The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වෙඩි තබා, යුද ටැංකිවලින් යටකර මරා දැමූ දෙමළ සමුහයක් සිහිපත් කෙරේ

T

The Leader Desk

October 14, 2025 • 11:00 AM

වෙඩි තබා, යුද ටැංකිවලින් යටකර මරා දැමූ දෙමළ සමුහයක් සිහිපත් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔක්තෝබර් 12 වැනි ඉරිදා පෙරවරුවේ යාපනය කොකුවිල්, හිදි අනුස්මරණය සිදු කර ඇත්තේ ඉන්දීය සාමසාධක හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු කුඩා දරුවකු, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු දෙමළ පනස් පස් දෙනකු සිහිකරමිනි.
  • ඝාතනයට ලක්වුවන් සිහිපත් කරමින් කොකුවිල්හි පිරම්බඩි ප්‍රදේශයේදී ස්ථාපිත කර තිබෙන ස්මාරකය අබියසදී ප්‍රදේශවාසීන්ගේ සංවිධානත්වයෙන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ අනුස්මරණයට ඝාතනයට ලක්වුවන්ගේ පවුල් වල ඥාතීන් ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 1987 ඔක්තෝම්බර් 12 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර වු ගැටුමකින් අනතුරුව මෙම දෙමළ වැසියන් ඝාතනයට ලක් වු බවයි.
  • එතැනින් ආරම්භ කළ සමූහ ඝාතන මාලාවකට ඉන්දීය හමුදා මුල පුරා ඇත්තේ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔක්තෝබර් 12 වැනි ඉරිදා පෙරවරුවේ යාපනය කොකුවිල්, හිදි අනුස්මරණය සිදු කර ඇත්තේ ඉන්දීය සාමසාධක හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු කුඩා දරුවකු, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු දෙමළ පනස් පස් දෙනකු  සිහිකරමිනි.

ඝාතනයට ලක්වුවන් සිහිපත් කරමින් කොකුවිල්හි පිරම්බඩි ප්‍රදේශයේදී ස්ථාපිත කර තිබෙන ස්මාරකය අබියසදී ප්‍රදේශවාසීන්ගේ සංවිධානත්වයෙන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ අනුස්මරණයට ඝාතනයට ලක්වුවන්ගේ පවුල් වල ඥාතීන් ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ  පවසති.

02
මිය ගිය පිරිස සිහි කරමින් මලින් පහනින් උපහාර පිදීමට ඔවුන් කටයුතු කර තිබේ.

 

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 1987 ඔක්තෝම්බර් 12 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර වු ගැටුමකින් අනතුරුව මෙම දෙමළ වැසියන් ඝාතනයට ලක් වු බවයි.

 01ghrtyrtryr

එතැනින් ආරම්භ කළ සමූහ ඝාතන මාලාවකට ඉන්දීය හමුදා මුල පුරා ඇත්තේ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුවයි.

ප්‍රභාකරන් හැංගිලා

ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ආරාධනයෙන් උතුර මර්දනය කරන්නට පැමිණි සාම සාධක නම්ලත් ඉන්දීය හමුදා විසින් 1987 ඔක්තෝබර් 13 දා සිදුකරන ලද පළමු සමූහ ඝාතනය සේ ගැනෙන මෙම අපරාධයේ ම්ලේච්ඡ ස්වභාවය ඇසින් දුටුවකු ජාත්‍යන්තර වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාධරයකුට විස්තර කර තිබුනේ මෙසේය.

“මැෂින් තුවක්කු වලින් ඝාතනය කර, යුද්ධ ටැංකිවලින් පොඩි පට්ටම් කර දමා තිබූ මල සිරුරු විසිහයක් පිරම්බඩි පාරේ ලේ විලක විසුරුවා තිබුණා. කොකුවිල් කෝච්චි ස්ටේෂමටයි, ටෙක්නිකල් එකටයි ළඟ පාරක පවුල් හතරක හැම කෙනෙක්ම මරා දාලා! එතන අවුරුදු හැටේ අයත් පුංචි ළමයිනුත් හිටියා. ඒගොල්ලෝ එක්ක නැවතිලා හිටිය විශ්ව විද්‍යාලේ ළමයි හතරදෙනකුටත් අත් වෙලා තිබුනේ ඒ ඉරණමමයි.”

