The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මත්ද්‍රව්‍ය ගෙන්වන්න හෝ බෙදාහරින්න කිසිඳු අයෙකුට ඉඩ දෙන්නේ නැහැ - අමාත්‍ය හර්ෂණ නානායක්කාර

T

The Leader Desk

October 14, 2025 • 6:34 PM

මත්ද්‍රව්‍ය ගෙන්වන්න හෝ බෙදාහරින්න කිසිඳු අයෙකුට ඉඩ දෙන්නේ නැහැ - අමාත්‍ය හර්ෂණ නානායක්කාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යටතේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නට හෝ බෙදාහරින්නට කිසිඳු අයෙකුට ඉඩ නොදෙන බවත්.
  • එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් පුරුත්ථාපන කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන නියෝජනය කරන උපදේශන නිලධාරීන්ගේ ඔබගේ සහාය අවශ්‍ය වෙනවා.
  • එම ක්‍රියාවලිය සිදු කිරීම උපදේශන නිලධාරීන් වන ඔබගේ වගකීමයි.
  • පාතාලය වැඩි වශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙක තුළ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වශයෙන් සිදු වන බව අනාවරණයි වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

යටතේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නට හෝ බෙදාහරින්නට කිසිඳු අයෙකුට ඉඩ නොදෙන බවත්. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ලස්සන ජීවිතයක් මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක් යන මැයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන  උපදේශන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා  පුරුත්ථාපන කාර්යාංශය විසින් දිස්ත්‍රික් මට්ටමින්  සංවිධානය කරනු ලබන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අද ( 14) පැවති   උපදේශන වැඩමුළු මාලාවේ  සමාරම්භක වැඩමුළුවට එක්වෙමිනි.

එම වැඩමුළුවේ දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා...

අපේ මුලික අරමුණ මත්ද්‍රව්‍ය සැපයුම නවතා දැමීම යි

''මත්ද්‍රව්‍ය ගෙන්වීම සහ සැපයුම නවතා දැමීමේ ජාතික වැඩපිළිවෙළක් මේ මාසය අවසන් වන විට ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවා. එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් පුරුත්ථාපන කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන නියෝජනය කරන උපදේශන නිලධාරීන්ගේ ඔබගේ සහාය අවශ්‍ය වෙනවා. උපදේශන නිලධාරීන් වන ඔබ විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් කටයුතු කරනවා. ඔබ සියලු දෙනා ඒකරාශි කිරීම මෙම වැඩමුළුවේ අරමුණයි. සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් මෙවැනි උපදේශන වැඩමුළු පවත්වනවා.

 අපේ මුලික අරමුණ මත්ද්‍රව්‍ය සැපයුම නවතා දැමීමයි. ඊට අමතරව මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධව දැනුවත් කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පුනරුත්ථාපනය වූ පුද්ගලයින් පිළිබඳ පසුවිපරම් ක්‍රියාවලිය අත්‍යවශයි. එම ක්‍රියාවලිය සිදු කිරීම උපදේශන නිලධාරීන් වන ඔබගේ වගකීමයි. ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මත්ද්‍රව්‍ය ගෙන්වන්න බෙදාහරින්න කිසිඳු අයෙකුට ඉඩ දෙන්නේ නැහැ.

පාතාලය වැඩි වශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් දෙක තුළ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වශයෙන් සිදු වන බව අනාවරණයි වී තිබෙනවා. මේ ව්‍යසනය රටේ ආර්ථිකයට මෙන්ම පවුල් සංස්ථාව බිඳ වැටීම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා. පාතාලය වැඩි වශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම හරහායි. දේශියව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ කටයුතු මේ වන විට සාර්ථකව සිදුවන බව කිව යුතුයි.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය වී සමාජ ගතවු පසු නැවතත් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙනවා නම් වැඩක් නැහැ. ලස්සන ජීවිතයක් මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක් ගොඩනැංවීමට මත් උවදුර තුරන් කළ යුතුයි . ඒ වෙනුවෙන් විශාල වගකීමක් ඔබට තිබෙනවා. මේ රජය මේ රටට: කුඩු, අයිස්, ඇතුළු මත්ද්‍රව්‍ය ගෙන්වීම මැඩපවත්වා රට තුළ සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා.''

ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ මධ්‍යස්ථාන 10ක්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පවතින පුනරුත්ථාපන කාර්යාංශය විසින් මත් උවදුර තුරන් කිරීමට විධිමත් වැඩපිළවෙළක් ආරම්භ කර ඇති බවත්, ඒ අනුව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ මධ්‍යස්ථාන 10ක් රට පුරා ස්ථාපිත කිරීමට නියමිත අතර, එහි පළමු මධ්‍යස්ථානය එළඹෙන 16 වැනිදා පොලොන්නරුව වැලිකන්ද සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා නිලානි අලුත්ගේ සහ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලුකා චාමලී පෙරේරා වැඩමුළුව අමතමින් දේශන පැවැත්වූහ.

සංස්කෘතික සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන  රුවන් මාපලගම, නිතිඥ උපුල් අබේවික්‍රම, පුනරුත්ථාපන කාර්යාංශ පාලක සභාවේ සභාපති, මහාචාර්ය වසන්තා සුභසිංහ  සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, බ්‍රිගේඩියර් එම්.එස්. අමිත් යන අය දවැඩමුළුව අමතමින් අදහස් පළ කළ අතර, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය, මහින්ද ජයසිංහ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  ප්‍රදීප් මධුරංග,  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඉන්දික වන්නිනායක යන අය ඇතුළු අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පුනරුත්ථාපන කාර්යාංශය, ගම්පහ අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලය  ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහි දී: පුනරුත්ථාපන කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විද්වත් කතිකාවක් ද පැවැත්විණි.

dty54654

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...