පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදාහරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.
සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.
සැකකරුගේ රෝගී තත්ත්වය, දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම සහ විමර්ශන බොහෝ ප්‍රමාණයක් අවසන් කර තිබීම යන කරුණු සලකා බලා ඇප නියම කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
සැකකරුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක්, ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස්ගත ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.
අත්අඩංගුවට ගත්තේ කුමන චෝදනාව යටතේ ද?
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතුව පැහැදිලි කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනයක් නිකුත් කර තිබිණි.
එහි මෙසේ සඳහන් විය.
'ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022.05.09 වන දින ඇති වූ ජනතා අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර, වන්දි ලබා ගැනීමෙන් දූෂණය නමැති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන් ම මෙම දේපළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳව 5(1) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් වන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.'
ඌවේ මහ ඇමති ධූරය සහ ඇමති ධූර හතරක් දැරූ බස්නායක නිලමේ
ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ 2009 – 2015 කාල සීමාවේ ඌව පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා ද වේ.
හිටපු කතානායක චමල් රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඥාති පුත්‍රයෙකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මොනරාගල දිස්ත්‍රික්කයෙන් 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අමාත්‍ය ධූර කිහිපයක් හොබවා තිබේ.
ඔහු වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු සහ අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2020 වසරේදී පත් කරනු ලැබී ය.
2021 වසරේ සිට 2022 අප්‍රේල් දක්වා ඔහුට කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය සහ සැපයුම් නියාමනය කිරීම සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු සහ අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි විය.
2022 වසරේ සිට 2024 දක්වා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2024 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ, ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ ය.




