The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'ඉෂාරා සෙව්වන්දි' නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි

T

The Leader Desk

October 14, 2025 • 4:21 AM

'ඉෂාරා සෙව්වන්දි' නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු බව පැවසෙන ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ.
  • මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසී සිංහල වෙත පවසා ඇත්තේ, නේපාලයේ දී කළ මෙහෙයුමකදී ඇය අත්අඩංගුවට ගත් බවයි.
  • ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.
  • දින 04ක මෙහෙයුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු බව පැවසෙන ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසී සිංහල වෙත පවසා ඇත්තේ, නේපාලයේ දී කළ මෙහෙයුමකදී ඇය අත්අඩංගුවට ගත් බවයි.

ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

දින 04ක මෙහෙයුමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියි.

"මීට දවස් 04කට කලින් CID එකයි කොළඹ අපරාධ කොට්ඨාසයයි නේපාලයට ගිහිල්ලා එහේ පොලිසියත් එක්ක කරපු මෙහෙයුමකින් මේ පිරිස අත්අඩංගුවට ගෙන තියෙන්නේ." අමාත්‍යවරයා කියා සිටියි.

ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.


da0f7c40 a8aa 11f0 b741 177e3e2c2fc7.jpgගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.

ගනේමුල්ල සංජිව ඝාතනය සහ ඉෂාරා සෙව්වන්දි

ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.

මෙම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පුත්තලම, පාලවීය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාර ඉෂාරා සෙව්වන්දි නමැත්තිය පළා ගොස් තිබිණි.

ගනේමුල්ල සංජිව නමැත්තා ඝාතනය කිරීම සඳහා යොදා ගත් ගිනි අවිය 'දණ්ඩ නීති සංග්‍රහය' පොතක් තුළ සඟවා අධිකරණ භුමිය තුළට ගෙනවිත් වෙඩික්කරු වෙත ලබා දී තිබුනේ ඉෂාරා සෙව්වන්දි බවට පොලිස් විමර්ශකයින් අනාවරණය කර ගෙන තිබිණි.

පසුව සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට රටපුරා මෙහෙයුම් සිදුකළ අතර ඇය සැඟව සිටි බව කියන ස්ථාන රැසක් පොලිසිය විසින් පරීක්ෂා කරන ලදී.

එලෙස විමර්ශන කටයුතු සිදුකළ ද ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූ අතර මාස 08 කට පසුව ඇය නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

(මුලාශ්‍රය | බීබීසී සිංහල සේවය)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...