උපුටාගෙන AI තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූපයක් නිර්මාණය කර ඇයගේ සත්‍ය නාමයෙන් දුරකථන අංකයක් සමග වට්ස් ඇප්, ටෙලිග්‍රෑම් සමූහ ඇතුළු සමාජ මාධ්‍ය වෙත මුදා හැර වසර දෙකක් තිස්සේ ඇය ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් සමග ලිංගික ගනුදෙනු පිළිබඳව සංවාදයක් පවත්වාගෙන ගිය නීතිඥයෙක් අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගමගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූයේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 41701/01/25 ට අදාළව නීතීඥ කිංසි සඳුන් සංජීව යන අයගේ ක්‍රියාකලාපය නීතීඥ වෘත්තියට නුසුදුසු බවත්, ඒ පිළිබඳ තමන් විසින් ද නඩු වාර්තාවේ සටහනක් යොදන බවත්, අගතියට පත් පාර්ශවයට ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම ප්‍රකාශ කළේය.
AI තාක්ෂණය මගින් නිරුවත් ඡායාරූප ලෙස සකසලා

ඉහතකී සැකකාර නීතීඥවරයා විසින් විවෘත විශ්වවිද්‍යාලයේ තම කණ්ඩායමේ ම සහෝදර නීතීඥවරියකගේ මුහුණු පොතෙන් උපුටා ගත් ඡායාරූප AI තාක්ෂණය මගින් නිරුවත් ඡායාරූප ලෙස සකසා ඇගේ සත්‍ය නාමයෙන් දුරකතන අංකයක් ද සමග සමාජ ජාලවල සහ වට්ස් ඇප්, ටෙලිග්‍රෑම් සමූහවලට යොමුකර තිබුණි.
එමෙන්ම ඉහත කී දුරකතන අංකය සමග සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන අය සමග ද වසර දෙකක් පමණ තිස්සේ චැට් කරමින් තව තවත් විකෘති කළ නිරුවත් ඡායාරූප බෙදාගනිමින් සහ ලිංගික කතාබස්වල නිරත වෙමින් එම සංවාදවල තිර පිටපත් (Screen shots ) යළිත් ඉහත කී සමූහවලට යොමු කර ඇත.
පැමිණිලිකාරිය සිද්ධිය දන්නේ දෙවසරකට පසුව

පැමිණිලිකාර නීතීඥ වරියගේ මුහුණ සහ නම සහිත එකී පළකිරීම් සම්බන්ධව ඇය දැනගන්නේ වසර දෙකකට පමණ පසු එම ඡායාරූප සමාජමාධ්‍ය තුළ දැක තිබූ වෙනත් හිතවතුන්ගෙන් සහ ගනුදෙනුකරුවන් ලෙස තම සැබෑ මුහුණුපොත හරහා සම්බන්ධ වීමට උත්සාහා දරනා පුද්ගලයෙන්ගෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මගින් සිදු කරන ලද තාක්ෂණික විමර්ශනයකින් අනතුරුව 2025/10/03 දින අත් අඩංගුවට ගත් සැකකරු අධික දියවැඩියා රෝගයෙන් පෙළෙන බැවින් මෑතක ශල්‍යකර්මයකින් කකුලේ ඇඟිලි කීපයක් ඉවත් කර ඇති බැවින්, ඇප මත මුදාහැරිය ද අද දින නඩුව යළි කැඳවූ අවස්ථාවේ සැකකාර නීතීඥයාගේ ක්‍රියාකලාපය පිළිබඳ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් දැඩි දෝෂදර්ශනයට ලක් කරන ලදී;
2025/10/28 වන දින නඩුව යළි කැඳවීමට නියෝග කරඇත.
2025/10/28 වන දින නඩුව යළි කැඳවීමට නියෝග කරඇත.
අගතියට පත් නීතීඥවරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාලිය සමරසිංහ, නීතීඥ උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.