සාර්ථක නොවන බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසයි.
පලනි දිගම්බරම් නායකත්වය දරණ කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ අද (13) පැවති මාධ්‍ය හමුවකදී දිගම්බරම් මන්ත්‍රීවරයා ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ, පක්ෂ දෙකම වෙන් වෙන් වශයෙන් සිට කටයුතු කර එළැබෙන සෑම මැතිවරණයකදීම පක්ෂ දෙකම එකට එක් වී මැතිවරණයට ඉදිරිපත් වීමෙන් බලය ලබා ගැනීමට හැකි බවයි. දමිළ ප්‍රගතිශීලි සංධානයද එම යෝජනාව පක්ෂ දෙකටම ඉදිරිපත් කර ඇති බවත්, මන්ත්‍රීවරයා පැවසිය.
''වත්මන් රජය දූෂිතයන්ට එරෙහිව ගෙන යන වැඩපිලිවල අගය කරනවා''
එක රටක් එක නීතියක් තුළ ගල්කිස්ස අධිකරණ භූමියේදි නීතීඥවරයෙකු විසින් පොලිස් නිළධාරියකුගේ රාජකාරියට බාධා කළ එම නීතිඥවරයාටද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පලනි දිගම්බරම් කියා සිටියේය.
වත්මන් රජය මගින් දූෂිතයන් අධිකරණය හමුවට පැමිණ වීමට ගෙන යන වැඩපිලිවල අගය කලයුතු දෙයක් බවත්, ඒ සඳහා තමන් රජයට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් පලනි දිගම්බරම් මෙම මාධ්‍ය හමුවේදි පැවසිය.
ඉකුත් රජය හමුවේ වතුකරයේ ජනතාව හමුවේ තමන් නිවාස රැසක් ඉදි කළ බවත්, එම නිවාසවලට හිමිකම් ඔප්පු තමන් ලබා දුන්නද වත්මන් රජය මගින් එම නිවාස ලාභීන්ට ලබා දෙන්නේ හිමිකම් සහතිකයක් පමණක් බව පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයා වතු කම්කරුවන්ට ලබා දුන්නේ හිමිකම් ලිපියක් බවට පැවසූවද එම පක්ෂයෙම ඇතැම් ඇමතිවරු විසින් එම හිමිකම් ලිපිය ඔප්පුවක් ලෙස සලකා ප්‍රකාශ නිකුත් කරන බවද ඔහු පැවසිය.
වතු කම්කරුවන්ගේ වැටුප මේ වසර අවසන් වීමට ප්‍රථම රු.1700 දක්වා වැඩි කරන බවට ජනාධිපතිවරයා බණ්ඩාරවෙල දී පොරොන්දු වූවද තමන් වතු සමාගම් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමේදි තේ කිලෝවක නිෂ්පාදන වියදම ඉහළ යෑම හමුවේ එම මුදල ලබා දීමට නොහැකි බව වතු සමාගම් විසින් පැවසූ බවද පලනි දිගම්බරම් එම මාධ්‍ය හමුවේදි තවදුරටත් පැවසිය.
(hirunews)




