The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

විදුලි ඇමතිගේ සාකච්ඡාවට ගිය වෘත්තීය සමිති නායකයා සුවසැරියෙන් රෝහලට

T

The Leader Desk

October 14, 2025 • 8:29 AM

විදුලි ඇමතිගේ සාකච්ඡාවට ගිය වෘත්තීය සමිති නායකයා සුවසැරියෙන් රෝහලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී පොරබැදීමෙන් තුවාල ලැබූ යැයි කී චමින්ද ගමගේ 1990 ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගියේය.
  • එම වෘත්තීය සමිති නිලධාරීන් සාකච්ඡාවෙන් ඉවත් කළ ආකාරය පිළිගත නොහැකි බවත් ඔවුන් ඇදගෙන ආ විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂක නිලධාරීන් ද එම මණ්ඩලයේ සේවකයන් බව ද මතකයේ තබාගත යුතු බවත් ඒ නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
  • මෙම සිද්ධිය පිළිබඳව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ අදාල වෘත්තිය සමිති නියෝජිතයන් දෙදෙනාට එම සාකච්ඡාවට සහභාගිවීමේ අයිතියක් නොමැති වුවද සහභාගි වීමේ අවස්ථාව දුන් බවත් ඔවුන් සාකච්ඡාව කඩාකප්පල් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ඉවත්කළ බවත්ය.
  • එම සිද්ධියෙන් පසුව සමින්ද ගමගේ පැවසුවේ ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමය ලියාපදිංචි වෘත්තීය සමිතියක් බවත් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම නිසා අමාත්‍යවරයාට ලිපියක් භාරදීමට පැමිණි බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී විදුලිබල අමාත්‍යංශයේ සහ විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂක අංශය ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ සභාපති ප්‍රියන්ත මදුකුමාර සහ ලේකම් සමින්ද මාදුගොඩ ගමගේ සාකච්ඡාවෙන් ඉවත් කළ අතර විදුලිබල අමාත්‍යංශයේ ආරක්‍ෂක නිලධාරීන් කීපදෙනෙක් සමින්ද මාදුගොඩ ගමගේ ඉහළ මහලේ සිට ඇදගෙන ගොස් එළියට දැමූ ආකාරය දැකගත හැකිවිය.

එහිදී පොරබැදීමෙන් තුවාල ලැබූ යැයි කී චමින්ද ගමගේ 1990 ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගියේය.

 

දෙපාර්ශවය අතර සාකච්ඡාව පැවැත්වෙමින් තිබියදී සමින්ද ගමගේ කිසියම් ලිපියක් අමාත්‍යවරයාට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයාට ද එම තනතුර දැරිය නොහැකි යැයි පවසමින් විරෝධ පළකිරීමත් සමඟ ඔහු සහ සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස අමාත්‍යවරයා දැන්වීමෙන් පසුව ආරක්‍ෂක නිලධාරීන් ඔවුන් ඉවත්කිරීමට කටයුතු කර තිබේ.

 

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසුවේ අමාත්‍යවරයා සුපුරුදු පරිදි ගැටලුවට ‘බලමු බලමු’ යැයි පැවසීම හේතුවෙන් සමින්ද ඊට විරුද්ධව අදහස් දැක්වූ බවත් එහිදී ඔහු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා නිල් පැහැදි නිල ඇදුමින් සැරසී සිටි විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂයට පැවසූ බවත්ය.

එම වෘත්තීය සමිති නිලධාරීන් සාකච්ඡාවෙන් ඉවත් කළ ආකාරය පිළිගත නොහැකි බවත් ඔවුන් ඇදගෙන ආ විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂක නිලධාරීන් ද එම මණ්ඩලයේ සේවකයන් බව ද මතකයේ තබාගත යුතු බවත් ඒ නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  

 

මෙම සිද්ධිය පිළිබඳව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ අදාල වෘත්තිය සමිති නියෝජිතයන් දෙදෙනාට එම සාකච්ඡාවට සහභාගිවීමේ අයිතියක් නොමැති වුවද සහභාගි වීමේ අවස්ථාව දුන් බවත් ඔවුන් සාකච්ඡාව කඩාකප්පල් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ඉවත්කළ බවත්ය.

 

එම සිද්ධියෙන් පසුව සමින්ද ගමගේ පැවසුවේ ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමය ලියාපදිංචි වෘත්තීය සමිතියක් බවත් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම නිසා අමාත්‍යවරයාට ලිපියක් භාරදීමට පැමිණි බවත්ය.

එහිදී ආරක්‍ෂක අංශ නිලධාරීන් තමන්ට පහරදීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද සමින්ද මාදුගොඩ ගමගේ වැඩි දුරටත් සඳහන් කළේය.

( lankadeepa | යොහාන් භාසුර)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...