 

ඉන්දීය භට පිරිස් LTTE ගරිල්ලා ප්‍රහාරයට ගොදුරු වීමෙන් අනතුරුව අවට ප්‍රදේශයේ ජනතාව පමණක් නොව යාපනය විශ්ව විද්‍යාලයද ගොදුරු බිමක් කරගත් අයුරු යාපනයට ගිය විප්ලවවාදී කම්කරු ලීගයේ වාමාංශික ක්‍රියාකාරිකයාට පිරම්බඩි වීදියේ වැසියකු විසින් විස්තර කර තිබුණි.

 

“ඔක්තෝබර් 12 රෑ පැරෂුට් කාරයන් කණ්ඩායමක් ප්‍රභාකරන් හැංගිලා ඉන්නවා කියන ආරංචියට විශ්ව විද්‍යාල භූමියට බැස්සුවා. විසි නම දෙනෙක් එවෙලේම LTTE එක වෙඩි තියලා දැම්මා. පණ බේරාගත්තු 31 දෙනෙක් ලඟපාත ගෙවල් වලට පැනලා LTTE එකෙන් බේරෙන්න ඒ හිටපු අය ප්‍රාණ ඇපයට අරගත්තා.”

ඊට පසුදා සන්නද්ධ රථ පෙළක් පැමිණ ඇත්තේ කොටුවී සිටින භට කණ්ඩායම ගලවා ගැනීමටය. වාහනවලින්  පැමිණි භට පිරිස් කැටුව ආ ඔත්තුකරු LTTE වෙඩි පහරින් ඇද වැටී තිබේ. ප්‍රදේශවාසීන් දෙදෙනකු අල්ලාගත් ඉන්දීය භටයන් බලකර ඇත්තේ ප්‍රභාකරන් ඉන්නා තැන පෙන්නන ලෙසයි. ඒ ගැන කිසිත් නොදන්නා බව කී ගම්වාසීන් දෙදෙනා ඉන්දීය භටයන් කොටුවී සිටින තැන පෙන්වා තිබේ.

“එතැනට ගිය ගමන්, කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ඒ දෙන්නට වෙඩි තියලා දාලා, අල්ලාගෙන සිටි අයටයි අහල පහල හැමෝටමයි වෙඩි තියන්න ගත්තා. ගමේ අනික් අය පන බේරගන්න වෙන තැන් වලට දිව්වා. අපිට මැෂින් තුවක්කු වලින් වෙඩි තියෙනවයි, කෑ මොර දෙනවයි ඇහුණා.”

ඉන්දීය භටයන් ප්‍රදේශය හැරගිය පසු පිරම්බිඅඩි හැරදමා සැමදෙනාම කොකුවිල් හින්දු විද්‍යාලයේ අනාථ කඳවුරට ගොස් තිබේ.

“ටික වෙලාවකින් යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයටයි, තවත් ගොඩනැගිලි වලටයි බෝම්බ දැම්මා.”

 

හිටපු රජයේ ප්‍රධාන මිනින්දෝරු ආචාර්ය තාමෝදරම් සෝමසේකරම් විසින් පසුකලෙක ලියා ඇති පරිදී මරා දමන ලද්දවුන්ගේ සිරුරු වල දමා ඇත්තේ සමූහ මිනී වලකය.

 

"වඳුරු හමුදා"

සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් එයින් නොනැවතී ඔක්තෝබර් මාසයේ සමූහ ඝාතන මාලාවක් සිදුකර තිබේ.

ඉන්දීය සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් අට වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.

 

ඉන්දීය මැදිහත් වීමෙන් බලය බෙදා හැරීමට විරුද්ධව දියත් කළ සන්නද්ධ අරගලයකින් පරාජය වී මේ වන විට රටේ  පාලන බලය හොබවන ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ද, තමන් විසින් “වඳුරු හමුදා” නම් පටබැඳි ඉන්දීය හමුදා උතුරේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සලසා දෙන්නට බලයට පත් වි  ගත වු වසරක කාලය තුළ  කිසිත් කර නැත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...