නිර්මාණය කරමින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය, ගම් දනව් කරා පතුරුවා හැරීමේ මං පෙත් විවර කළේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්වතාණන් යැයි වැඩබලන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය මෙන් ම වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අදට (13) යෙදෙන කන්නන්ගර මැතිතුමන්ගේ 141වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිට ඇති කන්නංගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා...
''නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කළ කන්නංගර විද්වතාණන් ලාංකික ජන හදවත් තුළ අමරණීය මතක සටහන් එක් කළ සීමිත පිරිස අතර ඉහළින් ම සිටින චරිතයක් ලෙස අවිවාදයෙන් ම හැඳින්විය හැකියි.
විශේෂයෙන් ම 50-60 දශකයේ දී බොහෝ ග්‍රාමීය දරු දැරියන් පිරිසකට මෙම නිදහස් අධ්‍යාපනය යටතේ සරසවි වරම් විවර වූ අතර අධ්‍යාපනයේ සම අවස්ථා රටේ සැමට හිමි කර දීමට ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වශයෙන් ඒ මහතා අද වන තෙක් මෙරට ජනතාවගේ ගෞරවාදරයට ලක් වෙනවා. අද දින දිවයින පුරා කන්නංගර ගුණානුස්මරණ වැඩසටහන් මගින් එතුමාගේ ගුණ සැමරෙනවා.''
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු ද එක් ව සිටියහ.





