙනවා. ණය ගැනීම මේ ආණ්ඩුව බාරගන්න කොට තිබ්බේ ඩොලර් බිලියන 93යි. දැන් ඩොලර් බිලියන 105 දක්වා වැඩිවෙලා තියෙනවා. අපි දන්නෑ මොනවා කරලා ද කියලා. 
 
විපක්ෂයේ ඉන්නකොට දේවානිලා දාලා පඬු කරද ගහක් පෙන්නලා,  මධ්‍යම අධිවේගී මාර්ගය හදන එක පාඩු කෙරෙව්වා. ඒ වෙලාවේ ඒක හදන්න දුන්න නම් අද මේගොල්ලන්ට ඒක විවෘත කරන්නත් තිබ්බා. ඒ නිසා එදා ඒගොල්ලෝ කරපු හැම දේකම ප්‍රතිවිපාක අද ඒගොල්ලන්ටම කැරකෙමින් පවතිනවා.

ඔය කූට්ටමේ කොහොම ඇනුවත් ඉන්නේ එකම කට්ටිය තමයි.  ඒ නිසා අකාර්යක්ෂමතාවය වහගන්න හරි ජනතාව දුක් විඳින එක නතර කරන්න හරි එහෙම නැත්නම් ණය බරින් වැඩිවීම වළක්වා ගන්න හරි මේ අයට ඕකෙන් හැකියාවක් නැහැ. ඒ නිසා දැන් ඒකෙ ප්‍රතිඵල පළාත් සභා මැතිවරණය ආවහම පෙනේවි. දැන් පළාත් සභා මැතිවරණයත් ඒගොල්ලෝ කැමැත්තෙන් තියෙනවා වගේ පෙන්නයි. නමුත් ඇත්ත කතාව ජිනීවා මානව හිමිකම් කොමිසම දීලා තියෙන යෝජනාවලින් එකක් තමයි පළාත් සභා මැතිවරණය.

එළඹෙන අය වැය ආකර්ෂණීය වචනවලින් පිරේවි
පළාත් සභා මැතිවරණය තියන්න කලින් ආකර්ෂණීය වචන සෙට් එකක් දාපු අයවැයක් නොවැම්බර් මාසේ 07 වැනිදා ට අපිට බලාගන්න පුළුවන් වෙයි. ඒගොල්ලො කිව්වේ බදු වැඩි කරන් නෑ කියලා. ඒ කියපු ආකාරයට විදුලි බිල් පත අඩු කරනව ද,  ජල බිල් පත අඩු කරනව ද, ලක්ෂ දෙකක් දක්වා payee tax එක වැඩි කරනව ද?

ඊගාවට: ආහාර,  අධ්‍යාපනය,  සෞඛ්‍යයෙන් සම්පූර්ණයෙන් ම බදු අයින් කරනව ද? ජනවරම හම්බවුණේ ඒවට. ඒක කෙරෙනව ද කියන එකත් බලාගන්ඩ ඕන. ඒක කරන එක කෙසේ වෙතත් වචන සෙට් එකකින් ආකර්ෂණය කරපු, ඡන්ද ඉලක්ක කර ගත්තු අය වැයක් බලාගන්න පුළුවන්. ඒ වචන සෙට්වලින් නම් ආයෙ මේ රැලි නවත්වන්න බැහැ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන.''

 එක්සත් ජාතික පක්ෂය සහ සමග ජල බලවේග එකතු කිරීම පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්...

මාධ්‍යයේ න්‍යාය පත්‍රයට අනුව කිසිවක් වෙන්නේ නැහැ
''ඉදිරියේ දී එන මැතිවරණයේදී දකුණු කඳවුරට එකට තරග කිරීමේ හැකියාව ඉඩ ප්‍රස්තාව තිබෙනවා. එයින් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. මේ පළාත් සභා මැතිවරණය හැරවුමක ආරම්භයක් කර ගත යුතු මැතිවරණයක්. චන්ද්‍රිකා මැතිනිය 1994 දී පළාත් සභාව දිනලා තමයි ඒ ටර්න් එක ගත්තේ.. ඒ වගේම අපි 2014 දී ඌව පළාත් සභා මැතිවරණයේ දී ගත්තු ප්‍රතිශතයත් එක්ක තමයි ඒ turn එක සිද්ධ වුණේ.  ඒ නිසා ඒ විදිහට මේක වෙයි.

සාමාන්‍යයෙන් රටේ හතරවෙනි බලවේගය තමයි මාධ්‍ය. හැබැයි මාධ්‍ය පළවෙනි තැනට ඇවිල්ලා මාධ්‍යයේ න්‍යාය පත්‍රයට අනුව ඒක වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂවල තීන්දු තීරණ ගන්නේ ඒ ඒ දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සහ ඉලක්ක මුල් කරගෙන. ඉතින් ඒ කාල රාමු ඔක්කොම මාධ්‍යයට කිය කිය කරන්නේ නෑ.  ඒ නිසා ඒවා හරි විදියට කෙරෙයි.

එජාපයත් සජබත් අතර ලොකු වෙනසක් නැහැ
පොහොට්ටු එක්ක හෝ බුලත් කොළය එක්ක එකතුවීම නෙමෙයි අපේ පක්ෂයේ හෝ මගේ පෞද්ගලික මතය වෙන්නේ, දකුණු කඳවුර එකට එකතුවීම තමයි වැදගත්. 2014 සිට අපි කිසියම් වූ දේශපාලන පක්ෂයකට  හෝ දේශපාලනඥයෙකුට දේශපාලනික වශයෙන් චෝදනා එල්ල කරලා තිබෙනවානම්, එය විහිළුවට කරපු චෝදනා නොවෙයි. ඒ චෝදනා අදටත් වලංගුයි. අපි නගපු චෝදනා වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒවා සෝදන්න හෝ දියකරලා දාන්න සූදානම් නෑ කියන එකත් මේ වෙලාවේ කියන්න කැමතියි.

එක්සත් ජාතික පක්ෂයත් අපිත් කියන්නේ එක ගෙදර ජීවත් වෙච්ච කට්ටිය. ඒ නිසා අපිත් එක්සත් ජාතික පක්ෂයෙත් ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් නැහැ. අද ලෝකෙ තියෙන්නේ අන්ත ලිබරල්වාදය නෙමෙයි, සමාජ වෙළඳපොළ ක්‍රමයක් තියෙන්නෙ. අපි සදාකාලිකව බෙදිලා ඉන්න ඕන කියලා කතාවකුත් නැහැ. එකතු වෙලා ඉන්නකොට සදාකාලිකව එකතුවෙලා ඉන්නේ ඕන කියලා කතාවකුත් නෑ. දේශපාලනයේ මැකියාවැල්ලේ කියලා තියෙනවා , "ලැබෙන පළමු අවස්ථාවේදීම බලය ලබාගැනීම වැදගත්" කියලා. බලය ලබාගන්න ඉලක්කයක් නැත්නම් දේශපාලනය කරලා වැඩක් තියෙනව ද...?
 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එජාපයත් සජබත් අතර ලොකු වෙනසක් නැහැ - පා.ම. එස්. එම්. මරික්කාර් | The Leader