The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පනත සම්මත වී වසර යි, කාන්තා කොමිසම තවමත් ප්‍රමාද ඇයි?: නතර වී ඇත්තේ කොතැන ද?

T

The Leader Desk

October 14, 2025 • 3:50 AM

පනත සම්මත වී වසර යි, කාන්තා කොමිසම තවමත් ප්‍රමාද ඇයි?: නතර වී ඇත්තේ කොතැන ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත 2024 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වේ.
  • මෙම පනතට අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමට ප්‍රතිපාදන සලසා ඇති අතර කොමිෂන් සභාව අවම වශයෙන් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් හා උපරිම වශයෙන් සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත විය යුතු ය.
  • මෙහි සමාජිකයන් පස් දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කළ යුතු අතර, තවත් සාමාජිකයන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු බව පනතේ සඳහන් වේ.
  • කොමිෂන් සභාවට ඇති බලතල මොනවා ද?
අකුරු ප්‍රමාණය (Font Size):


2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත 2024 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වේ.

එම පනත කාන්තාවන් සවිබලගැන්වීමට අවශ්‍ය විධිවිධාන සැලසීමත්, කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමත්, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමත් අරමුණු කරගෙන සම්මත කර ගන්නා ලද පනතකි.

එමෙන් ම, ඒ හරහා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමටත්, එම අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවලදී නඩු පැවරීමට සහ ඒ සම්බන්ධ අනෙක් කරුණු සඳහා විධිවිධාන සැපයීමටත් ප්‍රතිපාදන සැපයේ.

මෙම පනතට අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමට ප්‍රතිපාදන සලසා ඇති අතර කොමිෂන් සභාව අවම වශයෙන් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් හා උපරිම වශයෙන් සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත විය යුතු ය.

මෙහි සමාජිකයන් පස් දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කළ යුතු අතර, තවත් සාමාජිකයන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු බව පනතේ සඳහන් වේ.

කොමිෂන් සභාවට ඇති බලතල මොනවා ද?


කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ පස් වන වගන්තියේ කොමිෂන් සභාවට හිමි වන බලතල සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ.

* කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම හෝ උල්ලංඝනය වීමට යාම පිළිබඳව පැමිණිලි භාර ගැනීම, පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම,

* එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණයේ සිදුවන නඩු විභාගයකදී අධිකරණයේ අවසර ඇතිව ඒ සඳහා මැදිහත් වීම,

* අදාළ පාර්ශවවලින් තොරතුරු හා වාර්තා ඉල්ලා සිටීම ඇතුළුව සාක්ෂි රැස්කිරීම,

* ඉහත ගැටලු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම


පැමිණිල්ලක් හෝ තොරතුරක් ලැබී මාසයක කාලයක් තුළ කොමිසම විසින් පරීක්ෂණයක් පවත්වනු ලැබිය යුතු අතර, නඩු පැවරීමට අවශ්‍ය යයි කොමිසම සිතන්නේ නම් අදාළ අධිකාරිය ලවා නඩු පැවරීම සිදු කළ යුතු ය.

කොමිසමේ තීන්දු සම්බන්ධයෙන් තෘප්තියට පත් නොවන්නෙකුට අභියාචනා කිරීමේ අවස්ථාව ද හිමිව තිබේ.

සභාපතිනිය ඇතුළු කොමිසමේ සාමාජිකයන් කවුද?

පනත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතව ඇති අතර පනතට අනුව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටුවිය යුතු ආකාරය පිළිබඳව බීබීසි සිංහල විමසා බැලීමක් කර ඇත.

ඒ අනුව,

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයන් සැප්තැම්බර් 09 වන දා සිට පත් කර තිබේ. එහි සභාපතිත්වය දරනුයේ ආචාර්ය රමණි දේවිකා ජයසුන්දර ය.

ආචාර්ය එම්.එල්.කේ.සී. කලණ සේනාරත්න, ජනහා සෙල්වරාසා, ධම්මිකා සෝමරත්න, ඒ.එස්. සිතාරා ශීන්, ආචාර්ය පත්මා ශ්‍රියානි ගුණරත්න සහ ජයන්ති කුරුඋතුම්පාල කොමිසමේ සෙසු සමාජික, සාමාජිකාවෝ වෙති.

එම කොමිෂන් සභාව අදාළ රෙගුලාසි සකස් කිරීම මෙන් ම, නිලධාරීන් බඳවා ගැනීම හා ඊට අදාළ ක්‍රියා පාටිපාටිය කොමිෂන් සභා සාමාජිකයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිල්මිණි හේරත් බීබීසි සිංහල සේවය වෙත පවසා ඇත.

කාන්තා කොමිසම ක්‍රියාත්මක වන්නේ කවදා ද?

මේ වසර අවසන් වන විට කාර්ය මණ්ඩලය සහ නිලධාරින් බඳවාගෙන කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසම පිහිටුවීමට හැකි වනු ඇති බවට කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන විශ්වාසය පළ කරයි.

"විධායක අධ්‍යක්ෂ කෙනෙක් දාන්න ඕනේ ජනාධිපතිතුමා, ස්ටාෆ් එකක් දාන්න ඕනේ ස්ටාෆ් එක තාම බඳවගෙන නැහැ. කාඩර් එකක් හදන්නත් ඕනේ. ඒ ටික දැන් යනවා. ලබන දෙසැම්බර් වෙනකොට, මේ අවුරුද්ද ඇතුළත මේක පිහිටුවන්න තමයි අපේ උත්සහය තියෙන්නේ," නියෝජ්‍ය අමාත්‍යවරයා බීබීසි සිංහල සේවයට පවසා තිබේ.

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසම පිහිටුවීමෙන් අනතුරුව කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත අනුව යමින් දිස්ත්‍රික්ක මට්ටමින් කාර්යාල පිහිටුවන බව පවසන අමාත්‍යවරයා, එය ලබන වසර වන විට ආරම්භ කළ හැකි වනු ඇතැයි කියා සිටියි.

දැනට ක්‍රියාත්මක කාන්තා කමිටුවට සිදුවන්නේ කුමක් ද?

දැනට කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධව මැදිහත් වන කාන්තා කමිටුව ඉදිරියට පවාත්වාගෙන යන්නේ ද? යන්න සම්බන්ධ ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව ද නාමල් සුදර්ශන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

"කාන්තා කමිටුව තමයි දැනට කාන්තා ගැටලු සම්බන්ධව මැදිහත් වෙන්නේ. කාන්තා කමිටුවට මොක ද කරන්නේ කියලා තීරණයක් ගන්න ඕනේ. කොමිසම පිහිටුවාට පස්සේ කාන්තා කමිටුවේ අවශ්‍යතාවක් තියෙනවා ද?, ඒක අහෝසි කරනවා ද? කියලා හිතලා ඒකත් සාකච්ඡා කරන්න ඕනේ," නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

කාන්තා කමිටුව අහෝසි කළහොත් එම ස්ථානයේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමේ කාර්යාලය ලෙස පිහිටුවීමේ හැකියාවක් පවතින බව ද කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන බීබීසි සිංහල සේවයට පවසා ඇත.


| බීබීසී සිංහල සේවය

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...